Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

කොච්චර හම්බ කළත් මදියි කියන දෝෂ..

1 year ago 7 Min read
Subha.lk
කොළඹට තරමක් නුදුරු වෙලක් අසල පිහිටි මේ ඉඩමට ඔවුන්ගේ හිත ගියේ එහි තිබූ සුන්දරත්වය නිසාමයි. ඉඩම පිහිටියේ තරමක් බෑවුම් වෙන්නයි. එහි මායිම් හැඩයත් පිළිගත් වාස්තු හැඩයක් නොවන ආකාරයටයි තිබුණේ මොනවා හරි අඩු පාඩුවක් තියෙනවා නම් නිසි ආකාරයට දෝෂයක් නොවන්නට හරිගස්සාගෙන වැඩ කටයුතු කර ගැනීමටයි උත්සාහ කළ යුත්තේ මෙම වටිනා ඉඩ මෙන් නිසි ඵල නොගෙන සිදු කරගත් වාස්තු දෝෂ කීපයක් ගැන ලිවීම ඔබේ දැනුමටත් ප්රයෝජනවත්….. නොගැළපෙන හැඩතල : - නිවෙසේ හැඩතල එකිනෙක ගැළපෙන ආකාරයෙන් සෘජු කෝණාශ්රාකාරව තිබීම වැදගත් සමස්ත නිවෙසේ පිහිටීම එය පිහිටි ඉඩමේ මායිම්වලට ගැළපෙන පරිදි සකස් කර ගන්නේ නම් වඩාත් යහපත් අතුරු දිශාවන්ට පිහිටි කුඩා ඉඩමක ප්රධාන දිශාවන් ගැන පමණක් සලකා නිවෙසක් සැලසුම් කිරීමේදී ඇතිවෙන අයහපත් ප්රතිඵල බොහෝයි. ඒ වාගේම විෂම හැඩතල සහිත ඉඩමක එහි මායිමට සමාන්තර නිවෙසක් සෑදීමත් හැම අතින්ම දෝෂ ගෙන දෙනවා නිවෙස ඉදිකිරීමේදී මෙම විවිධ හැඩතල නිසා ටයිල්, සෙවිලි තහඩු ආදී අමුද්රව්යය අපතේ යෑමත් වැඩියි. ඒ විතරක් නෙවෙයි. නිවැරැදි ආකාරයට පල බෙදා වහලය ගැසීමට නොහැකි වීමෙන් ඇතිවෙන අසුබ ලක්ෂණ ප්රමාණයන් විශාලයි එම නිවෙසේ සැලසුම පරිදි උඩුමහල තනමින් සාදා නොතිබූ නිසා වහලයෙන් සිදුවෙන්නට තිබූ දෝෂයන් පහසුවෙන් නිවැරැදි කරගන්නට හැකියාව තිබුනි. ඊසානයේ දෝෂය : - වාහන නැවැතුමත්, පඩි පෙළත් ඊසාන දිශාවේදී ඇති කරන දෝෂය අතිමහත් මානසික සහනය අත්කර නොදීමත්. ආර්ථික වශයෙන් ඇති කරන පීඩාවන් නියත වශයෙන්ම බලාපොරොත්තු විය යුතුය. " කොතෙක් ඉපයූවන් මදි" කියා දැනෙන්නේ මෙවන් වාස්තු දෝෂ කීපයක් නිසා මෙම නිවෙසන් ඉදිකරමින් පවතින එකක් නිසා ඊසානේ තිබු මෙම කොටස් වයඹ ආශීරතව ඉදිකිරීමෙන් දෝෂ නැති කර ගත හැකිව තිබුණා. මායිම ඉවුරට : - ඉවුරු වැනි ස්ථානවල නිවාස හදන්න බැරි නැහැ නමුත් නිවෙසේ වැඩ කටයුතු සඳහා බාධා ඇතිවෙන්නට තියෙන තැන් හඳුනාගෙන ඒවා යටපත් වෙන ආකාරයට සැලසුම් කිරීමයි වැදගත්. ඉවුරු ආශීරත ඉදිකිරීම්වලදී නිවෙස තුළ ඇතිවෙන බැස්ම හා විශාල අත්තිවාරම් බැමි ආදිය ගොඩනැඟිල්ල තුළ පිහිටන ස්ථාන ගැන විශේෂ අවධානය යොමු කිරීම වැදගත්. මංගල දොරේ දෝෂය :- ප්රධාන ද්වාරය කියන්නේ නිවෙසකට සිරිකත බැල්මලන ස්ථානයක් මෙය නිවැරැදි මිමි අනුව සකස් කර නොගෙන නිසි තැන සව් නොකළහොත් ඉහළින් පෑගීමෙන් පීඩාවන් ඇති වුවහොත් ඉදිරියෙන් හා පිටුපසින් බාධාවන් ඇති වුව හොත් අප බලාපොරොත්තු වූ ප්රතිඵල අත්කර දෙන්නේ නැහැ. ප්රධාන ද්වාරය සමඟ පිටවීමේ සෙසු දොරවල් සැලකීමේදී නැගෙනහිර හා දකුණු දිශාව පමණක් ගැළපෙන්නේ නැහැ "නන්ද " වර්ගය නම් වූ මෙහි වාසය කරන කාන්තාවන් සඳහා අයහපත් ප්රතිඵල අත්කර දෙන බව වාස්තු නියමයයි. තවත් දොරක් උතුරට දමා බොහෝ සැප සම්පත් ලබාදෙන "ධනධ" වර්ගයට හෝ බටහිරට දොරක් යෙදීමෙන් බොහෝ බවබෝග සැප සම්පත් ලබාදෙන " සුමුඛ " වර්ගයට පත් කළ හැකියි. කාලයක් තිස්සේ හම්බ කරන ධනයෙන් නිසි ප්රයෝජන ගන්නට මෙතෙක් ඉඩ නොදී වැය අධික කරන්නට හේතු වූ දෝෂ තත්ත්වයන් හඳුනාගෙන ඒවා නිවැරැදි කරගන්නටයි මෙම නිවැසියන් උත්සාහ ගත්තේ.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk