Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

පිරිමි දරුවන්ට පෙර ගැහැනු දරුවන් වැඩි ක්‍රියාකාරිත්වයක් පෙන්වන්නේ ඇයි?

1 year ago 7 Min read
Subha.lk
සිද්ධාන්තමය ජේයාතිෂ ශාස්ත්රයේදී පිරිමියා හා ගැහැනිය හැඳින්වීමට හිරු හා සඳු ග්රහයා උපයෝගී කරගනු ලැබේ. එසේම එම ග්රහයන්ගේ ගති පැවැතුම්ද ඊට ආරෝපණය වේ. හිරු තේපෝ ගුණයට උෂ්ණත්වයට අධිපති ග්‍රහයාය. සඳු ජලයට අධිපති ග්‍රහයාය. (පසළොස්වක පෝය දිනවලදී භූගත ජල මට්ටම වැඩි වන නිසා ළිඳේ වතුර ප්‍රමාණයද වැඩි වේ. එසේම ශාකවල මුල්වලින් පොළොව යට තිබෙන ජලය උරාගන්නා නිසා ගස්වලද ජලය වැඩි වේ.) පුරපස කපන ලද ගස්වල ජලය වැඩි වන නිසා ගුල්ලන් වැනි කෘමි සතුන්ගේ බලපෑම හේතු කොටගෙන එහි වටිනාකම ද අඩු වේ. එබැවින් දැව සඳහා ගස් කපන්නේ අව පක්ෂයේදීය. හිරු වටා යෑමට පෘථිවියට දින 365ක් ගතවන අතර එය රාශි 12න් බෙදූ විට මසකට දින 31ක් බව පැහැදිලි වේ. (දින 31ක් ගසක් ලෙස හඳුන්වන්නේ හිරුට අයත් ගසක් වන නිසාය.) මේෂ රවි – වෘෂභ රවි ආදී වශයෙන් හඳුන්වන්නේ රවි ග්‍රහයාගේ ගමන් මඟය. හිරු නියෝජනය කරන පිරිමි දරුවාට මසක කාලයක් වීමට දින 31ක් ගතවන අතර එදිනම උපන් ගැහැනු දරුවාට දින 28ක් වීමේදී පූර්ණත්වයට (මාසයක කාලයක්) ගතවේ. ගැහැනු දරුවන් දණ ගාන්නේ නැඟිටින්නේ කතා කරන්නේ ඉහත කී වැඩීම නිසාය පූර්ණත්වය වීම) මෙම ක්‍රියාකාරීත්වය හේතු වී ඇත්තේ සඳු ග්‍රහයාගේ බලපෑමය. මෙය තවදුරටත් පැහැදිලි කරන්නේ නම් සඳු ග්‍රහයා එක් රාශියක දින 2 1/2 ක පමණ කාලයක් ගත වන අතර, පොළොව වටා යෑමට දින 28ක් ගතවේ. ගති ලක්ෂණ - පිරිමියා හිරුට උපමා කරන නිසා ඔහු රළුය. හම ගොරෝසුය. අව පැහැයට බරය. ගැහැනිය සඳු ග්‍රහයා නියෝජනය කරන නිසා සම සිනිඳුය. සඳු වේගයෙන් ගමන් කරන ග්‍රහයකු වන අතර, කාන්තාව ගන්නා තීරණද ඉක්මනින් වෙනස්වීමට හේතු වේ. තවද ස්ත්‍රී පුරුෂභාවය නිගමනය කිරීමට නවාංශක ක්රමය හා සම / විෂමභාවයන් ලෙස හැඳින්වීමද විශේෂත්වයකි. (තත්කාල ශාස්ත්‍රයේදී මෙහි වැදගත්කම කැපී පෙනේ) තම ගෙවත්තේ වැවෙන ශාකවල ස්වභාවය හිරුට හෝ සඳු ග්‍රහයාට අයත් දැයි අපගේ පැරැන්නෝ අවබෝධ කරගෙන සිටියහ. උදා: වශයෙන් දැක්වුවහොත් උසට වැඩුණු කිතුල් ගසක අරටුවක් තිබෙන නිසා ගෘහ උපකරණ නිෂ්පාදනය කිරීමට පවා යොමු වී තිබේ. හිරුට අයත් ගසෙහි අතු විහිද යන්නේ අෑතින් වන අතර, එක් මල් පීදීමෙන් පසු තවත් මලක් ඒමට මාස තුනක පමණ කාලයක් ගත වේ. හිරුට මෙන් සඳු ග්‍රහයාටද අයත් කිතුල් ගසක්ද ඇති අතර එය දින 28ක ගසක් ලෙස සැලකේ. එහි අතු ළං ළංව පිහිටා තිබෙන අතර, මල් පිදීමේදී කාල පරතරයද අඩු බවක් පෙනී යයි. සඳුට අයත් (ස්ත්‍රී ගසක්) කිතුල් ගසක පහළ කොටස සිහින් වන නමුදු කඳ මැදින් මහත බවක් පෙනී යයි. එහෙත් අරටුවක් පිහිටන්නේ නැත. සඳුට අයත් (ස්ත්‍රී ගසක්) ලෙස ගැමියා හඳුනාගන්නේ මෙවැනි ලක්ෂණයන් ගෙනි. හිරුට අයත් කිතුල් ගසකින් ලැබෙන්නේ තෙලි දිය බෝතල් කාලක් වැනි සුළු ප්‍රමාණයක් වුවද මත්වන ප්‍රමාණයද වැඩි බව වැඩිහිටියෝ පවසති. සඳුට අයත් කිතුල් ගසකින් ලැබෙන තෙලිදිය ප්‍රමාණය වැඩි වුවද මත්වීම පිණිස වැඩි ප්‍රමාණයක් පානය කිරීමට සිදුවේ. හිරුට අත් ශාක සිටුවන්නේ අව පක්ෂයේ දිනයකදීය. එසේම අරටුවක් නැති සඳුට අයත් ගසක් පුර පක්ෂයේ වගා කිරීමටද අතීතයේ සිටම පුරුදුව සිටියේ පරිසරය පිළිබඳව ගැමියා තුළ තිබූ පුළුල් දැනුම නිසාය. පසළොස්වක පෝය දින මෙන්ම පුර/ අට අව නවවක, තුදුස්වක (14) තිථි රිට්ටා දිනයන්ද වගාවට අහිකර වන්නේ පොළොවෙහි ක්ෂුද්ර ජීවීන්ගේ ගහනය වැඩිවීම නිසාය. මේ දිනවල ශරීරයේ තුවාලයක් සිදුවුවහොත් සුව වීමටද කල්ගත වේ. එසේම සිවුපා හා කෘමි සතුන්ගෙන් වගාවට සිදුවන හානි වළක්වා ගැනීමටද සඳු ග්‍රහයාගේ ගමන් මඟ (තිථිය හෙවත් වක) පිළිබඳ දැනුම ගැමියන්ට තිබීමද කැපී පෙනේ

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk