Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

වහලයේ දොස් සිවිලිමෙන් වළක්වන වාස්තු පිළියම්

1 year ago 7 Min read
Subha.lk
වාස්තු ශිල්පීන් අතර වහලයේ හට ගන්නා දෝෂ පිළිබඳ ඇති උනන්දුව සුළුපටු නොවේ. මෙහිදි වහලයට යොදා ඇති බාල්ක, පරාල, රීප්ප, කුරුපා ආදිය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරනු දක්නට ලැබේ. එසේම වාස්තු ශාස්ත්රයේදී අප විසින් බොහෝ දෝෂ අතර වහලයට එතරම් අවධානයක් යොමු නොකරන්නේ මන්දැයි ඇතැම් පාඨක භවතුන් විමසන අවස්ථා බහුල වේ. මෙයට හේතුව පැහැදිලි කිරීමට නූතන බටහිර විද්යාවේ ආලෝකය අපට අවශ්ය වේ. මෙසේ සැලකීමේදී වාස්තු දෝෂ හට ගැනීම කෙරෙහි අසුබ ශක්තීන්ගෙන් බලපෑම මෙහිදී අවධාරණය කළ යුතු වේ. නූතන බටහිර වාස්තු විද්යාවට අනුව අන්තරීක්ෂ ශක්තියත්, එහි වෙනත් ස්වරූපයක් වන භූ ශක්තියත් පෘතුවියේ පවත්නා චුම්භක ශක්තියත් පිළිබඳ යම් අවබෝධයක් ලබා ගැනීම වැදගත් වේ. කෙසේ හෝ වේවා වහලයෙන් හට ගන්නා අසුබ ශක්තීන්ගේ බලපෑම වහලය ඉහළින් පිහිටීම නිසා යම් පමණකින් හෝ අඩු වන බවත් සැලකිය යුතු වේ. එසේම වහලයේ පෙර කී අංගවල ඇති මූට්ටු ආසන්නයේදී ශක්ති වියවුල් හට ගැනීමත්, යකඩ ඇණ ආදිය ඒ සමඟ භාවිත කිරීමෙන් අන්ය ශක්තීන් සුළු වශයෙන් හෝ ඇති වීමත් සිදු වන බව අපට නොසලකා හැරිය නොහැකිය. කෙසේ හෝ වේවා අප විසින් සිවිලිමක් යෙදීමේදීත් වහලයෙන් ඇති වන දෝෂ තත්ත්වයන් වෙනස් වන බව පෙන්වා දිය හැකිය. එහිදී සිදු වන්නේ වහලයේ පෙර කී කොටස්වලින් ඇති වන අසුබ ශක්ති කේන්ද්රයන්ගේ ප්රබලතාව වැළැක්වීමත් එකී ශක්ති ක්ෂේත්රය හරහා යෙදූ සිවිලිමකින් ඇති වන බැවිනි. එසේ වන්නේ වහලයේ කොටස් වැසී යන පරිදි ඊට පහළින් පිහිටුවනු ලබන සිවිලිමකදී පමණි. වර්තමානයේ භාවිත කරන පරාල ආදිය පෙනෙන පරිදි යොදා ගන්නා සිවිලිමෙන් පෙර කී වාස්තු දෝෂ ඉවත් නොවන බැවින් අන් අවස්ථාවලදී මෙන්ම වහලයේ දෝෂ සලකා බැලීමට අපට සිදුවේ.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk