Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

පරම්පරා හතක් නිවාස, භූමිය, ව්‍යාපාර, වතුපිටි ආරක්‍ෂා කරන මහා නාගචක්‍ර යන්ත්‍රය…

1 year ago 7 Min read
Subha.lk
සිවු හෙළයේ ආදිම වැසියන් වන දේව, නාග, යක්ෂ, රාක්ෂ යන හතර කොටසින් නාග ගෝත්රිකයන්ට පැවැරී තිබුණේ රට ආරක්ෂා කිරීමයි. ඒ අතර නිදන් රකින නාගයන් පිළිබඳවද පවතින ජන විශ්වාසයන්ද මීට පාදක වී ඇත. එය මුරගල දෙස බලන අපට හොඳින් පැහැදිලි වේ. මුරගලට මිනිස් රූපය යොදන්නට පෙර එහි වූයේ නාග රූපයන්ය. දැන් දක්නට ඇති මුරගලේ නාග රූපයේ මිනිස් රුව පිටුපසින් ඇති නිසා අපට එය පැහැදිලි වෙයි. එම වකවානුවේ අපේ රටේ පාරම්පරික හා දක්ෂ මන්ත්‍රවේදීන් නාග රූපය යොදා අක්ෂර පිහිටුවා අදාළ මන්ත්ර අක්ෂර යොදා සකසන නාගචක්රයද සකසා ඇත්තේ රජගෙදර යහන් ගබඩාව, කහවනු පෙට්ටගම්, මාලිගය මෙන්ම නිවාස, වතුපිටි දේපළ ආරක්‍ෂාව සඳහා බව යන්ත්ර මන්ත්ර ගවේෂණ තුළින් අපට මනාව අවබෝධ කරගත හැකිය. එවන් ඉතා දුර්ලභ යන්ත්‍රයක් වන මෙම නාගචක්රය මන්ත්ර ලොවේ බලගතු නිවාස, භූමි ආරක්‍ෂාවක් බවට පැරැණි පුස්කොළ පත් ඉරුවල හොඳින් සාක්‍ෂි ඇතිව සටහන් කර ඇත. මෙම යන්ත්රය පුරපක්‍ෂයේ කුජ දිනක කුජ හෝරාව තුළදී නැඟෙනහිර දිශාව බලා අඟල් 5” – 5” හරි හතරැස් තඹ පතක ඇඳ එළවරා, හිරියල්, කස්තුරි, කුංකුමප්පු, හුඹස් ආස්මි, වක්කඩ පෙණ, නාගවල්ලිය බුලත්, තුංබෝ අත්තන, නඟුලේ මඩ, කම්මල් වතුරෙන් අඹරා යන්ත්රය මත තබා මල් බුලත් තටුව තනා ගම් බිත්තර ගෙඩි 10 කුකුළු ලේ ගොටු 10, තබා මේ මන්ත්‍රයෙන් 1008 වරක් ජප කර කම්මල් වතුර පිරවූ බෝතල් කුප්පියකට බහා නිවෙසේ උතුරු නැඟෙනහිර, පැත්තේ තැන්පත් කර තැබුවොත් කොඩිවින, අනවින, අංගම්, පිල්ලි, මියගිය ප්‍රාණ ප්‍රේතයන්, යක්ෂ, භූත ප්‍රේත පිශාචයන් පලායන බවත් එම ප්‍රේතයන් බන්ධන කර කිසිම හූනියමක් කිරීමට නොහැකි බවද රජ මන්ත්ර පුස්තකයේ පෙන්වා ඇත. සොරුන්, කොඩිවින වැළලීමට එනවිට ගේ වටා මිනිසුන් ඇවිදිනවාක් මෙන් අවතාර දිස්වෙයි. සතුරු සිත් පැරදී දමනය වේ. ලොව මන්ත්ර පොත්වල ඇති කිසිම විනයක් නොවදී. සත්‍යයි. මන්ත්රය – “ ඕං හ්‍රීං හ්‍රීං කාරා හි– ත්‍රී ලෝක නාග පාසා ඊශ්වර– යම හිං කිලච්චි කොට්ඨායි මහා කෙල නාගරාජයා ත්‍රී ලෝක ජල ජල බන්ධ පුට් පංච දැපනේ ගරුඬ– නෙරප්ප යුං තාපාට්ඪු ඩම්බදු පච්චාල් ස්කන්ද අනිං නාගසප්පා බන්ධ මල්ලි අනින් දැපනේ දැපනේ හිටු ඕං මාලායි වින බන්ධන ඊශ්වර ටා උෟමාඩා ස්කÂධ ජා විෂ්ණු කා බ්‍රහ්ම රූ ඉන්ද්‍රයා යමදු අනින් කටින් නාසින් ලේ දමා පෝ ආඩා පෝ ගෙරියා නරාපණ්ඩා තු–” 1008 වරයි. ජපය ප්‍රාණ, පලිප්පු, දිෂ්ටි, පුට සිද්ධි කර අවසන් කරනු. මෙය ජප කරන විට ඇදුරු ආරක්ෂක යන්ත්රය පැලඳ ජප කරන්න නැතිනම් පිස්සු, ඔල්මාදය හා ජීවිතයටද හානි වීමට ඉඩ ඇත. ජප වාර ගණන පිරෙන විට නයි පිඹින ශබ්ද හා නාග අවතාර විශාලව දුටුවොත් ඒ දෙසට ගම් බිත්තර වීසි කරන්න. තව තවත් නොනවත්වා ශබ්ද ඇසේ නම් මල් බුලත් තටුවට පයින් ගසා යන්ත්රය හා ඔෟෂධ ගුළිය ගන්න. මෙය නිවාස, ව්‍යාපාරික ස්ථාන, වතුපිටි ආරක්‍ෂාවට හා කොඩිවින වළලා දමන්නට එන අය වළකාලීමේ ආරක්‍ෂකයෙකි. පරම්පරා 7කට මෙය වලංගු බව ප්‍රකාශිතයි. තම ආරක්‍ෂාවට අදාළ මන්ත්ර නොදන්න අය මෙය කරන්නට ගොස් කරදරවලට පත් නොවන්න යැයි මන්ත්‍රවේද ගුරුපොතේ ඇති අවවාදයයි.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk