Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

විස්කම් දෙවියෝ හීනෙන් පෙනෙන නළලත තිලකෙන් නඩු දිනවන, නීචකුල රොඩී බන්ධන පුපුරවන දුර්ලභ ජලනන්දන යන්ත්‍රය….

1 year ago 7 Min read
Subha.lk
විස්කම් දෙවියෝ හීනෙන් පෙනෙන, නළලත තිලකෙන් නඩුවෙන් දිනන, නීචකුල රොඩී බන්ධන පුපුරා බල බිඳෙන ජලනන්දන පිරිත හා යන්ත්ර පාලි, සිංහල, සංස්කෘත යන භාෂාවන් තුනෙන්ම බැඳුණු මහ බලගතු බෞද්ධයන් මෙන්ම විවිධ ආගමිකයන් මහත් භක්තියෙන් උසස් ලෙස සලකන්නාවූද, පිළිගන්නාවූද බුද්ධ යන්ත්රයකි. ජලනන්දන ගාථා තුළින් අපට අදහසක් පෙන්වාදී නැතත් බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩවසන කාලයේ ආනන්ද හාමුදුරුවෝ මහමඟ වඩින විටෙක වතුර පිපාසයක් ඇතිවූ නිසා රොඩී තරුණියකගෙන් පැන් ටිකක් ඉල්ලූ විට ඇය මන්ත්ර ගුරුකමකින් වශී කරගත් විට අප සම්මා සම්බුදු තථාගතයාණන් වහන්සේ දිවැසින් දැන ආනන්ද හාමුදුරුවෝ එයින් මුදා ගැනීම සඳහා උන්වහන්සේගේ ශ්‍රී මුඛයෙන් වදාරා ගාථා තුනක් බවයි. ජලනන්දන පිරිත ප්රබලව කර ඇත්තේ ඒ කථා පුවත අනුව බව පිළිගත හැකිය. වර්තමානයේ මෙම පිරිතට සිංහල, පාලි වචන ඇතුළත්කර ඇත. එසේ වුවද බුදුබණ, ගාථා, පිරිත් වාණිජ්‍යකරණයෙන් ගිලගන්නා නූගතුන් විසින් අතින් අතට ලියන අක්‍ෂරයන් මුද්රණ කිරීමේදී එකින් එකට වෙනස්ව ඇත. එය ජලනන්දන, ජලනන්දන වචන දෙකේ වෙනසින් මනාව අවබෝධ කරගැනීමට හැකිය. එවන් පිරිතකින් හෝ යන්ත්‍රයකින් කිසිම බලයක්, ගුණයක් නැති බව මා නිර්භයවම කියමි. එබැවින් ජලනන්දන පිරිත කෝකදැයි හරියටම වටහා ගැනීමට නොහැකිය. එහෙත් ඒවායේ බුද්ධ යන වැකිය ගැබ්වී ඇති නිසා නිසි බලය නැතත් 30%ක පමණ බලයක් ඇතිවේ. ජලනන්දන යන්ත්‍රයකින් අනවින, භූතදෝෂ, යක්ෂ, පෙරේත දෝෂයන් පලවායෑම හා විනාශ වන බවද බුදුගුණ ඇතුළත් පිරිතක් හා යන්ත්‍රයක් නිසා, මෙම යන්ත්රය නිවසට, ව්‍යාපාරික ස්ථානයට, තමන්ගේ ආරක්‍ෂාවටද දියුණුව ගෙනදෙන මහා බල ඇති බුදුරැස් විහිදෙන මාණික්‍යයක් වැනිය. ජලනන්දන පිරිත: - නමෝ බුද්ධාය, නමෝ බුද්ධාය, නමෝ බුද්ධාය නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස………… 1. චත්තාරො විස්ති බුද්ධා – ආනුභාවො මහබබලො යක්ෂ, දේව, බ්‍රහ්මණං – වන්දිතො පූජිතොවරො………. 2. එතෙසං ආනුභාවෙන – සම්බ භූතා නිමද්දිතො චතුවිසතී තෙජෙන – සබ්බ විණ විනස්සතු………… 3. ගොතමො බුද්ද තෙජෙන – චන්ඩාල වින තස්විසතු සාරිපුත්තානුබාවෙන – සබ්බ වින විනස්සතු…… 4. මොග්ගල්ලානස්ස භාවෙන – සබ්බ වින විනස්සතු අසිති ථෙර තෙජෙන – විනසබ්බෙසු අග්ගිහි…….. 5. ථෙරො අංගුලිමාලෙන – ජින්දිතො සබ්බසුනියං චතුරාසීති සහස්සෙන – ධම්මක්ඛන්ධෙසු අක්ඛරෙ…… 6. සබ්බානි ආනුභාවානි – මම හත්ථෙ පතිට්ඨිතා එතානි අනුභාවෙන – සම්බානි වින විනස්සතු….. 7. අසිති සහස්සෙන – ධම්මක්ඛන්ධෙන තෙජෙසා සබ්බ චන්ඩාල කම්මානි – විණා‍ෙදාසානි විනස්සතු……. 8. දෙව බ්‍රහ්මාච බුද්ධාච – ධම්මං සංඝංච තෙජෙසා සබ්බානි අරිදෝසානි – විනදෝසානි විනස්සතු…… 9. ආනන්දෝති මහාථෙරං ධම්ම භාණ්ඩක මුත්තමං ආනන්ද ථෙර තෙජෙන – නීචකුල බන්ධන ඡෙදනං…….. 10. සම්බුද්ධස්ස තෙජෙන – වින බන්ධන ඩයි හතු තිණ්නං රතනානුභාවෙන – වින මන්ත්‍රා නිවි තස්සතු….. මෙම ජලනන්දන පිරිතේ අනුහස් පහත කාව්‍යයන්ගෙන් මෙසේ පෙන්වා ඇත. ------------මේකෙන් සියවර පස්තෙල් මතුරා, වෙහෙර පහන්ගොස් දල්වන්නේ, සීනෙන් විස්කම් දෙවියෝ ඇවිදින්, සිතූ දෙයක් සකි පවසන්නේ, එමවර බෝමුල පස්තෙල් මතුරා, නළල තිලකදී පලයන්නේ, සැඩවර නඩුවෙන් ජය ගන්නට, හැකි වන බව සිහියට අරගන්නේ, සදෙව් ලොවේ දෙවියොත් හිස නමතී, යක්බු පිසසුන් බියවී දුවතී, ජලයේ සැඟෙව් වින ෙදාසක් පුපුරති, ලොවේ සතට මින් සුබසෙත් සැලසෙති, ඇඟේ තිබුණ හැම බන්දන, දුරුවෙයි කරමින් නන්දන, මුනිඳුදෙසූ ජල නන්දන, පිරිතෙන් දුරුවෙයි නන්දන-------------- මෙම යන්ත්රය නිසි වාර ගණනින් ජප කර අදාළ ඔෟෂධ තෛලයද සමඟ නිවෙසේ ඇත්නම් කර ඇති කොඩිවින, අංගම්, පිල්ලි ආදිය පුපුරයි. භූතයන්ට ගිනි ජාලාවක් පෙනෙන නිසා පලායයි. වෛශ්ය කර්මයට අයත් ඉනා, වස විස වරු තුනෙන් බඩවැලෙන් ගැලවී පිටවේ. නීචකුල රොඩී බන්ධන පුපුරා නිවෙසේ දෝස පහවේ. ව්‍යාපාර දියුණුව නිවෙසට පදිංචි අයට ශ්‍රී සෞභාග්ය උදාවේ. ග්රහ අපල දුරුවේ. සර්වජනයා වශී වේ. නඩු දිනයි. මෙම යන්ත්රය අඟල් 7”-7” ප්‍රමාණය බිත්තියේ සවිකිරීම සඳහාද, අඟල් 3” – 2 1/2” ප්‍රමාණය පැලඳීම සඳහාද සුදුසුයි. මෙම යන්ත්‍රයේ ගුණයන් කිව නොහැකි ලෙස රහස් රැසක් ඇත. මෙම ජලනන්දන පිරිත හා යන්ත්රය ඉතා දුර්ලභ ගණයේ එකකි. මෙයින් අනවින විනාශ වන බවත් බුදුගුණ ඇතුළත් යන්ත්‍රාදියේ බල විනාශ නොවන බවත් මතක තබා ගන්න.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk