Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

රාහු සැප සම්පත් අහිමි කරනවාද? කේන්දරයක බලවත් තැනක සිටින රාහු සතුරු බල පලවා හරී…

1 year ago 7 Min read
Subha.lk
රාහු-කේතු විසුරුවන සහ හකුළුවන ග්රහයන් ලෙස හැඳින්වෙන අතර රාහු මහ දශාව ලැබුවහොත් සියලු දේ නැති වනවා යැයි මතකයක් තිබේ. එම මතය අනුව බියට පත්වන අය නොයෙකුත් වත්පිළිවෙත් කිරීමට යොමු වෙති. එහෙත් රාහු සියලු දෙනාටම අසුබ නොවන අතර රාහු මහ දශාවන්වලදී සුබ පල ලබා දියුණුව කරා පියනැඟූ අයද වෙති. රාහු කෙනකුට එරෙහිව නැඟෙන සතුරු බලවේගද විසුරුවා හරින ග්රහයෙකි. රාහු කේන්දරයක බලවත් ස්ථානයක සිටී නම් සතුරු බලවේග පලවා හැරීමට විශේෂ හැකියාවක් ජන්මියාට හිමිවේ. කේන්දරයේ 3 වැන්නේ රාහු සිටී නම් එය බලපවත්වයි. රාහු ජන්ම කේන්දරයේ 3 , 6, 11 සිටී නම් ආරක්ෂක භටයන් සිටිනවා හා සමානය. රාහු 3 වැන්නේ සිටින අයට බාල සහෝදර පල අඩු කරයි. එහෙත් තමාට ලැබෙන දරුවන් යහපත්, ගුණවත් දරුවන් කර දෙයි. රාහු 6 වැන්නේ සිටින විට ස්ත්‍රීන්ට ගර්භාශගත රෝග හා සැත්කම්වලට මුහුණපෑමට සිදුවේ. රාහු 11 වැන්නට ධනය, කීර්තිය, ප්‍රසිද්ධිය ලබා දේ. රාහු 11 වැන්නේ සිටියදී 3 වැන්නේ පාපග්‍රහයෙක් සිටි නම් යුග දිවියේ සමඟියට බාධා ඇති කරයි. රාහු 10 වැන්නේ සිටින විට එම මහ දශාවන්වලදී රැකියාව, නිලතල, තනතුරු පදිංචි ස්ථාන වෙනස් කර දෙනු ලබයි. රාහු 10 වැන්නේ සිටින විට කේතු 4 වැන්නේ වීමෙන් භූමියේ ඇති ගුප්ත දෝෂ තත්ත්වයන්, දේපළ, නිවාස, යාන වාහන, මවුපියන් නැතිවී යෑමට පුළුවන. රාහු ලග්නයේ සිටින විට ලොකු දියුණුවක් ලබාදේ. රාහු 7 වැන්නේ විවාහය තුළ ප්‍රශ්න ඇති කරගැනීමට ද ඉවහල් වේ. රාහුගෙන් හා කේතු ග්‍රහයා සම්බන්ධව ඇතිවන ලොකුම දෝෂ වන්නේ කාලසර්ප යෝගයයි. කාලසර්ප යෝගය යෙදුණු බොහෝ දරුවන් කුඩා කාලයේදී මරණයට පත්වන අවස්ථාද ඇත. කාලසර්ග යෝගය යෙදුණු විට රාහු, කේතු යන ග්‍රහයන්ගේ මහ දශාවලදී පල විපාක ලබා දෙනු ඇත. කාලසර්ප යෝගය යෙදුණු කේන්දරවල ජීවිතයේ කිනම් හෝ ආකාරයක අඩුවක් බල පවත්වයි. වඩාත් අසුබ තත්ත්වයන් උදා වී ඇත්තේ විවාහයටයි. එක් පැත්තකට ග්‍රහයන් නොමැති වීම මෙය බොහෝ දුරට බලපෑම් ඇති කරයි. මෙලෙස පිහිටීම අසුබ වනු ඇත. ලග්නය හා නවාංශකය යන දෙකෙහිම මෙසේ පිහිටීම එම අසුබ තත්ත්වයට හේතු වනු ඇත. පෙර භවයන්හිදී සර්පයන්ට හිංසා කිරීම නිසා රාහු කේතු ගෙන් කාලසර්ප යෝගය ඇතිව උපදිනවා යැයි මතයක් ඇත. කෙසේ වෙතත් අකුසල කර්මවලින් අෑත්ව ජීවිතය ගත කිරීම වඩාත් සුබ වේ. ලෝකය පුරා ඇති වී ඇති රෝග තත්ත්වයන්, ස්වාභාවික විපත්, ආර්ථික අහේනිය ආදී සියලු දෙයට බලපාන්නේ මිනිසා විසින් කරන අකුසල කර්ම හා මිනිසාගේ අයහපත් පැවැත්මයි. අප පරිසරය රැකගෙන ජීවත් වුවහොත් අපට පරිසරය තුළින් අවැඩක් සිදු නොවේ. ජීවත් වුවහොත් ධර්මය විසින් මිනිසා සුරකිනු නිසැකය.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk