Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

වැටුණු රටත් බිඳුණු සිතත් පිබිදෙන්න සෙත් පතා සිදු කරන බලවත් නවග්‍රහ ස්තෝත්‍ර වන්දනාව….

1 year ago 7 Min read
Subha.lk
බුදු දහමින් එළිය වුණු, ස්වයංපෝෂිත බවින් පිරුණු ලංකාද්වීපය අද අඳුරු අගාධයකට ඇද වැටී ඇත. සහලින්, බත – බුලතින් පමණක් නොව සියල්ලන්ගෙන්ම ආඪ්ය වූ ලාංකික අප වර්තමානයේ දරුවන්ට පවා ආහාර ටික සපයා දෙනු නොහී තැනට පත් වෙලා. බොහෝ දෙනෙක් හාමතේ මිය යන තැනට පත්වීමටත් වැඩි අෑතක නැහැ. කෙරෝනා වසංගතයෙන් මිදී වැඩි දවසක් යන්නටත් කලින් රටම ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නේ කාගේ වරදින්ද කියා විමසා බලනවා සේම සැම දෙනා එක්සිත්ව එකා මෙන් එක්ව මේ ආර්ථික අර්බුදය ජය ගන්නට පෙරට ඒමද යහපත් වේ. සෑම දෙයක්ම සිදු වනු ලබන්නේ බලවත් ග්‍රහචාරයකට අනුවයි. ජන්මියකුට වගේම රටකටත් බලපාන ගෝචර වන ග්‍රහයන්ගේ ශුභ අශුභතා පවතිනු ලබනවා. ශ්‍රී ලංකා කේන්දර සටහන අනුව ගෝචර අශුභතා අනේකවත් පුවත්පත් ඇසුරින් පෙන්වා දෙනු ලබන අතර, නමුත් ඒවාට ප්‍රතිකර්ම හුවා දැක්වීමක් සිදු කරනු දක්නට ලැබෙන්නේ අඩුවෙනි. එවන් තත්ත්වයක් හමුවේ මේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදයේ ග්රහ ෙදාස් සමනය කර රටටම යහපත සෙත සලසා ගැනීමේ මුඛ්ය අරමුණින් ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපි සියලු දෙනා එක්ව නවග්රහ වන්දනාවක් සිදු කරමු. මෙය නිවෙසේ උදේ සවස භාවිත කිරීමෙන්ද උසස් පල ළං කර ගන්නට හැකියාව පවතී. හැකිනම් උදෑසන හිරු උදාවේදී මෙම ස්තෝත්ර තැඹිලි තෙලින් පහනක් දල්වා අතට ගෙන නැඟෙනහිර දෙසට හැරී තෙවරක් සජ්ජායනය සිදු කරන්නේ නම් බොහෝ ග්රහ ෙදාස් දුර්වලව සුවය – සහනය සැදෙනු ඇත. අතීතයේ බොහෝ සෘෂිවරුන් උදෑසන කපුටන් හඬන්නට කලින් අහසට සුදු මල් විසි කරමින් මේ ස්තෝත්ර සජ්ජායනය සිදු කළහ. මෙතුළින් මනස නිරවුල් කර ගනිමින්, අධ්‍යාපන ජය, ගොවිතැන් සාර්ථකත්වය, දරු සම්පත් හිමි කර ගැනීම, ධනෝපායන මාර්ග ශක්තිමත් කරගැනීම ආදී කාරණා මුදුන් පමුණුවා ගත්හ. මෙනිසා ඔබත් මේ කාරණා කෙරේ බලවත් අවධානය යොමු කරමින් ගෝචරයෙන් රටට පවතිනා කරදර බාධා දුරු කර ගැනීමටත් වගේම ඔබේ දිවියේ පවතිනා කරදර බාධා වගේම ග්රහ ෙදාස් සමනය කර ගැනීමටත් මෙසේ භාවිතාවට ගන්න. ඔබට නිවහල් රාජ්යයක රැකවරණය සැලසේවා! ඉහත ශ්ලෝක වෛද්ය ඊබට් අමරසේන මහතාගේ “ගුප්ත බල-ධර්ම බල යන්ත්ර මන්ත්ර” ග්‍රන්ථයෙන් උපුටා ගැනීමකි..

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk