දෙසැම්බර් 29 වැනිදා බුධ-සිකුරු යුද්ධයෙන් සිකුරුට ජය
මෙම වසරෙහිදී සිදුවන අවසාන ග්‍රහ යුද්ධය ලෙස 2021 වසරෙහි දෙසැම්බර් 29 වැනිදා ප.ව. 3.59ට බුධ හා සිකුරු යන ග්‍රහයන් යුද වදින අතර එම, ග්‍රහ යුද්ධයෙන් බුධ පරදවා සිකුරු ජය ගනියි. ග්‍රහ යුද්ධයෙන් බුධ, පරාජයට පත්වීමට අනුව 2021 වසරෙහි දෙසැම්බර් 29 වැනිදායින් පසුව එළැඹෙන සතියක පමණ කාලසීමාව තුළ අධ්‍යාපන, සන්නිවේදන, මාධ්‍යය ක්ෂේත්‍ර පිළිබඳව සහ ඉලක්කම් භාවිත කරන ආයතන පිළිබඳව යම් තරමකට හෝ අසුබ ආරංචි ලැබීමක් පෙන්නුම් කෙරේ. තවද මෙම ග්‍රහ යුද්ධයෙන් සිකුරු ජය ලැබීමට අනුව 2021 වසරෙහි දෙසැම්බර් 29 වැනිදායින් පසුව එළැඹෙන සතියක පමණ කාලසීමාව තුළ කලාකරුවන්ට ජාත්‍යන්තර සම්මාන ලැබීම් ආදියටද ඉඩකඩ පවතින බව පෙනේ.
මෙසේ ග්‍රහ යුද්ධය සිදුවීමට පෙර 2021 වසරෙහි දෙසැම්බර් 29 වැනිදාට පෙ.ව. 11.32ට බුධ ග්‍රහයා මකර රාශියට පිවිසෙන අතර 2022 වසරෙහි මාර්තු 06 වැනිදා පෙ.ව. 11.22 වන තෙක්ම බුධ, තම මකර රාශි චලිතය පවත්වාගෙන යයි. ඉහත කී ග්‍රහ යුද්ධය සිදුවීමට අදාළ මොහොතෙහි සහ බුධ මාරුව සිදුවීමට අදාළ මොහොතෙහි තත්කාල කේන්දර සටහන්වලට අනුව 2021 වසරෙහි දෙසැම්බර් 29 වැනිදායින් පසුව එළැඹෙන සතියක පමණ කාලසීමාව තුළ පූජ්‍ය පක්ෂයේ උතුමන්ලා පිළිබඳව සහ ආගමික අංශවලට අදාළ වෙනත් කාරණා පිළිබඳව අසුබ සහ අවිනිශ්චිත ආරංචි පෙන්නුම් කෙරේ. තවද මෙම ග්‍රහ ගෝචරවලට අනුව 2021 වසරෙහි දෙසැම්බර් 29 වැනිදායින් පසුව එළැඹෙන සතියක පමණ කාලසීමාව තුළ ජල විපත් පෙන්නුම් කරන බැවින් ඒ පිළිබඳවද විමසිල්ලෙන් සිටිය යුතුය. කෙසේ වෙතත් සමස්ත ග්‍රහ ගෝචරයන්ට අනුව 2021 වසරෙහි දෙසැම්බර් 29 වැනිදායින් පසුව එළැඹෙන සති 02ක පමණ කාලසීමාව තුළ කෘෂිකාර්මික අංශ සම්බන්ධව යම්තාක් දුරකට හෝ සුබදායක ආරංචි ලැබීම් පෙන්නුම් කෙරේ.
බුධ ග්‍රහයාගේ මකර රාශි ගෝචරයට අනුව 1961 පෙබරවාරි 01 වැනිදාත් 1961 සැප්තැම්බර් 18 වැනිදාත් අතර කාලසීමාව තුළ ඉපදුණු අයටද 1961 ඔක්තෝබර් 07 වැනිදාත් 1964 ජනවාරි 27 වැනිදාත් අතර කාලසීමාව තුළ කුමන හෝ දිනයක ඉපදුණු අයටද 1990 මාර්තු 21 වැනිදාත් 1990 ජුනි 20 වැනිදාත් අතර කුමන හෝ දිනයක ඉපදුණු අයටද 1990 දෙසැම්බර් 15 වැනිදාත් 1993 මාර්තු 05 වැනිදාත් අතර කාලසීමාවෙහි කුමන හෝ දිනයක ඉපදුණු අයටද 1993 ඔක්තෝබර් 15 වැනිදාත් 1993 නොවැම්බර් 09 වැනිදාත් අතර කාලසීමාව තුළ කුමන හෝ දිනයක ඉපදුණු අයටද 2021 වසරෙහි දෙසැම්බර් 29 වැනිදාත් 2022 වසරෙහි මාර්තු 06 වැනිදාත් අතර කාලසීමාව තුළ ව්‍යාපාරවලින් විශේෂ ලාභ ලැබීම්, ඉඩකඩම් ගනුදෙනු සාර්ථක වීම් සහ මිතුරන්ගෙන් විශේෂ උදවු ලැබීම් පෙන්නුම් කෙරේ. එම නිසා ඉහත කාලසීමාවන් තුළ උපන්දින යෙදී ඇති අය 2021 දෙසැම්බර් 29 වැනිදාත් 2022 වසරෙහි මාර්තු 06 වැනිදාත් අතර කාලසීමාව තුළ ඒ පිළිබඳව උනන්දුවීම සුදුසුය.
2022 වසරෙහි මැයි 01 වැනිදාත් 2022 වසරෙහි ජූලි 06 වැනිදාත් අතර කාලසීමාව ප්‍රභූ කාන්තාවන් පිළිබඳව ඉතා ඉහළ කතිකාවක් ඇතිවන ග්‍රහ පිහිටීමක් පවතින බව පෙනේ. එමෙන්ම එම කාලසීමව තුළ ප්‍රභූ කාන්තාවන් පිළිබඳව ආන්දෝලනාත්මක ආරංචිවලට ඉඩකඩ ඇති අතර ප්‍රභූ කාන්තාවන් දේශපාලන ක්ෂේත්රයට බලපෑම් කිරීම තුළින් දේශපාලන ක්ෂේත්රය තුළ විපරිත සිදුවීම් පවා ඇතිවීමට ඉඩකඩ ඇත. තවද ඉහත කාලසීමාව තුළ දේශපාලන ක්ෂේත්රයට බලාපොරොත්තු රහිත බලපෑම් කිරීමට ඉඩ ඇති දේශපාලන චරිත පවා මතු වන්නට ඉඩකඩ ඇත.
ප්‍රවීන ජ්‍යෙතීර්වේදී - පාරින්ද්‍ර සුගතදාස (19/12/2021 මව්බිම පුවත්පතේ තරුපති විශේෂාංගය)