Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

වෙඩි සැර, හෙණ සැර වළකන ආරක්ෂකයකු බඳු මන්තරයක්….

1 year ago 7 Min read
Subha.lk
ආටානාටිය සූත්ර දේශනාව පිළිබඳව බොහෝ දෙනාගේ මතය වී ඇත්තේ යක්ෂ, ප්රේත, අමනුෂ්ය කොටස් පලවා හැරීම පිණිස පමණක් දේශනා කරන බවයි. නමුත් විවිධ කරුණු කාරණා සඳහා මින් පිහිට ලබාගත හැකි බව ඔබ නොදන්නවා විය හැකියි. මෙම සූත්ර දේශනාවේ එන මන්ත්ර ගැබකින් ලබාගත හැකි මිල කළ නොහැකි බලසම්පන්න ආරක්ෂාවක් පිළිබඳවයි. භික්ෂු – භික්ෂුනී, උපාසක – උපාසිකා යන සිවුවනක් පිරිසට අමනුෂ්ය කොටස්වලින් පැමිණෙන උවදුරු වැළකීම සඳහා වෙසමුණි දෙවියන් විසින් බුදුරජාණන් වහන්සේට පවසන ලද ආටානාටිය සූත්ර විස්තරය සූත්ර පිටකයට අයත් දීඝ නිකායේ පාථිකවග්ගෝ පාලියට අයත් වූවකි. මින් ලෝක පද්ධතීන් දස ලක්ෂ සියයකට බලපෑම් කළ හැකි බව සඳහන්. පොතපතෙහි ආටානාටිය සූත්‍රයෙන් කළ හැකි විස්කම් පිළිබඳව සඳහන් කර ඇතත් ඒවා නිවැරැදිව කරගන්නා පිළිවෙළ සඳහන් කර නැත. පුරාතන වෙදැදුරන් දක්වා ඇති පරිදි ඔබ වෙත එම දැනුම ලබාදීම මෙම ලිපියේ අරමුණයි. ඉහත බුද්ධ මන්ත්රය ඉතාම බල සම්පන්නය. මෙයින් ‘රන් තැඹිලි’ තෙල් දස දහස් වාරයක් ජීවම්කර පැලඳීමෙන් වෙඩි සැර නොවදී. හෙණ සැර නොවදී. කොටින්ම කිව්වොත් තමන්ට ආරක්ෂකයෙකි. කිලිකුණු ෙදා්ෂවලට ලක්වීමෙන් ලෙහෙසියෙන් පහසුවෙන් මෙහි බලය නොබිඳෙන හෙයින් වටිනාකම අප්‍රමාණය. තෙල් සකස් කරගන්නා අයුරු - රාහු කාලය අතහැර රන් තැඹිලි ගසකට නැඟ අවශ්ය ප්‍රමාණයට බිම නොදමා ගෙඩි කඩා බාගෙන නිවෙසේ පිරිසුදු ඉහළ ස්ථානයකින් තබන්න. ඉන්පසුව රන්තැඹිලි ගෙඩි පිරිසුදු ජලයෙන් සෝදා පසුව කහ දියරෙන් සෝදන්න. ඉඳුල් නොවන පරිදි ගරු සරු ඇතිව උස් ස්ථානයක තබා පොල් ගාගෙන පැඟිරි දරවලින් තෙල් සිඳගන්න. සිඳගත් තෙල් පිරිසුදු කුප්පියක දමා තුන් වරුවක් බුදුන් වඳින ස්ථානයේ තබන්න. තුන්වරුව පසුවුණාම රාහු කාලය මඟහැර පෙරවරු කාලයේදී ජීවම් කිරීම ආරම්භ කරන්න. මෙය ජීවම් කිරීමට ප්රථම මෙත්ත සූත්රය, රතන සූත්රය, ධජග්ග යන සූත්ර හත්වරක් සජ්ඣායනා කළ යුතුය. පිරිසුදු ස්ථානයක ටීපෝවක් හෝ මේසයක් මත සුදු රෙද්දක් එළා ඒ මත කැකුළු හාල් ස්වල්පයක් දමා ඒ මත කොහොඹ කොළ දමා ඊට උඩින් කට පළල් භාජනයකට තෙල් දමා දස දහස් වාරයක් පිරිත් කරන්න. මේ සියලු දේ කළ යුත්තේ පිරිමි පුද්ගලයකු විසින් බවත් ජීවම අවසන් කර සම්පූර්ණ කරන තෙක් මස්, මාළු, පිලිහුඩු සහ පිටි කෑම නොකෑ යුතු බවද මතක තබාගන්න. ජීවම් කරගත් තෙල් රිදී හෝ රත්රන් සුරයක පැලඳ ගන්න. වෙඩි සැර, හෙණ සැර ඇතුළු සෑම දෙයකින්ම ඔබව ආරක්ෂා කරාවි. නිවැරැදිව ජීවම්කර සකස් කරගත් තෙල්හි බලය අප්‍රමාණය. වටිනාකම මිල කළ නොහැකිය. මේවා ව්‍යාජ ලෙස සකස්කර මුදල් උපයන මාර්ගයක් ලෙස නොකරන්න. ඔබට දෙවි පිහිටයි!

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk