Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

බාර, පුද පූජා ඇතුළු සියලු කටයුතු සඳහා කන්ද කුමාර දැහැන…

1 year ago 7 Min read
Subha.lk
කන්ද කුමාර හෙවත් කතරගම දෙවියන් උදෙසා පුද පූජා පවත්වන ස්තෝත්ර හා ගුප්තකර්ම රැසක් පවතී. මේ අතරින් කන්ද කුමාර දැහැන ඉතා බලගතු මන්ත්ර දැහැනකි. මෙනමින් තවත් දිගු දැහැන් කිහිපයක්ද හමුවේ. අද දින මෙහි දක්වනුයේ කතරගම දෙවියන් උදෙසා පවත්වන සියලුම බාරහාර, පුද පූජා, කන්නලව්, ඉල්ලීම් ආදී කුදුමහත් සියලු කටයුත්තකදීම එක්කරගත හැකි බලගතු මන්ත්ර කර්මයකි. සියලු යක්ෂ, දේව දෝෂ, උමතු රෝග, උණ, හිසරද, ග්රහ දෝෂ, සූනියන් දෝෂ, හොරි, ගඩු, වණ පිළියල්, වසූරි, පරංගි, කුෂ්ඨ ආදිය සුව කළ හැකි බලයක් මෙහි පවතී. කුෂ්ඨවලට නොඉඳුල් පැන් පෙරා මෙයින් ජප කර සත් දිනක් සෝදනු. ගුණ වෙයි. සියලු දේව ආරක්ෂාවලට නූල්, තෙල් ජීවම් කරනු. කැපුම් තහංචි සඳහාද මෙය ප්‍රත්‍යක්ෂ මන්ත්ර දැහැනකි. මෙයින් ජීවම් කරගත් තෙල් ස්වල්පයක් නිවෙසක පවතී නම් ඕනෑම භූත බලවේගයක් පාලනය කළ හැකිය. පොදු උපදෙස් :- ඕනෑම මන්ත්ර කර්මයක් හෝ ගාථා, පිරිත් ආදියෙන් වැඩ ගැනීමට නම් එය ජප කරන්නා හෝ ඇදුරා පිළිවෙත් ගරුක විය යුතුය. අවම වශයෙන් තමන්ගේ සිත, කය, වචනය යන තුන්සිත පහදවා බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නය වන්දනා කොට ලෝක පාලක සියලු දෙවියන් කෙරෙහි විශ්වාසය පෙරදැරිව, කිලිකුණුවලින් වැළකී ගත සිත පිරිසුදුව, ආරක්ෂාකාරීව, නිසි පුදපූජා සහිතව ප්‍රතිපත්ති ගරුකව සුදුසු දින හා නැකැත් අනුව කටයුතු කිරීමෙන් උසස් ප්‍රතිඵල ලැබිය හැකිය. අවම වශයෙන් පන්සිල් පද පහවත් සිහිපත් නොකොට මෙබඳු ලිපියක මන්ත්‍රයක් දුටු පමණින් ජප කරන පිරිස් බොහෝය. එබඳු පුද්ගලයන්ට තම ආත්ම සංවරයවත් ඇති කරගත නොහැකිව දෙවියන් ඉදිරියේ සංවර විය නොහැකිය. එබඳු අවස්ථාවල වගකීම මන්ත්ර ශාස්ත්රයට හෝ ගුරුවරුන්ට පැවැරීම අරුත්සුන් ක්‍රියාවකි. ඕනෑම ශාස්ත්රයක ප්‍රතිඵල ලැබීමට නම් කරන්නන් වාලයේ නොකොට අර්ථාවබෝධයෙන්ම කටයුතු කිරීම ඉතා වැදගත්ය. කන්ද කුමාර දැහැන - “ඕං නමෝ කන්දකුමාර පෙරුමාල් අප්පොච්චි සාමිනා කදිරේශ්වර පුරාදිගෘහිත ෂන්මුඛ ද්වාදස නේත්ර ද්වාදස හස්තගෘහිත ආයුධ ස්වර්ණ වර්ණාලංකාර භූෂිත ගණපතිමකුට ශ්‍රී නේත්ර ඊශ්වරාවතාර ධාරිත කන්දේසු දිව්‍යාභරණධාරිත රුහුණු මායාදී දේශාධිගෘහිත දේවරාජ මන්දිරානේ උරුක්කු පේරුක්කු තට්ටුකන්ද ස්වාමී දිෂ්ටිවාරුන් ගුරු කුන්තිලේ වේලා ඉරන් ඉරන්ගුවේලා රාමාවතාර සිංහ තාමුරු පායන්තු උරුලේ සායරි භෂ්මාකාමී ජහරේ පුදිය විෂ්ණු කපාල වෙට්ටු නාරායනේ පාත්තු පාතාල කදිර කන්දකුමාර ඊශ්වර කට්ටු භූමනාග වෙඩිසුර පාන්තු ඉරලාඩි ඉරු ඉරුකී දිෂ්ටි උපුටා එරු එරු ස්වාමියානේ කන්දකුමාර වෙඩිසැර දිෂ්ටි දහරේ හර හර ඒස්වාහ–” ක්රමය: - පුන්පොහෝදින හැර සුදුසු දිනක සුදුසු කල්හි මල්යහන් තනා නියමිත පුද තබා රන්තැඹිලි තෙල්, තලතෙල් හෝ සිඳගත් නොඉඳුල් පොල්තෙල්, නූල්, පැන් ආදිය දිෂ්ටි, ප්‍රාණ, පලිප්පු, සිද්ධි, පුට සහිතව 108 වර ජීවම් කරනු. දෙවියන්ට පින් දී කටයුතු අවසන් කර ප්‍රයෝජනයට ගනු. ඉතා බලගතුය. ප්‍රයෝජන රැසක් ගත හැකිය. කාන්තා පාර්ශ්වය ප්‍රවේසම් සහිතව කළ යුතුය. ඔබේ සියලු කටයුතු සඵල වේවායි ප්‍රාර්ථනා කරමි.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk