Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

දරුපල සිහිනය කේන්දරයෙන් බලා ගන්න.

1 year ago 7 Min read
Subha.lk
පොරොන්දම් පරීක්ෂාවේදී දරුපල විමසීම සඳහා නාඩි පොරොන්දම හා වෘක්ෂ පොරොන්දම ප්රධානත්වයක් ගනු ලබයි. ලග්න කේන්දර සටහන් දෙකෙන් ද දරුපල ඇති අයෙක් ද විමසා බලන අතර, වෘක්ෂ පොරොන්දමෙන් දෙදෙනා කිරි වෘක්ෂ වීමත්, ස්ත්රිය කිරි වෘක්ෂයක් වී පුරුෂයා හර වෘක්ෂයක් වූ විට දරුපල හිමිකම් ඇති යුවළක් බව පෙන්නුම් කරයි. ස්ත්රිය හර වෘක්ෂයක් වී පුරුෂයා කිරිවෘක්ෂ යක් වූ විට දරුපල මධ්යම බවත්, දෙදෙනාම හර වෘක්ෂ වූ විට දරුපල අහිමිවීමට ඉඩ ඇති බවත් තහවුරු කරයි. නාඩි පොරොන්දමෙන් බලනු ලබන්නේ දෙදෙනාගේ නහර ශක්තියයි. දෙදෙනාම නාඩි දෙකක වීම සුබ වන අතර එසේ වූ විට උපදින දරුවන් නිරෝගි වනු ඇත. ප්රධාන වශයෙන් ලග්න කේන්දරයේ දරුපල බලන්නේ පස්වැන්නෙන්,පස්වැන්න අධිපති ග්රහයා තැන්පත් වී සිටින භාවය අනුව දරු සම්පත් ඇත් ද? නැද්ද? යන්න සොයා බැලීමට පුළුවන. පස්වැන්න අධිපතියා ලග්න කේන්දරයේ 6, 8, 12 යන ස්ථානවල දුර්වලව තැන්පත් වී ඇත්නම් දරුපල අඩුය. පස්වැන්න අධිපති 1, 4, 7, 10 ස්ථානයක හෝ 5, 9 යන ත්රිකෝණ ස්ථානයක බලවත්ව සිටියහොත් දරුපල හිමිකරයි. සුබ ග්රහයන් ලෙස ගණන් ගැනෙන ගුරු, සිකුරු, සඳු 5 වැන්නේ බලවත්ව පිහිටියේ නම් බොහෝ දරුවන් ලැබීමේ වාසනාව උදාකරයි. 5 වැන්න අධිපති රාහු, කේතු, කුප් වැනි ග්රහයන් සමඟ 05 වැන්නේ තැන්පත් වුවහොත් දරුපල අඩු කරයි. එමෙන්ම 6, 8, 12 වැනි ස්ථානයක තැන්පත් වීමද, දරුපල හීන කරන ලක්ෂණයකි. 5 වැන්න අධිපතිව සිටින රාශි අධිපතියා අශුභ ග්රහයෙක් නම් එයින් ද, දරුපල අවම වනු ඇත. 22 වැනි දෙර්කාණාධිපති ග්රහයා 5 වැන්නේ තැන්පත් වීම ද, 22 වැනි දෙර්කාණාධිපති ග්රහයන්ගේ දෘෂ්ටියට 5 වැන්න ලක්වීම ද, පස්වැන්න අධිපති 22 වැනි දෙර්කාණාධිපති වීම ද දරුපල කෙරෙහි අහිතකර බලපෑම් ඇති කරයි. ග්රහ දෘෂ්ටිද දරුපල සඳහා බලපාන තවත් සාධකයකි. 5 වැන්නට වැටෙන අසුබ ග්රහයන්ගේ දෘෂ්ටිය මෙන්ම 5 වැන්නාධිපති 6, 8, 12 අධිපතීන් සමඟ සංයෝග වීමද, දරුපල අඩුවීම කෙරෙහි බලපාන සාධකයක් බව කිව හැකියි. ගුරු ග්රහයා බලවත්ව කේන්දරයේ 1, 4, 5, 9, 10 යන ස්ථානයක තැන්පත් වීම, උසස් බුද්ධිමත්, සමාජයේ කැපී පෙනෙන දරුවන් ලැබීමට යහපත් වන අතර, එම ගුරු නීචව හෝ සතුරුව එම ස්ථානයක තැන්පත් වුවත්හොත් දරුපල අඩුයි. එසේම ගුරු ග්රහයා පාප දෘෂ්ටිවලට ලක්ව සිටීම දරුවන් නොලැබීමට හේතු වේ. ජන්ම පත්රයේ 11 වැන්නේ රවි, කුජ, ශනි, රාහු, කේතු යන ග්රහයන් තැන්පත් වී සප්තම දෘෂ්ටියෙන් පස්වැන්න පෙනේ නම් එය දරුපල අඩු වීමට හේතු වේ. පස්වැන්නෙන් අටවැන්න වන දොළොස්වැන්න දුර්වලවවීමත්, එහි සතුරු ග්රහයන් තැන්පත් වීමත්, දරුපල අහිමිවීමට තවත් හේතුවකි. අධික උෂ්ණ සහිතව කාන්තාවකගේ ගර්භාෂයේ පිහිටන දරුවන් ගබ්සාවීම්වලට මෙන්ම විනාශ වීමටත්, එම උෂ්ණ තත්ත්වය බලපාන අතර, දරුසම්පත් පිහිටීමේ ප්රවණතාවය අඩු වීමට ද හේතුවෙයි. මෙවැනි අය අධික උෂ්ණාධික ආහාර ගැනීමෙන් වැළැකී සිටීම ඉතාම යහපත් වන අතර, ඒ තත්ත්වය මඟහරවා ගැනීමට වෛද්ය උපදෙස් ගැනීමෙන් ඔබට සුබදායක තත්ත්වයක් උදාකරගත හැකි යි. ස්ත්රී කේන්දරයක මෙන්ම පුරුෂ කේන්දරවලද දරුපල නොමැති අවස්ථා ඇති අතර, සෙනසුරු ග්රහයාගේ නැකතක, අඟහරු ග්රහයා තැන්පත්වීම දරුපල අහිමිවීමට හේතුවෙයි. හයවැන්න වූ කටකයේ වෘශ්චික, මීන යන රාශියක කුජ, ශනි යෝගව සිටීමද දරු සම්පත්වලට යහපත් නොවන පිහිටීමකි. හත්වැන්න, වෘෂභ, තුලා, මකර, කුම්භ යන රාශියක් වී එහි කේතු ග්රහයා දුර්වලව සිටින ස්ත්රී පුරුෂ දෙපක්ෂයටම දරුවන් නොලැබීමට වාසනාව නොමැති වන්නේ ලිංගික ශක්තිය දුර්වල වීමයි. කන්යා ලග්න හිමියන්ගේ හත්වැන්න අධිපති ගුරු හා අටවැන්න අධිපති කුජ යන ග්රහයන් පරිවර්තනය වී සිටීමද, දරුපල අහිමි වීමට බලපාන තවත් කරුණකි. ලග්නය තුලාව වී රවි එහි සිටියදී මේෂ රාශිය හත්වැන්න වී ශනි ඇත්නම් එයද දරුපල නොමැති වීමට හේතු වෙයි. කාන්තා ජන්ම පත්රයක කුජ හෝ රාහු හෝ දුර්වලව සිටීම 22 වැනි දෙර්කාණාධිපති අසුබ දෘෂ්ටි සහිතව සිටීම ගබ්සා වීම් වලට හේතුවෙයි. රවි, කුජ, රාහු එකට පස්වැන්නේ සිටීමද, දරුපල වලට අහිතකර බලපෑම් ඇති කරයි. පස්වැන්න අධිපති අව සඳු වී රාහු සමඟ අටවැන්නේ සිටියදී ශනිගේ හා කේතුගේ දෘෂ්ටියට ලක්වීමද දරුපල සඳහා තත්ත්වයක් උදාකරයි. ගර්භයෙහි දරුවකු පිළිසිඳ ගැනීමට කාලවකවානු ඇති අතර, පුරුෂයාගේ උපචය රාශි වලට පැමිණි රවි, සිකුරු දෙදෙනා තමන්ගේම නවාංශකයකට පැමිණෙන කාලයද, ගුරු ග්රහයා 1, 5, 9 යන ත්රිකෝණයෙහි සිටීම නිසාද දරු ගැබක් හටගනී. එමෙන්ම සඳු කුජ දෙදෙනා ස්ත්රියකගේ උපචය රාශීන්ට පැමිණ තමන්ගේම නවාංශකයේ සිටී නම් දරු පිළිසිඳ ගැනීමට හේතුය. මෙහිදී කුසල ශක්තිය ද මේ සඳහා බලපාන අතර, සංසාරික වශයෙන් පිළිසිඳ ගැනීමකට එම ජීවියා හා මවුපියන් අතර, සම්බන්ධයක් පැවතීමද දරුපල ලැබීමේ භාග්යයට හේතුවනු ඇත.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk