Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

ග්‍රහ දොස් මෙන්ම නිවෙසේ, ඉඩමේ දෝෂ නසා ශ්‍රියාව සම්පත ගෙන එන බලවත් සෙත් කවි

1 year ago 7 Min read
Subha.lk
සිංහල බෞද්ධයා සෙත් කවිය අද – ඊයේ පමණක් භාවිතයට ගත් දෙයක් නොවේ. ගැටලුවක්, කරදරයක් මතු වුණු සෑම මොහොතකම පාහේ ඔවුහු සෙත් කවි භාවිතයට හුරු වී සිටියහ. අදටත් මෙහි අඩුවීමක් දක්නට නොමැත. සෙත් කවිය වනාහි ශාස්ත්‍රීය මට්ටමින් සාරවත්ව සූදානම් කරද්දී බොහෝ කරුණු කාරණා කෙරේ අවධානයක් යොමු කරමින් සැකසිය යුත්තකි. මෙහි නියම සාරයද පවතිනා අයුරිනුත්, ගැටලුවට නිත්ය විසඳුම් ගෙනෙන අයුරිනුත් සෙත් කවිය නිර්මාණය කරන්නා සූදානම් කරන්නේ නම් එම සෙත් කවිය භාවිත කරන මොහොතේදීම පවා උතුම් පල උදාකර ගන්නට බලවත් හැකියාව පවතිනු ඇත. ප්‍රායෝගිකව නිවෙස්වල ජන්මීන්ගේ මතුවන උච්ච ග්රහ දොස්, වා – පිත් – සෙම් කුපිත වීමෙන් හට ගන්නා රෝග තත්ත්වයන් මෙන්ම වෙනත් ඕනෑම රෝග තත්ත්වයකදී වුවද සෙත් කවි භාවිතය සිදු වනු ලබයි. නිවැරදි අක්ෂර විලාසය සහිතව සහ නිසි ගණ පිහිටුවා සකසන සෙත් කවි දිවියට උතුම් පල උදා කරයි. රෝ – දුක් සමනය කරයි. අද මෙමඟින් ඔබට නිවසේ හෝ ඔබගේ පවතිනා සියලු දෝෂයන් දුරුව සෙත සැලසෙන අයුරින් දිවියට ළං කර ගත හැකි සෙත් කවි කිහිපයක් මෙසේ ගෙන එමි. මෙම බලවත් සෙත් කවි උදේ සවස අබ තෙල් පහනක් දල්වා දෙඅත් මත තබා ගනිමින් නැඟෙනහිර දිශාව බලා නිවැරදිව සජ්ජායනය සිදු කරන්න. මනස නිදහස් කොට ගනිමින් වෙනත් සියලු මානසික තත්ත්වයන් පසෙකින් තබා මෙම කටයුත්තට පෙළ ගැසෙන්න. ඊට පෙරාතුව නිවෙස තුළ බුදුන්ට මල් පහන් පුදා ආශීර්වාද ලබා ගන්නටද අමතක කරන්න එපා. ”අසූ හාරදහස් යොදුන් උස තියාපු අසුර එදා අරහත් සිරිපා යුග මුල බැදි නර කර රැඳි නිබදා සුගත දෙසූ දස දහමට තිස්ස කියා ඔහු වැන්දා…… නමෝ කියන බුදු ගුණයෙන් ඔබට වේය සෙත් මංගල සිව් පූර්ව නිමිත්ත දැක මහන වෙන්න නික්මුණු කළ චන්න ඇමැති හට වදාළ අසු ගෙනවයි නියෝග කළ…… රන් කඩුවෙන් දොර අරවා මුහුණ බැලූවයි රාහුල එඅනුහසින් දොස් රුවී ඔබට වේය සෙත් මංගල පේය සිතට සිල් රැක ලෝ මෙතුන් ලොවට බුදු වුණු කළ…. යාව තුසිත පුර දෙවියෝ හැමදාටම මුණි වටමය දේව පිරිස සමඟ රහත් පන්සියයට දහම් විපුල එඅනුහසින් දොස් දුරුවී ඔබට වේය සෙත් මංගල…….. ගේ ගෙවැදුම් නැකැත් දෝෂ මල්වර නැකැතින් වුණු කළ නිතර කරයි අඩ දබරය ධන හා නිධ වෙයි නිකසළ වත්ත හතරකොණ කඩුල්ල සතුරා කළ විණ සියල්ල භංග වෙමින් මහ පොළොවට ඔබට වේය සෙත් මංගල”……….. නිවෙසේ සියලු දෙනා හෝ තමා වෙනුවෙන්, දරුවන් වෙනුවෙන් සිදු කරන්නේ නම් සෙත් කවියට හානියක් නොවන අයුරින් සිවුවන පදයේ ඔබට යන තැනට අපට යනුවෙන් යොදා ගන්න. මෙම සෙත් කවි භාවිතයෙන් පසුව නිවෙස තුළ හොඳින් සුවඳ දුම් අල්ලන්න. එම දුම් නිවෙසේ ඉහළ වා කවුළු අතරින් පිටතට ගලා යන ආකාරයෙන් ඇල්ලීම සිදු කරන්න. මෙසේ සති තුනක් පමණ සිදු කිරීමෙන් ඔබ තුළත්, නිවෙස තුළත් පවතිනා බොහෝ කායික මෙන්ම මානසික පීඩාවන්ද දුරුව බලාපොරොත්තු සියලු ප්‍රාර්ථනාවන් සුමටව ඉටු කර ගන්නට හැකියාව පවතිනු ඇත. එමෙන්ම මෙතෙක් ගිලිහී ගිය ධනෝපායන මාර්ග නැවත එළිපෙහෙළි වී ශ්‍රියාව සම්පත ළං කර ගන්නටත් බලවත් හැකියාව උදා වනු ඇත. ඔබට උතුම් තුන් රුවනේ ආශීර්වාදය ලැබේවා!

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk