Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

ගේ සාදන විට අවධානය වැදගත්..

1 year ago 7 Min read
Subha.lk
ගෙයක් හදන කොට නැග්මක් ඇති ආකාරයට හදන්න පුළුවන් නම් ඉතා හොඳයි. නමුත් හැම තැනම අපට ඕන ආකාරයට ඉඩම් පිහිටන්නේ නැහැ. හැකි උපරිම ආකාරයෙන් වාස්තු සිද්ධාන්ත අනුගමනය කරමින් ඉදිකරනවා නම් දෝෂ අඩුයි. වාස්තු දෝෂ නැති කරන්න හිතාගෙන අත්තිවාරම හා මිදුල උස්සලා ගොඩ කරන්න ගියොත් ගේ ඉවර කරන්න සල්ලි මදි. මේ හැම දෙයක් ගැනම අවබෝධයකින් ගැටලු මඟ හැරීමට උත්සාහ කිරීමයි වටින්නේ. නිවෙස සෑදීමට මූලිකත්වය ගන්නා ඔබ විදේශ ගත වී හෝ දුර බැහැරව සිටි නම් ඉදිකිරීම් ගැන වඩාත් සැලකිලිමත් විය යුතුයි. සමහර අය නැකැතට මුල්ගල් තබා විදේශ ගත වෙනවා. නැවැත එන්නේ ගෙදර පදිංචි වෙන්න. නමුත් ඒ වන විට බලාපොරොත්තු වූ නිවෙස නෙවෙයි. තියෙන්නේ නිවෙස සෑදීමේදී ඉදිකිරීම්කරුට නිසි උපදෙස් හා මගපෙන්වීම් නොලැබුණි නම් ඔහුට ලේසි පහසු ආකාරයට කටයුතු කිරීම් බොහෝ විට දක්නට ලැබෙන දෙයක්. මේ දේ නිසා තමයි ගේ විකෘති වෙන්නේ මිලියන ගාණක් වියදම් කර හදන අලුත් නිවෙසට නිසි තාක්ෂණික හා වාස්තු අධීක්ෂණය අනිවාර්ය වන්නේ මේ නිසයි මා ඔබට අද කියන්නේ ඉහත වාගේම වූ දෙයක් දීර්ඝ කාලයක් විදේශගත වී සිටිමින් නිවෙසක් ඉදිකළ පවුලක් ගැනයි. පහත් කරන ලද සාලය :- ගේ ඇතුළේ බිම උසින් පිහිටනවා වාගේ පෙනෙන්නට ප්රධාන දොර අසල පමණක් කුඩා තීරුවක් පුරවා උස්සා තිබුණා දොරෙන් ඇතුලු වුණ ගමන්ම නියෙන්නේ පඬි කිහිපයක් බහින්නයි. මේක වුවමනාවෙන්ම කරපු දෙයක්. ජීවිතයේ වුණත් අප බලාපොරොත්තු වන්නේ නැග්මක් මිස බැස්මක් නෙමේ වැරැදි තැනක පිහිටි වැසිකිළි වළ :- ඉතා විශාල ප්රමාණයේ වැසිකිළි වළක් කපා තිබුණේ ඊශානයේය. නිවෙසේ මුලු ඡේදනය වීම නිසාත් දිශාව අනුවත් ඉතා අහිතකර ප්රතිඵල ලැබෙන දෙයක්. හැකි ඉක්මනින්ම වළ ඉවත් කිරීමට දුන් උපදෙස් අනුව වළ ගොඩ කරමින් තිබුණේ මේ ආකාරයටයි. සිතේ නිරවුල් බව සැහැල්ලු බව හා නිරෝගී බව නැවැතත් වැඩි වර්ධනයට වෙන දෙයක්. දෝෂ පිරුණු වහලය :- නිවෙසේ වහලය නිතරම සරල විය යුතු බව අවස්ථා කීපයකදීම ඔබ දැනුවත් කළා. රූපය දිහා බලන්න. අමුතුවෙන් එතැන තියෙන ගැටලුකාරී තත්ත්වය කිවයුතු නැහැ. නොදන්නාකමින් හෝ දන්නා බව වැඩිකමින් කරනා මෙවැනි දෝෂයන් පල දෙන්නේ නිවැසියන්ටයි. මාරක අවස්ථාවන් දක්වා විශයයේ දෝෂ බරපතළ විය හැකියි. නිවෙසේ ප්රධාන පිහිටි ස්ථානයෙන්, පියනේන් දෝෂ තිබුණා. රාමුවල තිබෙන හැඩතලත් නොගැළපෙන ඒවා නිවෙස තුළ බිත්ති නොකඩා අංග වෙනස් කිරීමට කටයුතු කළා. වහලයේ දෝෂ සහිත කොටස් ඉවත් කර නැවැත සකස් කර වීමට හැකි දෙයක් මේ විදියට එකින් එක දෝෂ නිවැරැදි කරගන්න ඕනෙ. මේක හැමෝටම හොඳ පාඩමක් .ගෙයක් වෙනුවෙන් මුදල් වියදම් කරන්නේ එහි දෝෂ හදන්න දෙගුණයක් වැය කරන්න නෙමේ. දුරින් ඉඳන් ගේ හැදුවත් කෙරෙන වැඩ කටයුතු ගැන අවධානයෙන් සිටිය යුත්තේ මේ නිසයි. නැවතත් ලංකාවට පැමිණි ඔවුන් ඉපැයූ මුදල් වැය කරන්නේ වෙච්ච පාඩු හදාගන්න. සෑහෙන දුරක් දැනටමත් දෝෂ නිවැරැදි කරගෙන සාර්ථකව ව්යාපාර කටයුතු කරනවා දැකීම ඉතාම සතුට දනවන කරුණක් මා නැවැත වරක් ඔබට කියන්නේ මෙවැනි අඩුපාඩු නැවැත නොවන්නට මුලදිම කටයුතු කිරීම වැදගත් බවයි.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk