Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

පෘතුගීසීන්ට නිවට නොවූ සිංහලයේ අභීත රැජින කුසුමාසන දේවිය පැලඳ සිටි රහස් සාරිකටුව…

1 year ago 7 Min read
Subha.lk
පෘතුගීසීන් ඉදිරියේ නිවට නොවී අපට ඒකීය රාජ්ය සංකල්පයක් ලබාදුන් සිංහලේ අභීත රැජින වූ සුරූපී දෝන කතිරිනා යන ක්රිස්තියානි නමින් පෙනී සිටි කුසුමාසන දේවියගේ විරෝදාර ක්රියාමාර්ගය නොවන්නට අපේ ලංකාව මුළුමනින්ම පෘතුගාලයේ යටත් විජිතයක් බවට පත්වන්නට ඉඩ තිබිණි. සිංහල රාජ වංශයේ රාජ්ය බල ලෝභයෙන් පෙළුණු සෙනරත් රජුගේ රෞද්ර දුෂ්ට ක්‍රියා නිසා අතිශයින් චිත්තවික්ෂේපයට පත්වී රජුගෙන් මිදී සතර කෝරලේ කෑගල්ල නගරයට නුදුරු වැලිමන්නාතොට (අද රොක්හිල් වත්ත තුළ) තිබූ තම මාලිගාවට පැමිණ තම ජීවිතය ගැන කලකිරී සියලුම ජීවන බලාපොරොත්තුවලින් මිදී 34 වැනි වියෙහි පසුවූ කුසුමාසන දේවිය රෝගීව 1613 ජූලි 30 වැනි දින වැලිමන්නාතොට මාලිගාවේදී අභාවප්‍රාප්ත විය. කුසුමාසන දේවිය තමාගේ ආරක්ෂවට මෙන්ම සියලු ජය හිමි කර ගැනීම සඳහා සකසාගත් රහස් සාරිකට්ට පපුවේ පැලඳ සිටි හෙයින් පරගැති ඉංගී්‍රසීන්ට හා පෘතුගීසීන්ට එහි රහස සොයා ගැනීමට නොහැකිවීමෙන් ඇයට ජය ලැබුනු බව ඉතිහාස ගතවී ඇත. මෙම සාරිකටුවට යොදා ඇති පෙන්ඩනයෙහි මැද ඇති සංකේතය වර්තමානයේ හින්දු දහමේ බෙහෙවින් භාවිත වන විශ්වය හා සම්බන්ධ විශ්ව අක්‍ෂරයක් වන ‘ඕම්’ නොහොත් ‘අවුම්’ය. එය ඕම්කාරය, අවුම්කාරය හෝ ප්‍රාණව යනුවෙන්ද ව්‍යවහාර වේ. මෙයට කිසිම දෙවියෙක්, යක්‍ෂයෙක්, භූත අමනුෂ්‍යයෙක්ගේ බල ඇති අකුරක් නොවේ. පෘථිවියද භ්රමණය වනුයේ ‘ඕම්’ කාරයෙනි. ඒ අනුව ඕම් යනු විශ්වයේ ධ්වනියයි. ‘ඕම්’ යනු විශ්වයේ උපතයි. ගුරු ග්‍රන්ත් සහිබ්ගේ’ කවියක මෙසේ සඳහන් වේ’ ඒක් ඕම් කාර් ෂත් නාම්, කර්ත පුරාත්’ තේරුම - ඕම් කාරයෙන් සියල්ල ළඟාවේ. ඕම්කාරය තුළ සියල්ල වැජඹේ. ‘සියලු පදාර්ථ සහ විඥානය ඕම් කාරය තුළ ද්‍රාවණය වේ.) සියලුම සුබ මන්ත්රවල මුලට මේ අක්ෂරය යොදා ඇත්තේ ලොව සියලු දේ සමඟ සබඳතාව ඇති නිසාය. මෙම සාරි කටුව රාවණා කටු දෙකක් එකට එක් කළ පසු මැද හිස් ආකාරයට රිදියෙන් හෝ රනින් සකසා පහත සඳහන් බෙහෙත් ඔෟෂධ වර්ග රැගෙන රවි දිනක රවි හෝරාවෙන් නම – නැකැත අනුව රවි දින මල්යහනාව සකසා අලපහ, බොඩපහ, කැවිලි පහ, මීපැණි ගොටු, හඳුන් ගොටු, විලඳගොටු, පලතුරු, කිරිබත්, මල් වර්ග, සුවඳ ධූප අල්ලා නිසි නැකැතින් මෙම ඔෟෂධ අඹරා යහනේ තබා මෙම මන්ත්‍රයෙන් 1008 වර ජීවම් කර පැලඳීම සුබයි. (නව නිල දිෂ්ටියෙන් 51 වර කියා දිෂ්ටිකර ප්‍රාණ පලිප්පු කරනු) මන්ත්රය: - ” ඕම් අවුම් සූර්ය සිද්ධම් බල වරම් ඕම් අවුම් අග්නි සිද්ධම් බල වරම් ඕම් අවුම් වරුණ සිද්ධම් බල වරම් ඕම් අවුම් ඉන් සිද්ධම් බලවරම් ආ ආ ආ ආ ආ ඕ ඕ ඕ ම් ම් ම් ම්…..’” ඔෟෂධ වර්ග, එළවරා, කස්තුරි, ගෝරෝචන, පල්මානික්කම්, පාසනම් පස් වර්ගය, විෂ්ණු ක්‍රාන්ති, තෛ්‍රලෝක්ය විජයපත්රං, අබිං, සූරිය කාන්ත ඇට, බෙලිලාටු, මුල්, දෙසඳුන්, බැමිකිරිය, මදාරා මුල් පොතු මල්, නාමල් රේණු, කහ, කංකුමප්පු, නෙළුම් රේණු, හඳුන් තෙලින් හා රන්තැඹිලි තෙල් මිශ්රව අඹරා අඳුත් ගුළිය හදා යහනේ තබා ජප කර සාරි කටුවේ පෙන්ඩනයට ඔබා පලඳින්න. යන යන තැන ජය ලැබේ. දුටුවන් වශීවේ. සර්වජන වශීවේ. ජන වශීවේ. ශරීර ආරක්‍ෂාවයි. වින නොවදී, සතුරු උවදුරු පරාද වේ. ග්රහ අපල සමනය වේ. රජුන් ඉදිරියට යෑමට, නඩුවට, ශි්‍රයාවට, රැකියා දියුණුව ලැබීමට, නපුරු විවාහ බාධක හා ග්රහ බල අනුව විවාහ ප්‍රමාදය පිළිකා වළකා වාසනාවන්ත විවාහයකට ඇතුළත්වීමට අදහස් ඉටු වීමට ආදී සියලු දේටම යහපත්ය. තවද කුසුමාසන දේවිය කොරල් ඇට සමඟ සැකසූ අගස්ති මාලයක්ද පැලඳ සිටිය බව සැලයි. මෙය ස්ත්‍රීන්ට පමණයි.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk