Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

ශරීරය කෙට්ටු වෙනවාට විසඳුම් ගෙනෙන බලවත් ප්රාණ ප්රතිෂ්ඨා යන්ත්රය…

1 year ago 7 Min read
Subha.lk
සමබර නිරෝගීමත් ශරීරයකට හිමිකම් කියනු ලබන්නේ බොහෝ දෙනකුගෙන් අතළොස්සක් පමණයි. බුදුන් වහන්සේගේ ධර්මය තුළත් නිරෝගී භාවය පිළිබඳ සහ නිවැරදි ආහාර රටා, පුරුදු සහ ආහාර ගතයුතු ප්රමාණයන් පිළිබඳවත් නිවැරැදි අවබෝධයන් ලබාදීම් සිදුකර ඇතත් අද බොහෝ දෙනා ආහාර පාලනයෙන් ඔබ්බට ගොස් අධික තරබාරු ස්වභාවයටත් තවත් සමහරෙක් කොතෙක් ආහාර හෝ සුරක්ෂිත ජීවන රටාවන්ට යොමු වුණත් දැඩි කෘශ භාවයටත් පත්වන අවස්ථාවන් අනන්තවත් දැක ගන්නට හැකියාව පවතිනු ඇත. “කොච්චර කෑවත් දවසින් දවස කෙට්ටු වෙනවා. කන කිසිම දෙයක් ඇඟට අල්ලන්නේ නැහැ” යන මෙවැනි කියමන් අනන්තවත් මවුපියන් දරුවන් වෙනුවෙනුත්, ළඟම හිතවතුන් තම සහෘදයන් වෙනුවෙනුත් කියන අවස්ථා ඇසී තිබෙනවා ඇත. අද මා ඔබට ශාස්ත්රීය විසඳුම් ළං කර දෙන්නට උත්සාහ ගනු ලබන්නේ මෙසේ ශරීරය දැඩිව දිනෙන් දිනෙන් කෙට්ටු වීමට නිත්ය සහනය උදා කරනු ලබන ක්රමවේදයක් පිළිබඳවයි. මෙසේ ශරීරය දැඩිව කෘශ වීමට බොහෝ කරුණු කාරණා නිතරගයෙන්ම බලපානු ලබනවා. දැඩි කායික හා මානසික පීඩාවන්, රැකියාවන්හි පවත්නා දුෂ්කරතාවන්, එකම ආහාර රටාවන්ට යොමු වීම තුළින් ශරීරයට හිතකර වෙනත් පෝෂ්ය සංඝටක නොලැබී යෑමත්, පෝෂණීය ආහාර නොගැනීමත්, වගේම දීර්ඝකාලීනව කලක පෘෂ්ඨිමත්ව සිටි තත්ත්වයෙන් මිදීමට ඖෂධ පාවිච්චි කිරීම ආදී තත්ත්වයන් හමුවේ බොහෝ දෙනා අද මේ තත්ත්වයෙන් පීඩාවට පත්වනු ඇත. බොහෝ ස්ත්‍රී පාර්ශ්වයන් හමුවේ මෙම ගැටලුව පවත්නා අතරම, විවාහයට පෙර මං බලා සිටින බොහෝ දියණියන්ද මෙතුළින් පීඩාවට පත්වන අවස්ථා මා ප්‍රායෝගිකව අත්දැක තිබේ. සාමාන්‍යයෙන් සැලකීමේදී ශරීරයේ ඇතුළත යම් රෝගී තත්ත්වයන් හේතුවෙන් දීර්ඝකාලීනව ශරීරය කෘශ වීම හැරෙන්නට අනෙකුත් සිය කාරණාවන් හමුවේ මෙම තත්ත්වයෙන් පීඩාවට පත්වන්නේ තමාගේම යම් යම් දුර්වලතා පාදක වීමෙන් බව ඔබට පසක් වනවා ඇත. මේවාට කෘත්‍රිම ඖෂධ භාවිතය ශරීරයට හානිකර විය හැකිය. බලවත් ගුප්ත ක්‍රමවේදයන් ශාස්ත්‍රීය අතින් බලවත් යහපත හිමි කරදෙනු ඇත. නිවැරදි වූ බලවත් ප්‍රතිපත්ති මත පිහිටා උසස්ම අයුරින් මෙම දක්වන කටයුත්තට මුල් තැනක් දෙන්නේ නම් මෙම ගැටලුවෙන් වෙළී පවතිනා බොහෝ දෙනා දින 21ක් ආදී කෙටි කාල සීමාවකදී සිට පල ලැබෙන අයුරින් කටයුතු සිදු කර ගැනීමට හැකියාව පවතිනු ඇත. යන්ත්රය පැලඳීමට සතියකට පමණ පෙරාතුව සිට පීලිවලින් ඈත්ව වෙනදාට වඩා දෙගුණයකින් පමණ වැඩිපුර ජලය පානයට යොදා ගන්න. පිරිසුදු එළවළු, පලතුරු, බත්, අල වර්ග, ධාන්ය වැඩිපුර ආහාරයට ගන්න. සත් වැනි දින ජන්මියාගේ උපන් නැකතට බලවත් නැකැත් සීහුම් සහිත වේලාවක් යොදා ගනිමින් දී ඇති යන්ත්රය ඇඳගැනීම සිදු කරන්න. බලවත් යන්ත්රය – පේ කිරීම – යන්ත්රය ඇඳගත් දිනම හෝ පසු දින යන්ත්‍රාසනය මත පිරිසුදු පිරුවට එළා ඊට උඩින් පිරිසුදු කෙසෙල් කොළයක් එළා පඬුරු 9, බුලත් 9 වට කර පුවක් මල් සහිතව සුදු මලින් සරසා පහනක් දල්වා යන්ත්රය තබනු. කළු මැදීම, කහ දියරෙන් සේදීම ආදී ප්රථම කොටස්ද මීට අදාළ කර ගත යුතුය. ප්‍රාණ ප්‍රතිෂ්ඨාන කිරීම – “ඕං ජීව ප්‍රාණ අජීවප්‍රාණ මන්ත්ර ප්‍රාණ යන්ත්ර ප්‍රාණ ඔෟෂධ ප්‍රාණ ප්‍රණාංග ප්‍රාණගං ජීවිතස් ජීව ජීව දිෂ්ටි දිෂ්ටි නමෝ නමං ” මෙම යන්ත්රය සඳහා ජීවමට මන්ත්‍රයක් යොදා නොගැනෙනු ඇත. දැන් ඇඳ අවසන් කළ යන්ත්රය දී ඇති අයුරින් පිරිසුදුව පේ කර ප්‍රාණ ප්‍රතිෂ්ඨා සිදු කර ගැටලුව සහිත ජන්මියාගේ ගෙල පලඳින්න. ශාස්ත්‍රිය අතින් උතුම් ගුණ දෙන යන්ත්‍රයක් බැවින් නිසි ලෙස කටයුතු සිදුකර ඔබත් යහපත උදා කර ගන්න. ඔබට උතුම් තුන්රුවනේ ආශීර්වාදය ලැබේවා!

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk