Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

ජන හද දිනාගන්නට පණ්ඩුකාභය රජු ගෙල පැලඳූ ශ්‍රී රාමය යන්ත්‍රය රාජයා …

1 year ago 7 Min read
Subha.lk
විවිධ ග්රන්ථවල එකිනෙකට වෙනස්ව සඳහන් ශ්රී රාමය, මහවිෂ්ණු රාමය, මහා විෂ්ණු අවතාර බන්ධනය භාරතීය හා අප රටේ ද්රවිඩ හින්දු කෝවිල්වල කොටස් වශයෙන් ගයන බව පෙනේ. රෝගියකු මරණාසන්න වේලාවට පෙර ජීවත්ව සිටියදීම පාංශුකූලය දී බෞද්ධයන් බණ කියවනවා වගේම භාරතීය ඉන්දියානු දමිළ, හින්දුන්ද අසාධ්ය රෝගියා වෙනුවෙන් අවසාන මොහොතේ මෙම ශ්රී රාමය කියැවීම සිරිතක් බව මහා භාරතයේ ඉන්දියාවේ මා දිල්ලියේ සිටින අවධියේ සියසින්ම දැක ඇත. අපේ ආදිතම මුත්තා විජය රජු බව පැරැන්නෝ කියති. මොහු ලක්දිවට පැමිණියේ ඉන්දියාවේ වංග දේශයේ සිට මුහුදු මාර්ගයෙනි. තරුණ වියේදී විජය තරුණ පිරිස් සමඟ එක්වී රට වැසියන්ට තාඩන පීඩන කරන දාමරිකයකු විය. මෙය දැනගත් ඔහුගේ පියා වන සිංහබාහු රජු කොතරම් අවවාද කළත් නොඇසූ නිසා දාමරිකයන් හා මොහුත් සමඟ 700ක් දෙනා අල්ලා හිසේ පැත්තක් මුඩුකොට නැවක නංවා මුහුදේ පා කළ පසු තද සුළඟේ පාවී ගොස් ඉන්දියාවේ බටහිර වෙරළේ පිහිටි ‘භාර කච්චු, සුප්පා කරා, කල්‍යාණි’ ආදී නැව් තොටවල් පසුකර ඉන්දියානු අර්ධද්වීපයේ දකුණින් පිහිටි ලක්දිව උරුවෙල් තොටින් ගොඩබැස ඇත. එහි බිම තඹවැල්ල නිසා තම්බපණ්ණි යනුවෙන් නම තැබූහ. විජය ගොඩ බසින විට යක්ෂ, නාග, දේව යන නම්වලින් හැඳින්වූ ගෝත්‍රික මනුෂ්ය කොටසක් ජීවත්ව ඇත. විජය කුවේණි නම් යක්ෂ ගෝත්‍රිකියක් සමඟ විවාහ විය. කුවේණි තම වර්ගයාට එරෙහිව සටන් වැදී විජය කුමරු ලක් රජු බවට පත්කළාය. පසුකල ඔහු කුවේණි මරාදමා ඇගේ දරුවන් වනගත ප්‍රදේශයට පලවා හැරියේය. ඔවුන් වනගත විය. විජයගෙන් ඇරැඹෙන සිංහල ජන පරම්පරාව වනගතව ජීවත්වන වැදි පරපුරයි. ඔවුන් අතරද අදත් ප්රබල මන්ත්ර, කෙම්ක්රම යන්ත්ර ක්‍රියාවන් ඇත. කලකදී පිටිසර ගමක් වූ ෙදාරමඬලාවේ ගොපලු ගෙදරක රහසින් ඇති දැඩි වූ පණ්ඩුකාභය නම් වූ කුමරු ජීවතුන් අතර සිටින බව දැනගත් මාමාවරු ඔහු මරා දැමීමට උත්සාහ කළද දෛවෝපගතව බේරී ඇත්තේය. පණ්ඩුකාභයගේ මව වන චිත්‍රා කුමරිය මෙම කුමරුවා පණ්ඩුල බ්‍රහ්මයා වෙත යවා ශිල්ප ශාස්ත්රය උගත් කුමරුට පෙර නැකැත් ඇදුරන් කී අනාවැකි අනුව මාමා සමඟ යුද්ධ කර තමාගේත් මවගේත් ජීවිත බේරාගෙන අභය නමැති මාමාද බේරාගෙන අනෙකුත් මාමාවරු මරා එක් මාමා කෙනකු වන ගිරිකණ්ඩ සිව රජුගේ දියණිය වූ ස්වර්ණපාලි කුමරිය මවුපිය අනුමැතියෙන් තොරව විවාහ කරගත් පණ්ඩුකාභය කුමරු අනුරාධපුරයට ගොස් ලක් රජු විසින් ඔටුනු පැලඳ අනුරාධපුර නගරය මනා සැලැස්මක් යටතේ සකස් කර අවුරුදු 77ක් ලක් රජ වශයෙන් පාලනය කළේය. එසේ යුද්ධයෙන් ජය ගැනීමට, ලක් රජවීමට උපයෝගිව ඇත්තේ විජය කුමරුගෙන් චිත්ර කුමාරිය රහසේ ලබාගත් මෙම ශ්‍රී රාම යන්ත්රය පැලඳීමෙන් බව මන්ත්‍රවේද ග්‍රන්ථ පුස්කොළ පත් ඉරුවේ සඳහන් වේ. ඊට පසු මුළු දකුණු ආසියාවේම හින්දුන් හා බෞද්ධයන් අතර නිරන්තර ජනප්‍රිය විෂයක් වූ ජේ‍යාතිෂය, ගුප්තබල මන්ත්ර යන්ත්ර මෙන්ම වෛද්ය විද්‍යාව පිළිබඳ කෘතිද බිහිවන්නට විය. (මේ ශ්‍රී රාමය යන්ත්‍රයේ පුරාණය පිළිබඳ කෙටි විස්තරයකි) මෙම යන්ත්රය සකස් කර ගන්නේ මෙසේය. පුර පක්ෂයේ රවි දින රවි හෝරාවෙන් තඹ – රිදී – පතක ඇඳගන්න. අඟල් 2 පළල, දිග 7ක් සිටින සේ. ඉන්පසු මල් යහන තනා රතු මල්, බුලත් 33, තැඹිලි 1, පලතුරු 9, පොල් ගෙඩි, කපුරු, තින්නූරු, හඳුන්කූරු, පහන් 3, සාම්බ්‍රානි, කඩල, වෙරි 5 වර්ග, පුළුටු 5, කැවිලි, කිරිබත් තබා එළකටරොලු මුල්, ඇට, රටකොහොඹ මල්, දුටුසතුටු, රතු කෝමාරිකා, ත්‍රයිලෝක්ය විජය පත්‍රම්, අමු කපුරු, එළ අබ, නිල් මහනෙල් රේණු, පුෂ්කර, හිරියල්, හඳුන් තෙලින් අඹරා අව්වේ කකාරා යන්ත්‍රයේ ගා කළුමැද මේ පහත මන්ත්‍රයෙන් 108 වර නැඟෙනහිර දිශාව බලා මරුට පිටුපා ජප කරගන්න. මෙයට පලිප්පු, ප්‍රාණ, දිෂ්ටි නොමැත. මන්ත්රය ප්‍රබලයි. ඒ මහා ශ්‍රී රාමය මන්ත්රය - “ඕං ග්‍රීං ශ්‍රී රාමනම් මෛයුම් මේලි වටුම් තාලුම් තලගු මෙන්තී යුම් මෙයියිම් පාවමුම් මයිල් රාමා කොන් ඩුම් යේ ලෙන්ති රෙන්ඩි නාලා ශ්‍රී රාමා රාමා ජේමාමාරෝමා අරි රාමා රාමා මද රාමා රාමා පද රාමා රාමා අප් රාමා රාමා ශිව රාමා රාමා ජේක වල්ලියා රාම අකිල පුද නාන ලෝක සකල වඩි වායා අච්ජයා නිච්ජයා අච්චජ්ජ රත්තනේඉව ටක්කා රත්තනේ පාවක්කඩල් අර්ථවා ගතජ්ජේසි නිරුත්තවා ගරුඬ වාහනා ධර්ම රාගවා විෂ්ව රූප මාන වාසි නාරිජ්ජිං භ්‍රගුරූප මාන වායි නාරිජ්ජිං මවා උච්චු ද්‍රානු වාමන උරේර් පරසු මානනේ බල බද්‍රා රාමනේ ජේක්‍රිෂ්ණ රාමනේ උග්‍රමේ විසිත්තනේ අග්‍රමේ විසිත්තනේ අධිර්ධි නාරායනේ - මෙච්ජූ ගෝවින්දනේ ජල්ලි මින්දි වල නලා විලෝ වනේ වෛකුංඨ ආසනේ ව්‍යා දණ්ඩ සිද්ධනේ ජීතාම්ඹු රත්නනේ කංගුකුල පත්මතේ වේද වේදාංච සිද්ධ රංබු කංඩ වාවම් මරව කුර්ත වාසනේ සයනේ ගුර්තවා මඳන ගෝපාලනේ මදනාරුසිලනේ කුංජරම් මෙත්තේ පුුඩි පංචවා කතංගත්තවා අලුල් දුලිත් තවා අල්ලම් මත්තිනා ජාවන දක්ජිනාටා තුගුල්පක්ෂිතෙ වෙයිලු සුරියෙල්යිම් බ්‍රනා වුයිල් උවඳු මුකම් පෙයිත්ත වා කරුණාකඩකිරික් ගිරි තුඩවාකණ්ඩ කුන්දවාර මතදු සවල් විදිත්වා සීරා උඩි පුඩික්කච අණ්ඩ විඩු පිණ්ඩ විඩු රෙණ්ඩු සිවත්තවා අරවඩේ සිල්ල මාද පුඩියා කමා පිලිත්තනේසරවිල් මිදිත්තවා මාවිලිත්තනේ සරවිල් මිදිල් මිත්තවා - තේඩීය පත්තනේ සාඩිය කරුත්තනේ කාරණාවෛ දිල්ලා රාවණ වෙණ්ඩසවා ආදි සයුරු අවරු වරු වරාකවෙ අසුර කෝලකාර නේබුජ බල පදාදියා පුණඩිල් වරවා මදනීවා කාරු කුදැල් මිදිත්ත වා වා රන් වරන්තයා වඩික්තන් අරුත්තවා වෝදාන් මලතිසී මදන වාලනේ අයියෝ ශ්‍රී රාමනේ මෙයි කෙද්ද රාමාය කාන කන යුරු මානන්ද වර වර සුප්පන ගුමුක්කුදේස් නෛ නරුත්වා සන්තු වායුමත් කුංඩලම් කණ්ඩු වායු ඉරිනුත්තු ගිරි උරිද්දනේ හවායි ත්‍රයිර්ලිකාලනේ පංච වර්ෂනේ නේ පච්චු මුප්පඩම් ජේනුන් - ආජන් නා සෟඩන්තුවා පරසු වඩිතවා දේව කෝලුම් පුර්දි තිරුඩුනුත් පුර්තයි අනවර අදි තවා රුක්කු මානංගු දානුක්ත ජෙමිසුජවරං නල ගුවා වාලි මදත්තවා බේලේ විරිත්ත මූණ නේ කරා අත්තාරෝ මුවසියෙල් යෙන්ඩ වාමයිල් රාවණා භව සවා විභීෂණ තෝක්කු තෝකු තෝ ගෞඩේල් සර්පන් කුරුමානේ මා කිනාවු පරින්දමා ආකීවාල් සුරුන්ද්ර පිලනේ තෝලකුන්දු සර්පං කාමදර්පං මේ දෙන්ඩ නර නෛයිනඩවායි රත්යේන පිල්ප පායි අකිල මනක මාදරුතුරි වුරින්දමේ ශ්‍රී රාම රාමන් නාරායන හරි හරා ගෝවින්ද සිවාකා.” (108 හරියට ජප කර පැලඳීමෙන් ඔබට අත්වන ශුභයන් අප්‍රමාණයි) එයින් ටිකක් මෙන්න දැන ගන්න. කාන්දමට ඉදිකටුවක් ඇදෙන්නා වගේම ජන හද බැඳී ඇදී සර්ව ජනතාවම වශී වේ. යන එන තැන ජය හා තරගවලින් ජය සිකුරුයි. තුන්ලෝකයහි දෙවි, මනුෂ්ය, වශී වී ආරක්ෂා වේ. තම අභිමතාර්ථයන් ඉටුවේ. යුද, නඩුවලින් ජය අත්වේ. වෙළෙදාම, ව්‍යාපාර දියුණු වේ. අධ්‍යාපනික ශාස්ත්‍රීය නුවණ ලැබේ. විවාහ තහංචි ප්‍රමාද වළකා යහපත් විවාහ ඉටු කරයි. දිළිඳු බව නැතිවේ. දියුණුව ඇතිවේ. විභාග ජය අත්වේ. රජුන් වසඟයට රාජ වශියකි. යක්ෂ, ප්‍රේත, භූත, සූනියන් නොවදී. බැල්ම දුරු කරයි. නවග්රහ අපල සදහටම දුරුවේ. ධනලාභ, භූමිලාභ ලැබේ. වෙඩි නොවදී. සතුරන් මිතුරන් වේ. ස්ත්‍රී, පුරුෂ වශියකි. ලොල්වේ. ස්ත්‍රී, පුරුෂ උත්තේජනයට සමන් මල්, දෙලුම් රේණු යෝනි සොරස ශ්‍රවයෙන් අඹරා 21 වර මතුරා ආලේප කර සංසර්ගයේ යෙදීමෙන් සැමියා රන් රස සේ එක්වේ. වෙන නොවේ. දිවි ඇතිතෙක් දෙවියන්ගේ ආධාරයෙන් වස්තු ලාභ ලැබේ. පිරිමින්ගේ හා ගැහැනුන්ගේ විවාහ දිවියට බාධා කරන කාම නිල අක්‍රියවීම වළකා ක්‍රියාත්මක කර සැපවත් ලිංගික රසයක් ලබාගැනීමට හා විවාහ ජීවිතයේ නියම ප්‍රීතිය නොඅඩුව ලබාගැනීමට ශාන්තියට, වශීකරණයට, ස්තම්භනයටත් මෙම නියම ශ්‍රී රාමය යන්ත්රය පැලඳීමෙන් දස බිම්බර බිඳ හස්ති සමූහයා මැදට වත් කේශර සිංහ රජකු මෙන් පෙනී ජය අත්වේ. ලෝක වශීයයි. මෙම යන්ත්රය පලඳින්නා මෙහි පෙන්වා ඇති ආකාරයට රිදියෙන් සුරයක් හදා තෛලය සහ අඳුනද යන්ත්රයද බහා පැලඳීම කළ යුතුයි.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk