Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

විවාහයට බාධාවන ග්‍රහ පිහිටීම්

1 year ago 7 Min read
Subha.lk
විවාහයට බාධාවන ග්රහ පිහිටීම් අතර කුජ ග්රහයා 7 වැන්නේ 8 වැන්නේ පිහිටීම ප්රමුඛතාවක් ගන්නා අතර දෙවැනි ග්රහ පිහිටීම වන්නේ ශනි මංගල දෝෂයයි. කුජ ග්රහයා ලග්නයේ සිටීම හා දෙවැන්න, හතරවැන්න, ෙදාළොස්වැන්න ආදී ස්ථානවල පිහිටීම්ද විවාහ දෝෂ වේ. හත අධිපති ග්‍රහයා 22 දෙර්කාණාධිපති වීමද, විවාහ කාරක ග්‍රහයා වන සිකුරු 22 දෙර්කාණාධිපතියා වීමද, හත අධිපති ග්‍රහයා 22 දෙර්කාණාධිපතියාට සංයෝග වීමද විවාහයක් කලට වේලාවට ඉටු නොවීමට හේතු වනු ඇත. ඒ සමඟම රාහු, කේතු, සෙනසුරු වැනි ග්‍රහයන් හත්වැන්නේ පිහිටීමද විවාහයක් ඉටුනොවීමට හේතු වනු ඇත. විවාහය සම්බන්ධ කටයුතුවලදී රවි ග්‍රහයාද අසුබ ග්‍රහයෙක් ලෙස හඳුන්වන අතර රවි ග්‍රහයා 7 වැන්නේ වීමද විවාහයක් ඉටු නොවීමට හේතු වනු ඇත. මේ සියලු දෙයට කර්මය මුල්වන අතර පෙර භවයන්හිදී හැඟීම්වලට මුල්තැනදී අයුතු විවාහ සබඳතා පැවැත්වීම එයට හේතුවන අතර අන් අයගේ විවාහ බිඳ දැමීමට කටයුතු කිරීමද ඊට හේතු වී ඇත. මෙම විවාහ දෝෂයකට සමාන දෝෂ ඇති කේන්දර හිමි කේන්දරයක් සොයා විවාහ වීම වඩාත් වැදගත්වේ. විවාහය වයස ඉක්මවා යනතුරු ඉටුනොවීමද බොහෝ තරුණ තරුණියන්ට සිත් තැවුල් ඇති කරන කරුණක් වී ඇත. විවාහ පමාවී ඉටුවීමෙන් දරුපල නොලැබීයෑමද මූලික ප්‍රධානම ප්‍රතිඵලය වනු ඇත. විවාහයකින් පසුව එය පවත්වාගෙන යෑමට දරුවන් සිටීම වඩා වැදගත්වේ. බොහෝවිට විවාහ ජීවිතයේදී ඇතිවන කලකිරීම්, හිත් රිදවීම්වලදී දරුවන් සිටී නම් දරුවන් ගැන සිතා විවාහය රැක ගැනීමට උත්සාහ ගැනීම දරුවන් නොමැතිවිට ඉක්මනින් විවාහයෙන් වෙන්වීමට සිතීමද බොහෝ විට සිදුවනු ඇත. විවාහ දෝෂ ඇතිව එය සලකා විවාහ වුවත් පංචශීලය සුරැකීම විවාහය දීර්ඝකාලීනව පවත්වා ගැනීමට හේතු වනු ඇත. ඉහත ආත්මවල කරන ලද අකුසල කර්මවල විපාක විඳින්නට සිදුවීම කෙසේවත් වළක්වාගත නොහැකි බැවින් තමා කර්මය සහ ඵලය පිළිබඳ අවබෝධය ලබාගත් දින සිටවත් පව් කිරීමෙන් වැළකීම නුවණට හුරු ක්‍රියාවකි.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk