Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

දේහ ලක්‍ෂණ විද්‍යාවේ ඉතිහාසය

1 year ago 7 Min read
Subha.lk
දේහ ලක්ෂණ විද්යාව ඉතා ඈත අතීතයේ සිට පැවත එන්නකි. පැරණි මූලාශ්රවලට අනුව ජ්යොතිෂ් ශාස්ත්රයටත් වඩා දේහ ලක්ෂණ විද්යාව පැරණි බවට සාක්ෂි ඇත. අග්නි පුරාණයේ මෙන්ම ගරුඩ පුරාණයේද දේහ ලක්ෂණ විද්යාව ගැන සඳහන් වේ. එසේම ස්කන්ධ පුරාණයේද ස්කන්ධ දේවතාවා විසින් නාරද ඍෂි තුමන් හමුවේ ස්ත්රී අංග ලක්ෂණ සම්බන්ධව කළ සාකච්ඡාවක තොරතුරු අන්තර්ගත වේ. දේහ ලක්ෂණ විද්යාව හෙවත් අංග ලක්ෂණ විද්යාව උගත් බුද්ධිමතුන් අතරේ තිබූ ශාස්ත්රයකි. වර්තමානය වනවිට මෙම ශාස්ත්රය ගුරු මුෂ්ටි වශයෙන් බොහෝ දුරට වැළලී ගොස්ය. පුරාණයේ මෙම ශාස්ත්රයට ඉහළ පිළිගැනීමක් හිමි විය. දේහ ලක්ෂණ විද්යාව සම්බන්ධව ලියැවුණු පැරණි පුස්කොළ පොත් අදටත් පුරාණ විහාරස්ථාන සතුව පවතී. එනිසාම අතීතයේ විසූ උගත් ධර්මධර විනයධර භික්ෂූන් වහන්සේලා මෙම ශාස්ත්රය හොඳින් දැන සිටියහ. අදටත් බොහෝ උගත් භික්ෂූන් වහන්සේලා ගත ලකුණු බැලීමේ හැකියාවෙන් පොහොසත්ය. මනුෂ්යයන් හට ශුභ හෝ අශුභ දේහ ලක්ෂණ හිමි වනුයේ පෙර ආත්මභාවවල සිදුකළ කුසලාකුසල කර්මයනට අනුරූපවය. මෙම ශුභ අශුභ ගත ලකුණු විග්රහ කිරීම තුළින් පුද්ගල චරිත ලක්ෂණ, ගතිගුණ අනාවරණය කරගත හැක. එපමණක් නොව බොහෝ විස්මිත අනාවැකිද ප්රකාශ කළ හැක. දේහ ලක්ෂණ විද්යාවේ පදනම වෙනසයි. වෙනස සාපේක්ෂය. පුද්ගලයාගේ මසැසට ගෝචර වන මෙම වෙනස මත දේහ ලක්ෂණ විග්රහ කෙරේ. මෙහිදී එක් දේහ ලක්ෂණයකින් ප්රකට වන දෙය තව දේහ ලක්ෂණයකින් නිෂේධනය විය හැක. එනිසා දේහ ලක්ෂණයක් දුටු පමණින් හොඳින් නොවිමසා අනාවැකි නොපැවසිය යුතුය. දේහ ලක්ෂණ විද්යාවත් ජ්යොතිෂයත් අනාවැකි කීමේ විද්යාවත් එකිනෙක බැඳී පවතී. අද වනවිට ජ්යොතිෂයත්, හස්ත රේඛා ශාස්ත්රයත්, දේහ ලක්ෂණ විද්යාව හා ධ්වනි මුඛ ශාස්ත්රය අභිබවා ඉදිරියට පැමිණ ඇත. එසේ වීමට හේතුව ගුරු මුෂ්ටි වශයෙන් උක්ත ශාස්ත්ර දෙක යටපත් වීමයි. කෙසේ වෙතත් ජ්යොතිෂය හැරුණු කළ ඉහත සඳහන් සෙසු ශාස්ත්ර සියල්ල අයත් වන්නේ දේහ ලක්ෂණ විද්යාවටය. ජ්යොතිෂයේදී යම් අතපසුවීමකින් සුළු හෝ වරදක් සිදුවීමට ඉඩකඩ තිබුණ ද දේහ ලක්ෂණ විද්යාව තුළ එවැන්නක් සිදුවීමට ඉඩකඩ නොමැත. එය එසේ වනුයේ කිසිවකුට දේහ ලක්ෂණ මෙන්ම හස්ත රේඛා වෙනස් කළ නොහැකි බැවිනි. එනිසා ජ්යොතිෂයත් හස්ත රේඛා ශාස්ත්රයත් දේහ ලක්ෂණ විද්යාවත් ක්රමානුකූලව නිවැරදිව උගත් කල පලාපල කථනය ඉතා සාර්ථකව සිදුකළ හැක. මේ නිසා අනාවකි වැරදීමේ සම්භාවිතාව අවම වේ. තවද ජ්යොතිෂයෙන් ප්රකාශ කළ හැකි අනාවැකි එලෙසම දේහ ලක්ෂණ විද්යාව තුළින් සනාථ කළ හැක. ජන්ම පත්රයේ පවතින යෝග, අත්ලේ පිහිටීම මේ බව සනාථ කිරීමට කදිම නිදසුනකි. සාමාන්යයෙන් දේහ ලක්ෂණ විද්යාව ස්ත්රී දේහ ලක්ෂණ හා පුරුෂ දේහ ලක්ෂණ ලෙස වර්ග කෙරේ. මෙයට අතිරේකව නපුංසක දේහ ලක්ෂණ සම්බන්ධව ද පැරණි පොත පතෙහි සඳහන් වේ. කෙසේ වෙතත් දේහ ලක්ෂණ විද්යාවේදී ස්ත්රී දේහ ලක්ෂණවලට මුල් තැනක් හිමිවේ. අප ගෞතම බුදුන් වහන්සේ උපත ලබන විටද දේහ ලක්ෂණ විද්යාව ජ්යොතිෂය අභිබවා ඉන්දියාව පුරා ඉතා ප්රචලිතව පැවතුණි. සිදුහත් කුමරුන්ගේ උපත සිදුවූ අවස්ථාවේ ජන්ම පත්රය සකසා පරීක්ෂා කිරීමටත් ප්රථම උගත් බමුණන් 108 දෙනකු කැඳවා කුමරුන්ගේ ගත ලකුණු විමසීමෙන් ඒ බව මනාව පැහැදිලි වේ. එහිදී බොහෝ බමුණන් කුමරුන්ගේ ගත ලකුණු පරීක්ෂාකර බලා ගිහිගෙයි විසුවහොත් සක්විති රජ වන බවත් පැවිදි වුවහොත් ලොව්තුරා බුදුවන බවත් පවසද්දී වයසින් දැනුමින් අගතැන්පත් අසිත හෙවත් කාලදේව නම් තවුසා සිදුහත් කුමරුන්ගේ දකුණට කරකැවී තිබුණ ඌර්ණ රෝම ධාතුව දැක කුමරුන් ඒකාන්ත වශයෙන්ම බුදු වන බව ප්රකාශ කළේය. මෙහිදී අසිත තවුස් තුමා මෙම අනාවැකිය ස්ථිරවම ප්රකාශ කළේ දේහ ලක්ෂණ විද්යාව පදනම් කර ගනිමිනි. තවද ගුත්තිල ජාතකයේ ගුත්තිල පඬිතුමා දේහ ලක්ෂණ විද්යාව මැනවින් දැන සිටි බවත් මූසිලගේ ගත ලකුණු දැක ඔහුව ප්රතික්ෂේප කළ ආකාරයක් ගුත්තිල ජාතකයේ කවියක මෙසේ සඳහන් වේ. ‘බලමින් ලකුණු ගත දුදන ගුණ දැන ඔහු සිත නොවසව තෙපි මවෙත ශිල්ප නොදෙමැයි කිවෙන් මහසත’ එපමණක් නොව සූත්ර පිටකයේ සඳහන් වන ද්රෝණ සූත්රයේ ද සද්ධර්ම රත්නාවලියේ සඳහන් මාගන්ධි වස්තුවේ ද බෞද්ධ සාහිත්යයේ එන ඝෝෂක සිටු පුත්රයාගේ කතා වස්තුවේ ද දේහ ලක්ෂණ විද්යාවත් ධ්වනි මුඛ ශාස්ත්රයත් කැපී පෙනේ. දේහ ලක්ෂණ විද්යාව ආරම්භ වූයේ සමුද්රයට අධිපති සමුද්ර නම් දේවතාවගෙන් බවද ග්රන්ථවල සඳහන් වේ. එය සිදුවූ ආකාරය මෙලෙස විස්තර කළ හැක. බ්රහ්ම, විෂ්ණු, ඊශ්වර යන ත්රිමූර්තියෙන් එක් මූර්තියක් වූ විෂ්ණු දෙවිඳු කිරි සයුරෙහි අනන්ත නා රජුගේ දරන වැල මත සැතපී සිටින කල විෂ්ණු දෙවිඳුන්ගේ ප්රේමවන්තිය වන ලක්ෂ්මී දෙවඟන විෂ්ණු දෙවිඳුන් සමග ප්රේමා ලිංගනයේ යෙදුනි. මෙම අත්යන්ත දුර්ලභ සිදුවීම සයුරට අධිපති සමුද්ර දෙවියා ඉතා හොඳින් නිරීක්ෂණය කළේය. එහිදී විෂ්ණු දෙවිඳුන්ගේ සිරුරේ දේහ ලක්ෂණත් ලක්ෂ්මී දෙවඟනගේ සිරුරේ දේහ ලක්ෂණත් හොඳින් නරඹමින් අධ්යයනය කිරීමේ අවස්ථාව සමුද්ර දෙවියාට හිමි විය. එලෙස සමුද්ර දෙවියා උගත් මේ දේහ ලක්ෂණ විද්යාව නම් උතුම් මහඟු ශාස්ත්රය මානව වර්ගයාගේ යහපත උදෙසා ග්රන්ඨාරූඪ කළේය. මෙලෙස සමුද්ර දෙවියා ග්රන්ඨාරූඪ කළ දේහ ලක්ෂණ විද්යාව නාරද, ලක්ෂක, වරහ, මාණ්ඩව්ය හා කර්තිකේය යන ඍෂිවරුන් අතින් තව තවත් පෝෂණය විය. ඉන්පසු භෝජ සහ සූමන්ත යන රජවරුන් ලොව පහළ වූ සමයේ දේහ ලක්ෂණ විද්යාව ඉතා සරල බසින් සකස් කරන ලද්දේ සමුද්ර නම් ඍෂිවරයා විසිනි. දේහ ලක්ෂණ විද්යාවත් හස්ත රේඛා ශාස්ත්රයත් ප්රායෝගිකය. අතීතයේ රජ කළ රජවරුන් ද මෙම විද්යාව මැනවින් ප්රගුණ කර ඉන් උපරිම ඵල ලැබූ බව සඳහන් වේ. විශේෂයෙන්ම අන්තප්පුරයට ස්ත්රීන් බඳවා ගැනීමේදී හස්ත රේඛා මෙන්ම දේහ ලක්ෂණ පරීක්ෂාව සිදු වුණි. එය පුරාණයේ භාර වූයේ දේහ ලක්ෂණ පාරිත්ත්රටය. යම් හෙයකින් ඔහු අතින් දේහ ලක්ෂණ වැරදුනි නම් ඔහුට ඒ සඳහා හිමිවූ දඬුවම රටින් පිටුවහල් කිරීම විය. මෙම භාරතීය දේහ ලක්ෂණ විද්යාවට අමතරව ජාත්යන්තරව ද දේහ ලක්ෂණ විද්යාව පවතී. ඒ ග්රීක තිබ්බතීය, චීන හා ජපන් දේහ ලක්ෂණ විද්යාවන් ලෙසය. එනමුත් වඩා නිවැරදි දේහ ලක්ෂණ විද්යාව ලෙස අදටත් පිළිගැනෙනුයේ භාරතීය දේහ ලක්ෂණ විද්යාවයි. සමාජයේ පුද්ගලයන් නිවැරදිව අවබෝධ කොට හඳුනාගනු වස් හස්ත රේඛා ශාස්ත්රයත් දේහ ලක්ෂණ විද්යාවත් මහෝපකාරී වන බව නොකිවමනාය. එනිසා මෙවැනි සැඟවී යන අගනා ශාස්ත්ර අප රැකගත යුතු නොවේද? මතු පරපුරට දායාද කළ යුතු නොවේද?

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk