Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

යෝගවලින් රෝගවලට ස්වාභාවික සුවයක්

1 year ago 7 Min read
Subha.lk
“රෝගයක් කියන්නේ, අපගේ ගතත් – සිතත් පීඩාවට, වේදනාවට පත් කරන, එදිනෙදා ජීවිතය අවුල් කරන ගැටලුකාරී තත්ත්වයක්.” “ප්‍රතිකාර ක්‍රමයක් කියන්නේ, එම ගැටලුවලට විසදුම් සොයනා විද්‍යාත්මක ක්‍රමවේදයක්.” නවීන විද්‍යාවේ දියුණුවත් සමඟම ප්‍රතිකාර සපයන්නන් අතරට, – බටහිර වෛද්‍යවරුන්, – හෙද හෙදියන්ට, – ඔෟෂධවේදීන්ට ලොව සෑම රටකම තිබෙන්නේ ඉතාම ඉහළ පිළිගැනීමක්, පසුගිය දශකය තුළ “වෛද්ය දීපක් චොප්රා” නම් ඉන්දීය වෛද්‍යවරයකු mind – body – medicine නම් නව ප්‍රතිකාර ක්‍රමවේදයක් ඇමරිකාවට හදුන්වා දෙනු ලැබුවා. එතුමා එම ක්‍රමවේදය නිර්මාණය කරනු ලැබුවේ බටහිර වෛද්ය විද්‍යාව, පාරම්පරික ඉන්දීය ආයුර්වේදය, යෝග සහ භාවනා, ක්රම සම්මිශ්රණය කරමින්. ඒ සමඟම ආයුර්වේදය, යෝග වැනි සාම්ප්‍රදායික සුව කිරීමේ ක්‍රමවේද ගැන ලොව පුරා විශාල උනන්දුවක් ඇති වූවා. මේ වනවිට යෝග, ආයුර්වේද, රේකී, ප්‍රාණික් හීලිං වැනි සුව කිරීමේ ක්‍රමවේද සම්බන්ධයෙන් ලොව පුරා දැන් දැන් පිරිස් එකතු වන්නේ රැල්ලකට වගෙයි. රැල්ලක් වුණත් ඒක හොඳ ප්‍රවණතාවක්. ඔබත් කිසියම් ශාරීරික හෝ මානසික ගැටලුවලින් පසුවන කෙනෙක්ද? සුදුසුකම් ඇති යෝග උපදේශකවරයකු වාගේම, පුහුණු කරන්නකු (සුව කරන්නකු) ලෙස මා ඔබට මෙම අවවාදය දෙන්නෙ. “ඔබට තිබෙන ශාරීරික හා මානසික ගැටලුවලට අදාළව නිවැරැදි බටහිර වෛද්ය පරීක්ෂාවක් කරවා ගන්න. ඉන්පසුව සුදුසුකම් ඇති විශේෂඥ වෛද්ය ප්‍රතිකාර ලබන අතර, විෂය ගැන නිවැරැදි දැනුමක් ඇති යෝගා පුහුණු කරන්නකු මුණගැසෙන්න. ඔබ මුණගැසෙන යෝග ගුරුවරයා හෝ සුව කරන්නාගෙන් ඔවුන්ගේ සුදුසුකම් හා ක්ෂේත්‍රයේ පළපුරුදු කාලය ගැන නොබියව විමසන්න. ඉන්පසුව යෝග ප්‍රතිිකාර හා හීලිං (විශ්ව ශක්ති) සුව කිරීම්වලට යොමුවන්න.” එවිට ඔබට, – ඔබ සතු සැබෑ ගැටලු සඳහා හොඳ විද්‍යාත්මක අවබෝධයක් තිබෙනවා. – වෛද්‍යවරුන්ගෙන් ලැබෙන ඔෟෂධ ප්‍රතිකාරවලට අමතරව, එදිනෙදා ජීවිතයේ වැරදි නිවැරදි කර ගැනීමට (උදා:- ආහාර විහරණ රටාව, නිවැරදි ඉරියව්, ශාරීරික මානසික ඉහිල්බව සම්බන්ධ ගැටලු) හැකියාව ලැබෙනවා. – දිගින් දිගටම රසායනික ඔෟෂධ ගැනීමෙන් සිදුවන අතුරු ආබාධවලින් වැළකීමටත්, – වංචනික පුද්ගලයන්ට මුළා වීමෙන් වැළකීමට හැකියාව ලැබෙනවා. බටහිර වෛද්ය ක්‍රමයේදීත්, විද්‍යාත්මක වූ යෝග තෙරපි ක්‍රමයක් ඔස්සේත් අපි අංශ 3ක් ඔස්සේ ගැටලු ඇති අයට පිහිට වෙනව. ඒ නම්, Prevention – (ගැටලු / රෝග වළකා ගැනීම) Cure – (සුව කිරීම) Control – (ගැටලු/රෝග පාලනය කිරීම) ඔස්සේයි. එහෙත් යෝග හා ස්වාභාවික සුව කිරීම්වල වෙනසකුත් තිබෙනවා. එනම්, බටහිර විද්‍යාවේදී රෝග ලක්ෂණ සඳහා බොහෝවිට ප්‍රතිකාර සැලසුම් වෙනවා. “යෝග ප්‍රතිකාර ක්රම” සැලසුම් වන්නේ ඔබගේ ශරීරයට, මනසට සහ ආධ්‍යාත්මයට එක්වර ප්‍රතිකාර කිරීමටයි. උදා:- සරල යෝගාසන ක්‍රමවලින් හෝර්මෝන ශ්‍රාවී ග්‍රන්ථි, ඇතුළු ශාරීරික පද්ධතීන්ගේ නිරවුල් බව ඇති කිරීම. ප්‍රාණයාම ක්රම (yogic breathing) මඟින් ඔබගේ ශක්ති මට්ටම ඉහළ නැංවීම. ඉහිලන ක්රම (Relaxation therapy) මඟින් ශරීරයට, මනසට හොඳ විවේකයක් ලබදීම. ප්‍රතිශක්තිය දියුණු කිරීම. කර්ම පවිත්ර කරන ආධ්‍යාත්මික ක්‍රියාකාරකම් විශ්වශක්ති සම්ප්‍රේෂණය කිරීමෙන් චක්‍රා, නාඩි සහ ඕරාව බලවත් කිරීම දක්වන්නට පුළුවන්

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk