Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

සාර්ථක විවාහයකට ගැළපිය යුතුම පොරොන්දම්...

1 year ago 7 Min read
Subha.lk
දෙදෙනකු විවාහයක් සඳහා එළඹීමේදී මූලිකව පොරොන්දම් බැලීම අනිවාර්යනේම සිදු කරනු ලබයි. පොරොන්දම් බැලීමෙි විවිධ ක්රම රාශියකි. ඒ අතර සාම්ප්රදායික විවාහ විසි පොරොන්දමට සුවිශේෂි ස්ථානයක් හිමිවේ. එම සාම්ප්රදායික විවාහ පොරොන්දමේ විද්යාත්මක පැති කඩ පිළිබද සරල විග්රහයක යෙදීම මෙම ලිපියේ මූලික අරමුණයි. පොරොන්දම් බැලීමේ විවිධ ක්රම වේදයන් ඇත. එහෙත් අප රටේ විශාල වශයෙන් ප්රචලිත ව ඇත්තේ මෙම විසි පොරොන්දම වේ. එහි අංග 20ක් ඇති බැවින් එම නම අන්වර්ථ වේ. එසේ වුවද විසි පොරොන්දම ගැළපීමෙන් පමණක් නිවැරැදි තීරණයකට එළඹීමට නොහැකි බැව් පළපුරුදු ජ්යෝතිර්වේදීන්ගේ අදහස වේ. දෙදෙනාගේම ජන්ම පත්රවල ග්රහ ගැළපීමි මෙන්ම කුජ දෝෂ, ශනි මංගල දෝෂ, ඇතුළු තවත් කරුණු රාශියක් පිළිබද අවධානය යොමු කිරීමෙන් අනතුරුව ඒවා ගැළපෙනවා නම් පමණක් පොරොන්දම ගැළපීම සිදු කළ යුතුය. මෙම පොරොන්දම් විශ්ලේෂණය කිරීමෙිදී නිවැරදි තීරණයක් ගැනීමට හැකි වන අංශ මොනවා දැයි තෝරා බේරා ගැනීම අපහසු නොවේ. දැනට ප්රචලිතව ඇති තවත් පොරොන්දම් වර්ග කීපයක්ද පහතින් දක්වා ඇත. 1. විසි පොරොන්දම, 2. අෂ්ඨකූටය, 3. සුදර්ශන චක්රය (මෙය ග්රහ ගැළපීම සැසදීමකි), 4. ඒක දින පොරොන්දම, 5. දශ පොරොන්දම (මෙය විසි පොරොන්දමට අමතරව බලනු ලැබේ), විසි පොරොන්දමට අමතරව පොරොන්දම් 25ක් පමණ බලන ආය වර්ග පොරොන්දම, යෝගිනි පොරොන්දම, චන්ද්ර යෝග පොරොන්දම, යුජි වර්ග විභාගය, නක්ෂත්රාධිපති පොරොන්දම, අයවැය පොරොන්දම, ආදී විවිධ අංග නොයෙකුත් ගුරු කුල විසින් පරිශීලනය කරනු ලබන බැව් පෙනේ. කෙසේ වුවද අපට විසි පොරොන්දම, අෂ්ටකූටය, සුදර්ශන චක්රය යන අංග 3 භාවිතයෙන් ඉතාම නිවැරැදි අන්දමේ විවාහ පොරොන්දම් ගැළපීමේ තිරණයකට පැමිණිය හැකිය. අප දැන් සාම්ප්රදායික විවාහ පොරොන්දමෙි විද්යාත්මක පැති කඩ පිළිබද සරලව විමසා බලමු. --------විසි පොරොන්දම------- 1. නැකැත් පොරොන්දම - දෙදෙනාගේ පෞරුෂය සහ පවුලේ අත්යාවශ්යම අංග ගැළපේ දැයි බැලීම, 2. ගණ පොරොන්දම - පුද්ගලයාගේ ස්වාභාවය පරීක්ෂා කෙරේ, 3. මහේන්ද්ර පොරොන්දම - විවාහ දිවයේ ආයුෂ හා දරු සැප බැලේ, 4. ස්ත්රි දීර්ඝ පොරොන්දම - පුරුෂයාට ස්ත්රිය සතුටු කළ හැකි හෝ නොහැකි බව පරීක්ෂා කෙරේ, 5. යෝනි පොරොන්දම - ලිංගික ජීවිතයේ ගැළපීම පරීක්ෂා කෙරේ, 6. රාශි පොරොන්දම - අභ්යන්තර ගති පැවතුම් හා සිතුම් පැතුම් ගැළපේදැයි පරීක්ෂා කෙරේ, 7. රාශ්යාධිපති පොරොන්දම - දෙදෙනාගේ අදහස් උදහස් හා ජීවන ප්රතිපත්ති පරීක්ෂා කෙරේ, 8. වශ්ය පොරොන්දම - අන්යෝන්ය බැඳීම පරීක්ෂා කෙරේ, 9. රජ්ජු පොරොන්දම - කායික සම්බන්ධතා පරීක්ෂා කෙරේ, 10. වේධ පොරොන්දම - විවාහ ජීවිතයේ පළුදු ඇති නැති බව හා බාධක කම්කටුලු ඇති නැති බව පරීක්ෂා කෙරේ, 11.වෘක්ෂ පොරොන්දම - දෙදෙනාගේ කායික හා දරු ඵල පරීක්ෂා කෙරේ, 12.ආයුෂ පොරොන්දම - දෙදෙනාගේ ආයුෂ අඩු වැඩි බව පරීක්ෂා කෙරේ, 13.පක්ෂි පොරොන්දම - දෙදෙනාගේ විශ්වාසවන්ත බව හා මිත්රත්වය පරීක්ෂා කෙරේ, 14.භූත පොරොන්දම - තුන්දොස් ගැළපීම පරීක්ෂා කෙරේ, 15.ගෝත්ර පොරොන්දම - භූත පොරොන්දමට සමාන වේ, 16.වර්ණ පොරොන්දම - දෙදෙනා අතර පවතින හීන මානය හෝ අධිමානය පරීක්ෂා කෙරේ, 17.ලිංග පොරොන්දම - පුරුෂත්වය හා ස්ත්රීත්වය ප්රමුඛ හැසිරීම රටාව පරීක්ෂා කෙරේ, 18.නාඩි පොරොන්දම - දෙදෙනාගේ රුධිර තත්ත්වය හා ජාන පරීක්ෂා කෙරේ, 19.දින පොරොන්දම - ධනවත් වීම හා දියුණුව පරීක්ෂා කෙරේ, 20.ග්රහ පොරොන්දම - නැකැත් පරීක්ෂාව මෙන්ම දෙදෙනාගේ සමස්ත ගැළපීම පරීක්ෂා කෙරේ. මෙකී 20 පොරොන්දමට අයත් ගණ/යෝනි/වෘක්ෂ/ලිංග/නාඩි /පක්ෂි /ග්රෝත්ර/වර්ණ/රජ්ජු/භූත යන අංග 10 කෙනකුට ලැබෙනුයේ ඔහුගේ හෝ ඇයගේ ජම්ම කේන්ද්රයට අනුවය. කේන්ද්ර ගැළපුම පරීක්ෂා කෙරුමට භාජනය කරනු ලබන ස්ත්රි පුරුෂ දෙදෙනාම එකම තැනක උපත ලැබුවේ නම් දෙදෙනාම ඉහත කී අංග 10ට එක හා සමාන වේ. එබැවින් පොරොන්දම් ගැළපීමේදී ඉතා වැදගත්ම පොරොන්දම වන්නේ නැකැත් පොරොන්දමයි දෙදෙනාම එකම තැනක එකම පාදයක ඉපදි ඇතොත් එම දෙදෙනා විවාහයට නොගැළපේ. ඉතා අශුභයි. දෙදෙන එකම තැනක ඉපදි පුරුෂයා 1වන පාදයටත් ස්ත්රීය පසු පාදයකට අයත් වේ නම් සුබයි. දෙදෙනාගේම චන්ද්ර රාශිය එකක්ම වේ නම් ඉතාම සුබයි. එකම තැනක උපන් දෙදෙනාගේම තත්ත්වය මීට වඩා වෙනස් නම් අශුභ වේ. නමුත් චන්ද්ර රාශිය ගැළපීම හා ග්රහ පිහිටීම පරීක්ෂා කර බලා මධ්යම තත්ත්වයේ ගැළපීමක්ද යන්න සොයාගත හැකි අවස්ථාවන්ද පවතී. ස්ත්රී පුරුෂ දෙදෙනාගේම උපන් නැකත රෙහෙන/අද/පුෂ/මා/හත/සුවණ/උත්රපුටුප හෝ රේවතී යන නැකැත් නම් දෙදෙනා අවාහ විවාහ වීම ඉතා ශුභ යැයි කිව හැක. බෙරණ/අස්ලිය/පුවපල්/සා/විසා/දෙට/මුල/පුවසල/දෙනට/සියාවස හෝ පුවපුටුප නැකතක නම් අශුභ බවටත් ඉහත කී දෙවර්ගයට අයත් නොවන නැකැත් මධ්යස්ථ බවටත් මතයක් පවතී. තවදුරටත් එම මතයට අනුව පුරුෂයා පූර්ව පාදයක ද ස්ත්රීය පසු පාදයක ද වීමෙන් මධ්යම තත්ත්වයේ නැකතක් සුබ වීමටත් අශුභ නැකතක් මධ්යම තත්ත්වයටත් පත් වීමටත් හේතු වන බවක් පැවසේ. සුදර්ශන චක්රය - මෙමඟින් ස්ත්රි පුරුෂ කේන්ද්රවල නවග්රහයන්ගේ තත්ත්වයන් සහ ජන්ම අවස්ථාවන්වල සතුරු හෝ මිතුරු බව හා රාශි වශයෙන් පරීක්ෂා කර බැලීම මින් සිදුවේ. රවි ග්රහයාගෙන් දෙදෙනාගේ පෞරුෂයද, චන්ද්රයාගෙන් දෙදෙනාගේ රුචි අරුචි කමිද, කුජගෙන් දෙදෙනාගේ ආකර්ෂණය හා කාම ජිවිිතයද, බුධ ගෙන් දෙදෙනාගේ ඥාාන ශක්තිය ද, ගුරුගෙන් දෙදෙනාගේ ධාර්මිකභාවයද, සිකුරුගෙන් දෙදෙනාගේ කාලාත්මක වින්දනය හා රසඥාතාවයද, ශනි ගෙන් ශ්රමිකත්වයද, රාහුගෙන් සංචාරක රුචිය හා අදුර්දර්ශිව කටයුතුවල නියුතු වන ආකාරයද, කේතුගෙන් අලස භාවයද විග්රහ කර බැලේ. මෙය අන්යෝන්ය වශයෙන් පරීක්ෂා කර බැලීමකි. ඒ අනුව දෙදෙනාගේ එක් වීම හිතකර වේද අහිතකර වේද පිළිබඳ මෙමඟින් විමසා බැලේ. අෂ්ටකූට චක්රය - මෙමඟින් පොරොන්දම් 8 කට ලකුණු දී එම ලකුණුවල එකතුව පරීක්ෂා කරනු ලැබේ. අෂ්ට කූට චක්රයට හිමි මුළු ලකුණු ප්රමාණය 36කි. ඉන් සියයට 50 කට වැඩියෙන් ලැබුණොත් සුබදායක වේ. පොරොන්දමක් මධ්යම වූ විට ලකුණු භාගයකි. 1. නාඩි පොරොන්දම ලකුණු 8 , 2. රාශි පොරොන්දම ලකුණු 7 , 3. ගණ පොරොන්දම ලකුණු 6 , 4. රශ්යාධිපති පොරොන්දම ලකුණු 5 , 5. යෝනි පොරොන්දම ලකුණු 4 , 6. නැකැත් පොරොන්දම ලකුණු 3 , 7. වශ්ය පොරොන්දම ලකුණු 2 , 8. වර්ණ පොරොන්දම ලකුණු 1 , ඉහත සඳහන් විසි පොරොන්දම, අෂ්ටකූටය,හා සුදර්ශන චක්රය (මෙය ග්රහ ගැළපීම සැසදීමකි) ප්රධාන ක්රම තුන අනුගමනය මඟින් විද්යාත්මක පොරොන්දමි පරීක්ෂාවක් තුළින් සාර්ථක විවාහ දිවියක් අපේක්ෂා කළ හැකිය

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk