Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

රට මුහුණදී ඇති කරදරවලින් ගැලවෙන්න ගමක් ගමක් පාසා ගම්භාර අප්පච්චිට පූජා පවත්වමු.

1 year ago 7 Min read
Subha.lk
මිථ්යාව සහ විද්යාව යනු කුමක්ද යැයි ඔබෙන් ඇසුවොත් ඔබ දෙන පිළිතුර කුමක්ද? එකවරම කියාවි මිථ්යාව යනු සාක්ෂියක් නොමැති ඔප්පු කළ නොහැකි නොපෙනෙන අසත්යයක්, විද්යාව යනු ඔප්පු කළ හැකි දැකිය හැකි සත්යයක් බව. එහෙත් ඔබ නොදන්න, සත්ය බොහොමයක් නොපෙනෙන ලෝකය තුළ සැඟව ඇත. නොදන්නවා වුවත් විවිධ අවස්ථාවන්හිදී නොපෙනෙන බලවේගයන් විසින් ඔබව ආරක්ෂා කරගෙනත් ඇති. වත්මන් මිනිසා දැනුමෙන් සන්නද්ධ වෙත්ම අතීතයේ අපේ මුතුන්මිත්තන් තම ජීවිතයේ යහපැවැත්ම, ආරක්ෂාව සඳහා යොදාගන්නා ලද දේව විශ්වාස, වැඳුම්, පිදුම්, වෙද, හෙද ක්‍රමයන් මිථ්‍යා මත වශයෙන් හඳුන්වන්නට පටන්ගත්හ. එහෙත් වර්තමානයේ ආර්ථික, සමාජයීය, දේශපාලන ගැටලුවලට මැදි වූ මිනිසා නැවත වතාවක් දෙවියන්ගේ පිහිට යදින්නටත් ඒ කෙරෙහි විශ්වාසය තබන්නටත් පටන්ගෙන තිබේ. ආගම දහමෙන් අෑත්වන මිනිසාට දෙවියන්ගේ පිහිට නොලැබේ. දෙවියන්ගේ සිත් පහදා ගැනීමට නම් බෞද්ධ දර්ශනය තුළින් ජීවිතය අර්ථවත් කරගත යුතුය. එදා අපේ රටේ ආර්ථිකය මෙන්ම දේශපාලනයද බුදු දහමට අනුව පෙළගැසී තිබිණි. රාජ්ය පාලනයද බුදු දහමට එකඟව සිදු වූ අතර රාජ්ය පාලකයෝද ධාර්මික වූහ. එසේ හෙයින් යටත්වැසි ජනයාද ධාර්මිකව ජීවත්වීමට කටයුතු කළහ. අද පාලකයෝ මෙන්ම ජනයාද විහාරස්ථානයෙන් අෑත්ව ගමන්කරනු පෙනේ. වෛරය, කේ‍රා්ධය, ආත්මාර්ථකාමීත්වය ඉස්මතුව ඇත. එසේ හෙයින් පාලකයෝ මෙන්ම ජනතාවද ගින්දර මත ජීවත් වෙති. රට මුහුණදී ඇති මේ කරදර බාධකවලින් සහනයක් ලබන්න නම් බුදු දහම පෙරදැරි කොටගෙන දෙවියන්ගේ සිත් සතුටු කර පිහිටක් ඉල්ලා සිටිය යුතුය. ඒ සඳහා ගම්භාර සූනියම් දෙවියන්ගේ පිහිට ලබාගැනීම ඵලදායක බවට අපට ප්‍රකාශ කළ හැක්කේ ගම්භාර දෙවියන් අපගේ මීමුත්තන් නියෝජනය කරන බැවිනි. ඒ සඳහා ගමක් ගමක් පාසා ජනයා එකතුව ගම්භාර සූනියම් දෙවියන්ට පූජා පැවැත්වීම කළ යුතු මෙවැනි අවස්ථාවලදී ආදි මුතුන් මිත්තන් භාවිතයට ගත් පැරණි පූජාවක් ඉදිරිපත් කිරීමට අදහස් කළෙමු. ගම්භාර සූනියම් දෙවියන් අසාධාරණයට එරෙහිව සාධාරණය වෙනුවෙන් පෙනී සිටින දේවතාවෙකි. යමෙකුව අසාධාරණ ලෙස හිංසාවට, පීඩාවට, අපහාසයට, අවමානයට, හිරිහැරයට, වෛරයට, කේ‍රා්ධයට පත්කරයිද එසේ කළ තැනැත්තාට කල්වේලා නොයවා දැඩි දඬුවම් ලබා දෙයි. සූනියම් දෙවියන්ට පිල්ලි දහ අටක්, අංගම් දහ අටක්, හූනියම් කිරීමට සහ හූනියම් කැපීමට මන්තර ලක්ෂය බැගින් හිමි බව කියැවේ. විශේෂයෙන්ම මෙතුමාට නිවැරදිව ගෞරව පෙරදැරිව භක්තිවන්තව පහන් තබන්නාට පුදුමාකාර ලෙස පිහිට ලැබේ. මහ සංඝරත්නයේ ආශීර්වාදය මත දෙවියන්ට, බුදුන්ට කැපවුණු පිරිසක් මූලික කර ගනිමින් පූජාව පැවැත්වීම සඳහා අදාළ ගම්පියසේ දේවාලයක්, විහාරස්ථානයක්, වැව් ඉස්මත්තක්, නුග සෙවණක් වැනි පිරිසුදු ස්ථානයක් තෝරාගත යුතුය. පූජාව සකස් කරන ආකාරය - පළමුව භූමියට කහ දියර ඉස පිරිසුදු කර බුදුන් වැඳීම සඳහා ස්ථානයක් සකස් කරන්න. මීළඟට ඇතුළත ඉඩකඩ ඇති පරිදි ගොක් අතුවලින් මල්පැල 03ක් සකස් කර ඇතුළත කෙසෙල් කොළ එළා ගත යුතුය. වම් පස පළමු මල්පැල පළාත භාර දෙවියන්ටද, මැද ගම්භාර සිද්ධ සූනියම් දෙවියන් උදෙසාත්, දකුණු පසින් ලෝක පාලක විෂ්ණු, බ්‍රහ්ම, ශිව දෙවියන් සඳහාත් සකස් කරන්න. මෙම ස්ථානයේම කැවුම් බැදගන්න. පලතුරු 07 ක් සහ කැවිලි 07න් ගම්භාර දෙවියන්ට පූජාවක් සකස් කර ගන්න. පළාත භාර සහ ලෝක පාලක දෙවියන් සඳහාද පලතුරු 07 බැගින් පූජා දෙකක් සකස් කර ගන්න. ඉහත ද්‍රව්ය සූදානම් කරගෙන කිරි මුට්ටි දෙක පිසගන්න. එක් මුට්ටියකින් කිරිබත් කැට හතක් කපා ගන්න. අනෙක ගොටුවලට සහ යහන්වලට පිදීම සඳහායි. ප්‍රථමයෙන් ස්වාමීන් වහන්සේ නමක් වැඩමවා බුද්ධ පූජාව පූජා කරවා කෙටි දහම් දෙසුමක් කර සියලු දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. අනතුරුව ගම්භාර දෙවියන්ගේ මල්පැල (තරමක් විශාල විය යුතුය) සඳහා පහන් 07ක්, සමන්පිච්ච මල්, පැන් කෝප්පයක්, කිරිබත් කැට 07ක්, කෝලිකුට්ටු 07, කැවුම් 07ක්, විලඳ මීපැණි, බුලත් කොළ හතක් මත වෙන වෙනම කාසියක්, පුවක් කැබැල්ලක් බැගින් තබන්න. මීළඟට පළාත් භාර දෙවියන්ගේ යහනට පහනක්, මල්, පැන්, කෙසෙල් ගෙඩියක්, කැවුමක්, බුලත් කොළයක් මත පඬුුරක් සහ පුවක් කැබැල්ලක් තබා කිරි දානය පූජා කරන්න. මීළඟට ලෝක පාලක දෙවියන් සඳහාද එසේම පූජාවන් තබන්න. අනතුරුව ගම්භාර සූනියම් දෙවියන්ටත්, පළාත් භාර දෙවියන්ට සහ කඩවර දෙවියන් උදෙසා ගොටු කැප කරන්න. ඒ සඳහා කිරිදානය බෙදා, කෙසෙල් ගෙඩියක්, කැවුමක්, බුලත් කොළයක් මත පඬුරක් සහ පුවක් කැබැල්ල තබා මැදින් විලක්කුවක් ගසන්න. යහන්වලට කිරි දානය පුදා ගොටු කැපකර දුම් අල්වන්න. ඉන් පසුව ගම්භාර දෙවියන්ට, “ශිවමස්තු නමෝරාම” යන දේව ආරාධනාව කර පැමිණ තිබෙන මේ කරදර බාධක ඉවත් කර රටත්, ජනී ජනයාත් ආරක්ෂා කර දෙන ලෙස ඉල්ලා ගම්භාර දේව කන්නලව්ව සිදු කරන්න. අනතුරුව ගම්භාර සූනියම් දෙවියන් ඇතුළු දෙවියන්ට පින් අනුමෝදන් කර මුඩ්ඩ සහිත පොල්ගෙඩිය හෝ ගෙඩි ගම්භාර යහන ඉදිරිපිට ගසන්න. පූජා ස්ථානය වරුවක් යනතුරු ඉවත් නොකරන්න

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk