Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

පෙරමඟට හමුවිය යුතු සුබ නිමිති

1 year ago 7 Min read
Subha.lk
ඔබට ගමනක් බිමනක් යනවිට නොයෙක් ආකාර මිනිසුන් හමුවිය හැකිය. විවිධ වූ සාමාන්ය ජනතාව පාරේ යති. එති. එබඳු සාමාන්ය පුද්ගලයින් අතර ඔබට වැඩිහිටියන්, පාන් බෙදන්නන්, පත්තර බෙදන්නන්, ලියුම් බෙදන්නන්, කෑම බීම ගෙන එන්නවුන්, සේසත් උඩුවියන් ගෙන එන්නවුන් සුබපල ගෙන දෙන්නේය. අශුභඵල ගෙන දෙන පෙරනිමිති ඇති පුරුෂයන් ගැන මෙසේ කියැවෙයි. දුසිල්වත් භික්ෂූන් වහන්සේ, වධකයින්, හේවා භටයින්, මහල්ලන්, රෝගීන්, ගොත ගසන්නන්, වැරහැලි ඇඳ ගත්තවුන් සුරා සොඬුන් ආදි වශයෙනි. ඉදිරියට හමුවිය යුතු කාන්තාවන් - ගමනක් යාමේදී පෙරමඟට හොඳ නිමිති සේ පි්රයවචන කතා කරන කෝමල ස්ත්රීන්, සුරූපි සුන්දර ස්ත්රීන්, රාග, මිත්ර කතා ඇති ස්ත්රීන්, සුරතල් දරුවන් වඩාගත් ස්ත්රීන්, මල්වර විස්තර ගෙනෙන ස්ත්රීන්, මී පැණි මිශ්ර විලඳ ගෙනෙන ස්ත්රීන්, රසවත් මී අඹ ගෙනෙන තරුණ ස්ත්රීන්, හොඳට පැසුණු දෙළුම් රැගෙන එන තරුණ ස්ත්රීන්, දික්වූ උක්දඬු ගෙනෙන තරුණ ස්ත්රීන්, වෙසඟනන්, නාටිකාංගනාවන්, යෙහෙළියන්, තම දූවරුන්, ගුරුවරියන්, කිරිමවුවරුන් රාජ කුමාරිකාවන්, මනාලියන්, කන්යාවියන්, ගැබ්බර මවුවරුන් ආදි වශයෙන් ගමනාරම්භයේදී ශුභඵල ගෙන දෙන ස්ත්රීන් ගැන සඳහන් වෙයි. හමුවිය යුතු පුරුෂයන් - ගමනාරම්භයේදී ශුභඵල ගෙන එන පුරුෂ පක්ෂය ගැන ද දැක්වේ. සිල්වත් ස්වාමින් වහන්සේ, බ්රාහ්මණයින්, යහළුවන්, රාජකුමාරවරුන්, පියාණන්, පුත්රයින්, ප්රභූන්, ගුරුවරුන්, දෛවඥයන්, ආදීහු එවැන්නෝය. සුබපල දෙන පුද්ගලයන් - ඔබට ගමනක් බිමනක් යනවිට නොයෙක් ආකාර මිනිසුන් හමුවිය හැකිය. විවිධ වූ සාමාන්ය ජනතාව පාරේ යති. එති. එබඳු සාමාන්ය පුද්ගලයින් අතර ඔබට වැඩිහිටියන්, පාන් බෙදන්නන්, පත්තර බෙදන්නන්, ලියුම් බෙදන්නන්, කෑම බීම ගෙන එන්නවුන්, සේසත් උඩුවියන් ගෙන එන්නවුන්, ඇදුම් පැලඳුම් ගෙන එන්නවුන්, කොඩි චාමර ගෙන එන්නවුන්, පොල්මලක් අතින් ගත්තවුන්, ඉදුණු කෙසෙල් ගෙඩි ගෙන එන්නවුන්, හොඳට ලස්සනට පිළිවෙළට ඇද පැලඳ ගත් ළමයින්, බොහොම සතුටු පී්රති වාක්ය කියමින් එන්නවුන්, මධුර ගී සින්දු කියමින් එන්නවුන්, සතුටුදායක සුබ පණිවුඩ ගෙන එන්නවුන්, පිරිසුදු සිත්ගත් දරුවන්, පාසල් යන ළමුන්, කිරි රැගෙන එන්නවුන්, මල් රැගෙන එන්නවුන්, පලතුරු රැගෙන එන්නවුන්, ලාභයක් පවසාගෙන එන්නවුන් ශුභඵල ගෙන දෙන්නේය. සුබපල දෙන සතුන් - ගමනාරම්භ කරන විට ඔබ ඉදිරිපිටට විවිධ සත්ත්වයින් හමුවිය හැකිය. ඔවුන් අතර යහපත් ප්රතිඵල උදාකර දෙන සතුන් ගැන නිමිති මෙලෙස දැක්වෙයි. බල්ලකු ඉදිරියට විත් දකුණු කලවය සිඹීම, නැතහොත් දකුණු අත සිඹීම, කපුටකු දකුණූ දෙසට මාරුවී යාම, සුදු කුකුළකුගේ පැමිණීම, පරවියකු දකුණු දෙසට මාරුවී යාම, එළුවන්, බැටළුවන්, ගවයින්, මුගටින් ආදි සතුන් හමුවීම, ඔබට හිතවත් ඔබට ආදරය පාමින් එන සුනඛයෝ, අලි ඇතුන්, අශ්වයින්, එළදෙනුන්, වසුපැටවුන්, වසුපැටවුන් සමඟ එන කිරිදෙනුන්, පැටියකු සමඟ එන වෙළඹ, රැහැනින් බැඳි ගොනුන්, මොනරුන්, හංසයින්, රාජාලියන් වැනි පක්ෂින් ආදි සත්ත්වයින් හමුවීම ඵලදායි නිමිති වේ. පෙරමඟට සුදුසු වස්තුන් - රන්, රිදී, මුතු, මැණික් ,ඇත්දත්, පුන්කළස්, මිල මුදල්, චාමර සේසත්, සඳුන් සුදුකුඩු, අගිල් දේවදාර, නෙළුම් මල්, සුදුමල්, සුදුබත්, මිහිරි අඹ, රාජවාහන අලංකාර වාහන, මී පැණී, මී පැණි ගැල්වූ විලඳ, ගණ්ධාර පොත්පත්, කෑම පිටි සහිත භාජන, නොවැහුරුණු පියයුරු කිරි, පිටුපසින් හමන මඳනල, තොරණ, සුවඳ වර්ග, සිත්කලු රූප, පලතුරු ගිතෙල්, බුලත්, පුවක්මල, ගෙඩි වර්ග, තිරිඟු බෝතල් පිරිසුදු රෙදි සිත සැහැල්ලු වන දර්ශන , බෙරහඬ, පිරිත්හඬ ආදිය සඳහන් වෙයි. මෙලෙස ශුභඵල ගෙන දෙන පෙරනිමිති ලෙස ස්ත්රීන් පුුරුෂයින්, සාමාන්ය පුද්ගලයින්, සත්ත්වයින් වස්තුන් ගැන දක්වන්නාක් මෙන් අශුභ ඵල ගෙන දෙන නිමිතිද එපරිද්දෙන්ම දක්වා ඇත. අශුභඵල ගෙන දෙන නිමිති - හඬමින් වැලපෙමින් එන ස්ත්රීන්, පරුෂ වචන කියමින් එන ස්ත්රීන්, දරුවන් හඬව හඬවා එන ස්ත්රීන් කෙස්වැටිය ලිහාගෙන එන ස්ත්රින්, වියළි දරමිටි හිසින් ගත් ස්ත්රින්, කළු හෝ නිල් හෝ රතු රෙදි ඇඳගත් ස්ත්රීන්, හිස් භාජන ගත් ස්ත්රීන්, උමතු ස්ත්රීන්, රෝගී ස්ත්රීන්, නපුංසක ස්ත්රීන්, වැරහැලි හැඳි ස්ත්රීන්, අංගවිකල ස්ත්රීන්, මන්දබුද්ධික ස්ත්රීන්, ඔසප්ව ඇති ස්ත්රීන්, වඳ ස්ත්රීන් කණවැන්දුම් ස්ත්රීන් ගැන කියැවේ. අශුභඵල ගෙන දෙන පෙරනිමිති ඇති පුරුෂයන් දුසිල්වත් භික්ෂූන් වහන්සේ, වධකයින්, හේවා භටයින්, මහල්ලන්, රෝගීන්, ගොත ගසන්නන්, වැරහැලි ඇඳ ගත්තවුන්, සුරා සොඬුන්, ආදි වශයෙනි. පෙරමඟට හමු නොවිය යුතු සාමාන්ය පුද්ගලයෝ - ලණු කඹ ගත්තවුන්, දුනු, කැති, පොරෝ ආදිය ගත්තවුන්, කබලක් ගත්තවුන්, මරණයත් තියාගෙන එන්නවුන්, අනේ අපොයි කියමින් එන්නවුන්, ණයට යමක් ඉල්ලාගෙන එන්නවුන්, තණකොළ ගෙන එන්නවුන්, කුසගින්නේ පෙළෙන්නවුන්, මරණ ගෙදරක යන්නවුන්, ජටාවක් ගසාගෙන එන්නවුන්, වෙද ගෙදරට යන්නවුන්, කට දෙකොනේ කෙළ බේරෙන්නවුන්, ඇඟිලි ගැට කඩමින් එන්නවුන්, ගල් මුල් ගසන්නවුන්, අත පිටි අතට බැඳ ගත්තවුන්, බඩ පපුව අතගාමින් එන්නවුන්, නඩුවක් කියාගෙන එන්නවුන්, භයට පත්වූවන්, හිස බූ ගා ගත්තවුන්, වංචාකාරයන්, බිහිරන්, චණ්ඩින්, මැරයන්, හරක් හොරුන්, ආදිහු වෙති. පෙරමඟට හමු නොවිය යුතු, අශුභ යයි අදහස් කරන සත්ත්වයින් ගැන ද නිමිති දක්වති. එම සතුන් අතර බල්ලකු ඉදිරිපිටට විත් වම් කලවය සිඹීම හෝ වම් අත සිඹීම, වම් දිශාවට කපුටකු මාරුවී යාම, බඩ ගා යන සතුන් පාර හරහා යාම, පරෙවියකු වම් දිශාවට මාරුවී යාම, කළු බල්ලන්, කළු ගවයන් හමුවීම, කොටළුවන්, ගව හිසක් හමුවීම, කබරයින් , ගැරඬි හමුවීම, කපුටන්, බල්ලන්, බළලුන් පොරකෑම, බල්ලන් මෙවුන්දම්හි යෙදීම, බළලුන් මෙවුන්දම්හි යෙදීම ගමනක් යනවිට ඉදිරියට හමුවුවහොත් අශුභ සේ පෙන්වති. පෙරමඟට ඉදිරියට හමුනොවිය යුතු වස්තුන් - ලණු කොහු, දර, හිසකෙස්, පිදුරු, මළමිනී, පාළුගෙවල්, තණකොළ, පොල්කටු, ගිනි තැබූ සොහොන්, කළු කුඩ, වැරහැලි, බිඳුණු භාජන , වමනය කර තිබූ බත්, හෙණවැදුණු ගස්, හිස්භාජන, අබ, දිය සිඳුණු ඇළ දොළ, කඩා වැටුණු ගස්, දහයියා කසළ, පොල්ලෙලි, ඇතුන් හුඹස්, දුනු ඊතල, පොරෝ ආදිය කැඩුණු වාහන, බොරදිය, කළුපාට රෙදි, රතු හෝ නිල් පාට රෙදි, පාට රෙදි, චණ්ඩ මාරුත, අහස ගොරවාලීම, තදින් විදුලිය කෙටීම, සතුන් මැරීමට ගන්නා උපකරණ ශුභ ඵල ගෙන නොදෙන වස්තුන්ය.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk