Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

පමාවන මංගල ගමන කඩිනම් කරන මංගල වශී යන්ත්‍රය….

1 year ago 7 Min read
Subha.lk
මොනතරම් යාන වාහන තිබුණත්, උසස් තනතුරු ලබා සිටියත්, රූපශ්රීයෙන් අග තැන්පත් වුවත් දිනෙන් දින නිවෙසට වයස්ගත වන තරුණ තරුණියන් එමටයි. අවුරුදු ගණන් ආදර සම්බන්ධකම් පවත්වා යුග දිවියට පා තැබීමට ඔන්න මෙන්න කියා එම සම්බන්ධකම් කැඩී විසිරී යන අවස්ථා එමටයි. සමහරවිට කළු කුමාර දෝෂ, ග්රහ දෝෂ, අපල-උපද්රව නිසාද මංගල කටයුතු මඟහැරීයයි. එම සෑම දෝෂයන්ම අභිභවා මෙම වශී යන්ත්රය පැලඳීමෙන් මංගල යෝග උදාවී යහපත් යුග දිවියකට වාසනාව ළඟාවේ. යන්ත්රය සාදා ගන්නා අයුරු:- ශුභ දිනයක ශුභ හෝරාවකින් තමාගේ නැකැතට ගැළපෙන දිනයක අඟල් 2 X 2 තඹ තහඩුවක ඉරි නොකැපෙන සේ යන්ත්රය ඇඳගන්න. ඉන්පසු කාමරයක කහ දියර ඉස පූජාසනය සාදා ගන්න. එම පූජාසනයට කැවිලි වර්ග 5, පලතුරු වර්ග 5, කෙසෙල් ඇවරියක්, අන්නාසි, උක්දඬු, මී පැණි ආදී පුද තබා තමා නා පිරිසුදු වී ජප ආරම්භ කරන්න. පසුව යන්ත්‍රයේ වැඩ නිමවා පස්ලෝ අඟල් 2 සුරයක බහා ඉණේ පලඳින්න. ප්‍රමාදවන විවාහයන් කඩිනම් වී යහපත් විවාහ දිවියකට වාසනාව උදාවේ. යන්ත්‍රයේ ජපය:- “ඕං හ්‍රීං පතිරාජ පරාලේ ස්වාහ – පල ඒස්වාහං – ඕං හ්‍රීං හ්‍රීං හ්‍රීං සිරෝමාහ – චිං සිරි ගුණ දෙවෙල් ප්‍රමේශ්වරී හර හරාමේ ශිව යම කුරු දිෂ්ටි වර වර නම:- ” (1000 වරයි) “ඕං හර හර මාරුන් සිව මාරුන් මදන කාම කුමාර මාරුන් රව රව ඒන්හුප් ජෙ යුම් වීර පත්‍රකාලි ඔඩ්ඩියානේ ඒ සර ඔඩ්ඩියානේ වා කීවා අසා දෙමළ ඔඩ්ඩියා කාම මදන රත් කරවා වරෙන් විරහ මදන උණුකරවා වරෙන් සලිත සලිත නැඟි නැඟී ඔට්ටු ඔට්ටු අල්ලම් ගිනි නැඟි නැඟී ඕඩිවා “ (108 වරයි) දිෂ්ටිය:- “ඕං නමෝ භගවතී නන් මෛ දෙවකී මොහ මෙහොනාය ජගත් මොහිනී වසී වසී මොහි බාල මොහිනී ආනේ වේන්නායේ පෙන්නේ – ආනායි නානේ නීයාය් නීයේ නානාය් – නේසමාය් පෙන්නේ ආනාය් නානේ නීයාය් නීයේ නානාය් නේසමාය් මාල නිනවේ නිරුත්තු මොහි මොහා ක්‍රීයුම් ස්වහා “– 108 වරයි. ප්‍රාණ මන්ත්රය:- “ඕං ජීවප්‍රාණ අජීවප්ප්‍රාණ භූතප්රාණ අභූතප්‍රාණ ප්‍රාණ ඒස්වාහ:-” (108 වරයි) පුට මන්ත්රය:- “ඕං නමෝ හඳුන්මල් දේවතාවා අහස බැලීය. අහස මතුරන්නේය. පොළොව බැලීය. පොළොව මතුරන්නේය. මුහුද බැලීය. මුහුද මතුරන්නේය. සක්වළ බැලීය. සක්වළ මතුරන්නේය. අදත් ඒ යන්ත්ර දේවීන් වහන්සේ පුටකළ මතුළෙමි. ඒ ආඥාවෙන් ආනුභාවයෙන් අදත් මේ යන්ත්ර දේවීන්නාන්සේ පුට පුට ඒස්වාහං ”(21 වරයි) පලිප්පු මන්ත්රය:- “ඕං නමෝ යන්ත්ර දිෂ්ටි මන්ත්ර දිෂ්ටි ජීව දිෂ්ටි වර වර ඒස්වාහ– ඕ නමෝ මන්ත්ර ජීව යන්ත්ර ජීව ඊහ– ජීව ගරුඩ– ජීව වර වර ඒස්වාහ– – ඕං නමෝ බුද්ධානු භාවයෙන් ජීව ධම්මානු භාවයෙන් ජීව ජීව ඒස්වාහ– ඕං නමෝ යන්ත්ර මන්ත්ර පලිප්පුව මන්ත්ර පලිප්පුව ජීව ප්‍රාණ පලිප්පුව වර වර ඒස්වාහ– ” (108 වරයි)

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk