Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

වෙහෙර විහාරවල කොත් පැලඳවීමට නෙත් තැබීමට මහා අස්ලෝක දැපනය…

1 year ago 7 Min read
Subha.lk
ඉදිකිරීම් ක්ෂේත්රයේ පැරණිම නිර්මාණ වන වෙහෙර විහාරවල කොත් පැලඳීම හා නේත්රා තැබීම ඉතා සුවිශේෂී අවස්ථාවන් වේ. සාමාන්ය පුද්ගලයන්ට කළ නොහැකි ඇඹීම්, නෙළීම්, චිත්ර, මූර්ති, කැටයම් යන කවර නිර්මාණයක් වුවද නිම වූ කල දුටුවන් විස්මයට පත් කරයි. මේ නිසාම ඇස්වහ, කටවහ, හෝවහ යන වස් ෙදාස්ද වත්පිළිවෙත් නිසි ලෙස සම්පූර්ණ කළ නොහැකි වූ විටද, අසුබ හෝරාවන්හි වැඩ ආරම්භ කිරීම, කොත් පැලඳීම හා නේත්රා තැබීම වැනි හේතු නිසාද බොහෝ වස්ෙදාස් ඇතිවේ. මෙම කර්මාන්ත විශ්මකර්මයාගේ වැඩ ලෙසද පැරැන්නෝ හැඳින්වූයේ මෙබඳු නිර්මාණයක් අවසන් වන තුරුම ගුප්ත රහස් පවත්වාගෙන ගිය බැවිනි. මේ සඳහා නිර්මාණ ශිල්පියා විවිධ ආරක්ෂිත වත්පිළිවෙත් හා ගුප්ත ක්රම යොදාගෙන තිබේ. එසේ නොවූ කල්හි විපත් සිදු වූ බොහෝ පිරිස් දක්නට ලැබීමද මෙහි ඇති හාස්කම් ප්‍රදර්ශනය කරන්නකි. එබැවින් මෙවැනි කර්මාන්තවල යෙදෙන නිර්මාණ ශිල්පීන් ඔවුන්ගේ ගෝල බාලයන් ආදියද ආරක්ෂාකාරී මෙම ගුප්ත ක්‍රමවේද යොදාගැනීම යහපතට හේතුවන බව සඳහන් කළ හැකිය මන්ත්ර දැහැන :- “බ්‍රහ්මණ ත්‍රිසාලංඩි ලංකර්ණ චිත්ර විනිගීතිකායු මුනුප්පු සාතං එන්තා සර්ප– කීර්ණ හනුමා වාරා දිතං මෙරාම විරෝරා මනු– ධිර බදා මායා කැඩි ලොව විනිසිරාම ශැප්‍රද්දතිං හමලක්කි යත– නංදාරු මණ්ඩල අස්තාලේ ඉස්තාලේ ගුරුගාවා විස්සුව–” ක්රමය :- අඳුන්් කිරිපැන් සාදා ඉහත මන්ත්‍රයෙන් 21 වර හෝ 108 වර මතුරා ඉසිනු. කොත් පලඳවා, නෙත් තබා එම ජීවම් කළ පැන්වලින් මුහුණ සෝදනු. තෙල් මතුරා තබාගෙන හිස ගල්වනු. මෙයින් ජීවම් කළ තෙල් සුරයක දමා පැලඳීමද යහපති. ප්රථම ෙදාර උළුවහු පැනීමට - ඉහත කී පරිදි කහ පැන් මතුරා ඉස මුහුණ සෝදා හිසේ ගා උළුවහු පනිනු. වස් නොවදී. ප්රථම ළිං කැපීමට - ඉහත මන්ත්‍රයෙන් අඳුන්් කිරිපැන් මතුරා නියමිත ස්ථානයට ඉස පහන් දල්වා නැකැතට ළිං කැපීම අරඹනු. වස් ෙදාස් නොමැත. මෙබඳු කටයුතුවල යෙදෙන වඩු, පෙදරේරු, මූර්ති, චිත්ර ඇඹීම්, නෙළීම් ආදී ශිල්පීහුද විස්මිත නිර්මාණ කරන්නෝද බුදු පිළිම ආශ්‍රිත නිමැවුම් කරන්නෝද වස්‍ෙදාස් දුරු කර ගැනීම සඳහා කවර හෝ ආරක්ෂාකාරී ක්‍රමවේදයන් අනුගමනය කිරීම උචිත වේ. අපේ පැරණි මුතුන් මිත්තෝ මෙම ක්‍රමවේද අනුගමනය කොට ඇති බව පාරම්පරික නිර්මාණ ශිල්පීන් හොඳින් දනිති. මෙහි ඇති වටිනාකම් වත්මන් පරපුරටද හඳුන්වාදී අපේම නිර්මාණකරුවන්ගේ ජීවිත සුරක්ෂිත කිරීමට මෙම උතුම් ශාස්ත්රය පිටිවහලක් වනු දැක්ම මගේ අභිලාෂයයි. මෙම උතුම් ශාස්ත්රයට ගරු බුහුමන් කොට එයින් ප්‍රයෝජන ගැනීම ඔබ සතුව පවතී.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk