Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

ජීවන මඟ සොයා ගැනීමට ඔබේ ජන්ම පත්රය මෙවලමක් යෑයි සිතන්න..

1 year ago 7 Min read
Subha.lk
සිංහල භාෂාවෙන් ජන්ම පත්රය, කේන්දරය. කේන්ද්රය සහ හඳහන ලෙස හඳුන්ව උපන් නැකතේ ග්රහ පිහිටීම ඉංග්රීසියෙන් "හොරස්කෝප්" යනුවෙන් හඳුන්වනු ලබයි. ග්රීක භාෂාවෙන් " හොරස්කෝප්" යනු කාපුර කරු " යන්න වේ. ග්රීක ජාතීන් මේ නම භාවිත කළේ, උදා- ලග්නය පිණිස වුවත් දැන් මුළු ජන්ම පත්රය සඳහාම මෙය භාවිත කෙරේ. ජන්ම පත්රය එක් ස්ථානයක සිට බලන විට යම් කාල මොහොතක් පිළිබඳව විස්තර කෙරෙන දර්ශන තලයක් වැනිය. ගෙවෙන හැම මොහොතක්ම ඒ මොහොතටම සුවිශේෂ වන අතර, එසේ වෙනස් වන මොහොතක් පාසා, ඒ මොහොතට සුවිශේෂි අදහස් සංසිද්ධි හා රටාවන්හී ගුණාංග ද සටහන් කරයි. යම් මොහොතකට උපන් පුද්ගලයෙකු පිළිබඳව සාදන ජන්ම පත්රය. ඒ තැනැත්තා උපන් මොහොතට උපන් ස්ථානයට සුවිශේෂ වූ සියල්ල හා බැඳුණු සටහනක් වනු ඇත. එය ප්රතික්ෂේපන යන්ත්රයක දිවෙන චිත්රපටයක අප පෙනී සිටින දර්ශන නිශ්චල කර බලන්නාක් වැනිය. අපට සුවිශේෂ වූ සියල්ල ජන්ම පත්රයේ ඇති නමුත් එයින් ද්විමාන චිත්රයක් තිබේ යැයි අනුමාන නොකෙරේ. ජන්ම පත්රය භූමි සිතියමක් වැනිය මේ භූමියේ සමහර තැන් මෘදුය. ගස්කොළන් වලින් යුක්තය. සරුසාරය. සමහර පෙදෙස් බෑවුම් සහිතය. ගල් සහිත දීර්ඝ මාර්ගවලින් යුක්තය මේ සිතියමේ ආධාරයෙන් ගමන් ගත් අයෙකු පවසනුයේ එය සිතියමක් පමණක් බවය. එමඟින් දැක්වෙන රටේ පෙනුම හා එහි ජනතාවගේ සිතුම් පැතුම් ආදිය කෙසේද යන්න පෙන්වන බවයි. අපගෙන් ඇතැම් අයට ජීවිතයේ ආරම්භයේදී මේ ගමන යාම සඳහා අවශ්ය මාර්ගෝප කරණයන් අප උපන් මොහොත සාමකාමි හා ආර්ථීක සමෘද්ධියෙන් යුතු වූ අවධියක් විය හැකිය. අප ගෙදර පරිසරය සිත් ගන්නා සුළු හා සුව පහසු විය හැකිය අප දෙමාපියන් යහපත් විවාහ ජීවිතයක් ගත කරමින් සිටිය හැකිය. මේ ආකාරයෙන් කාලය, ස්ථානය, පවුල හා පරිසරය පිළිබඳව යම් යම් අඩු පාඩුකම් හා පසුබෑම් තිබුනද සමහරුන් තම දිවි ගමනේදී වඩාත් හොඳ බලාපොරොත්තු තබා ගන්නා බව පෙනී ගොස් තිබේ. ජන්ම පත්රය තමාට උරුම වූ හැකියාවන් විදහා දක්වයි. එය දැකිය හැක්කේ යම් කිසි අන්තර්ගතයක් සමඟිනි. උදව්කාර මග පෙන්වන්නෙකු ලෙස ජන්ම පත්රය එයට උපකාරි වේ. ලග්න රාශි, භාව ග්රහයන් ආදිය නියෝජනය කරන මේ සංකේත අපට ප්රකාශ කරන්නේ අප ජීවිත අත්දැකීම් ලබන්නේ කුමන ආකාරයට ද එමෙන්ම ඒවාට අප ප්රතිවාර දක්වනු ඇන්නේ කෙසේද යන්නය. එහෙත් ජන්ම පත්රයෙන් අපට නොකියවෙන ගමන් මගේ ජීවිතවලට පොදු වූ නිශ්චිත වශයෙන් අර්ථ දැක්විය නොහැකි කරුණක් ද ඇත. ඒ ආත්මයයි. මිනිස් සත්ත්වයා පිළිබඳව සියල්ල පෙන්වාදීමට හෝ සියල්ල ගැන පිළිතුරු දිමට හෝ ජ්යොනියට නොහැකියි .ජ්යොතිෂය පමණක් නොව මේ සියලු දෑ කළ හැකි අන් කිසිවක් ඇද්ද යන්න ද සැක සහිතය. මෙවැනි ප්රශ්න ගැන උත්තර සෙවීම සඳහා අවුල් ජාලයකට අපේ මනස යොමු කරනවා වෙනුවට මුනිදාස කුමාරතුංග විද්වතා පෙන්වා දුන් පරිදි අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොගනී " යන අදහසට යොමු වී තමන්ගේ ජීවිත කටයුතු මෙහෙයවීම වටී. එවිට නමන්ගේම ගමන් මග එළිපෙහෙළි කර ගැනීම සඳහා ජන්ම පත්රය ප්රයෝජනවත් මෙව්ලමක් වනු ඇත. ජන්ම පත්රය පිළිබඳව කතා කිරීමේදී ජන්ම පත්රයක ව්යුහය හා එහි මූලික අංගෝපාංග ගැන දැනුමක් ද ලබාගැනීම උදාහරණයක් වශයෙන්, දිවංගත ගරු ඇස්. ඩබ්. ආර්.ඩි බණ්ඩාරනායක මහතාණන්ගේ ජන්ම පත්රය පෙන්වා දිය හැකිය මෙම ජන්ම පත්රයේ වැදගත් කමක් ඇත්තේ කුම්භ රාශියයි. කුම්භ රාශිය එහි සූර්ය රාශිය නොවීම නිසා ඒ රාශියේ පාලක ග්රහයා වන යුපතක් උදා ලග්නයේ ප්රබලව පිහිටා සිටීම නිසාය කුම්භය හඳුන්වනුයේ ප්රගතශීලි රාශියක් විශේෂයකි. එය පුද්ගල අයිතිවාසිකම්, මෙන්ම සමාජ කාරණා ද නිදහස් අදහස් ද නියෝජනය කරයි. යුරේනස් සතුව ඇත්තේ. සම්ප්රදායෙන් මිදුනු විප්ලවීය පුද්ගලත්වයක් වේ. ඉතා පැහැදිලිව නිර්මාණශීලී ආත්ම කථනයක් ඇත. උසස් බුද්ධියකට හිමිකම් පමණක් නොව සිය මතයන් පිළිබඳව නව කල්ප එළිදැක්වීමේ සමතෙකු වනු ඇත. එදා සමාජයේ පැවති දේශපාලන ගති ලක්ෂණ වලට විරුද්ධව විප්ලවවාදීව සිය අදහස් දේශන හා ලේඛන මගින් පැහැදිලි කරදීමේ දක්ෂණයක් ද විය. කුමන යුරේනස් විශේෂත්වය. මෙහිදී කිසියම් ආකාරයක් නිවුණු බවක් පෙන්වයි.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk