Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

දෝෂ ඇති නොවන සේ දෙවියන්ට පහන් තියන හරිම ක්‍රමය මෙන්න…

1 year ago 7 Min read
Subha.lk
බොහෝ දෙනෙක් අද වන විට විවිධ දෙවි දේවතාවුන් උදෙසා පහන් දල්වා පූජා කරයි. නමුත් බොහෝ දෙනෙක් කියන දෙයක් තමයි, කෙතරම් දෙවියන්ට අපි පහන් තැබුවත් දුක් කරදර පීඩාවල අඩුවක් නැති බව. එයට හේතුවක් වශයෙන් ඔබ නිවැරදිව වත් පිළිවෙත්වලට, නිවැරදි වේලාවට දෙවියන්ට පහන් පූජා නොකිරීම දැක්විය හැකිය. දෙවියන්ට පහන් තැබීම සඳහා ඒ ඒ දෙවියන්ට වෙන්වූ විශේෂ වූ කාල චක්‍රයන් පවතී. ඒ ඒ වේලාවන්ට ඒ ඒ දේවතාවන්ගේ, යක්ෂයන්ගේ දිෂ්ටි ක්‍රියාත්මක වේ. අන්න ඒ වෙලාවන් නිවැරදිව දැන ගෙන දේවතාවුන් වහන්සේලාට පහන් දැල්වීමෙන් පූජාවන් තැබීමෙන් වඩා යහපත් ප්‍රතිඵල ලබා ගත හැකිය. (මෙය උදෑසන සහ රාත්‍රි දෙකටම පොදු වේ) – 05.00 – 05.24 දක්වා ධර්ම දේවතාවුන්, – 05.24 – 05.48 දක්වා මහා බ්‍රහ්ම දෙවි, – 06.00 – 06.24 දක්වා මහා සොහොන්, – 06.24 – 06.48 දක්වා රීරි යක්ෂයාට, – 06.48 – 07.12 දක්වා සූනියම් යක්ෂයාට, – 07.12 – 07.36 දක්වා කඩවර යක්ෂයාට, – 07.36 – 08.08 දක්වා කළු කුමාරයාට, – 08.08 – 08.24 දක්වා ශ්‍රී දුර්ගා මෑණි,මහා කාලි මෑණි, – 08.24 – 08.48 දක්වා මදන යක්ෂයාට, – 08.48 – 09.12 දක්වා ගොපලු යක්ෂයාට, – 09.12 – 09.36 දක්වා බහිරව දෙවියන්ට, – 09.36 – 10.00 දක්වා කොහොඹ යක්ෂ, – 10.00 – 10.24 දක්වා සූනියම් දෙවි, – 10.24 – 10.48 දක්වා දැඩිමුණ්ඩ දෙවි, – 10.48 – 11.12 දක්වා කතරගම දෙවි, – 11.12 – 11.36 දක්වා වීරමුණ්ඩ දෙවි, – 11.36 – 12.00 දක්වා පත්තිනි මෑණි, – 12.00 – 12.12 දක්වා සරස්වතී මෑණි, – 12.12 – 12.24 දක්වා විෂ්ණු දෙවියන්ට, – 12.24 – 12.36 දක්වා ශිව දෙවියන්ට, 12.36 – 01.00 දක්වා සතර වරම් දෙවි, – 01.00 – 01.24 දක්වා සුමන සමන් දෙවි, – 01.24 – 01.48 දක්වා විභීෂණ දෙවි, – 01.48 – 02.00 දක්වා ඉන්ද්ර (ශක්ර) දෙවි, වශයෙන් පැරණි පුස්කොල පොත්වල දක්වා ඇත. සැ.ය – මේ වේලාවන්ටම ඔබට දෙවියන්ට, පහන් දැල්වීමට නොහැකි වූවාය කියා ඔබෙන් සිදු වෙන වරදක් හෝ පාපයක් නොමැත. ඔබට පහසු සුදුසු එකම වෙලාවකට දිනපතා දෙවියන්ට උදෙසා පහන් තැබීමද වරදක් නැත. අවශ්ය වන්නේ ඔබේ සිතේ පිරිසුදු භක්තිය හා විශ්වාසයම පමණයි. නමුත් සෑම දෙනාගේම දැනුමට හා අවබෝධය පිණිස, ශාස්ත්‍රීය පදනම මත මෙසේ පහන් තැබීමට සුදුසු වේලාවන් ඉදිරිපත් කර සිටිමි. අප සියලු දෙනාම විවිධ දෙවි දේවතාවුන් වහන්සේලා වන්දනාමාන කිරීමට පුරුදුව සිටින්නෙමු. ඒත් බොහෝ බැතිමතුන් තම තමන් වන්දනාමාන කරන දෙවි දේවතාවුන් වහන්සේලා පිළිබඳව දන්නා තොරතුරු විස්තර අල්ප විය හැකිය. එම නිසා මම කල්පනා කරා ඔබ සැමට ප්‍රයෝජනවත් වන පරිදි, විවිධ දෙවි දේවතාවුන් වහන්සේලා පිළිබඳව වැදගත් තොරතුරු සරල ආකාරයෙන් ඔබ සැමට පැහැදිලි කර දෙන්නට. මහා ගණපති දෙවියන් - වර්ණය : කහ, දිනය: බදාදා, ප්‍රධාන දෙවොල: නල්ලූර්, යාපනය, ආයුධය: පශුපති හස්ත්රය (පොරව), වාහනය: මූෂිකයා (මීයා), ඵල : ශුභ, සෙත්, අධ්‍යාපන, දියුණුව, පූජාවට සුදුසු ද්විශේෂ පූජා ද්‍රව්යය: - සුදු, කහ පැහැති මල් වර්ග, බෙලි පත්ර, බෙලි කොළ මාල, එළඟි තෙල් පහන්, මෝදක, ලඩ්ඩු පූජාව, පූජාසනය ආකර්ෂණය කර ගැනීම සඳහා - රස කැවිලි, උක් දඬු, දෙකට බිදූ පොල් පූජාව, ඊශ්වර හෙවත් ශිව දෙවියන් - වර්ණය : තැඹිලි, දිනය : ඉරිදා, ප්‍රධාන දෙවොල: කෝනේශ්වරම්, ත්‍රිකුණාමලය, ආයුධය : ත්‍රිශූලය, වාහනය : නන්දි නම් ගවයා, ඵල : ශුභ, ශාන්ති, යුක්ති, පූජාවට සුදුසු ද්විශේෂ පූජා ද්‍රව්යය: - සුදු පැහැති මල් වර්ග (ගැටපිච්ච, කපුරු මල්), බෙලි පත්ර, බෙලි පත්ර මාල, කොහොඹ තෙල්, ගිතෙල් පහන්, පූජාසනය ආකර්ෂණය කර ගැනීම සඳහා: - රුද්‍රාක්ෂ මාලාවන්, ත්‍රිශූල හා උඩැක්කි (ඩමරු), නාග රූප, පූජනීය අළු (විභූති) තබන්න. ශ්‍රී මහා දුර්ගා මෑණියන් - වර්ණය : රතු, දිනය : සිකුරාදා, ප්‍රධාන දෙවොල : මුන්නේෂ්වරම් දෙවොල, ආයුධය : ත්‍රිශූලය, වාහනය : සෝම නන්දි නම් සිංහයා, කොටියා, ඵල : යුක්ති, ආරක්ෂාව, ආශීර්වාදය, පූජාවට සුදුසු ද්විශේෂ පූජා ද්‍රව්ය: - රතු පැහැති මල් වර්ග (සපත්තු මල්), කොහොඹ පත්ර, කොහොඹ කොළ මාලා, දෙහි මාලා, වඩේ මාලා, එළඟි තෙල් පහන්, කැඳ, උලුදු වඩේ, සයිවර් කෑම, පූජාසනය ආකර්ෂණය කර ගැනීම සඳහා: - රතු සාරි අන්දවා, මංගල සූත්ර දමා, කුංකුම තිලක තබා, රතු වළලු දමා, ත්‍රිශූලය, කඩුව තබන්න. විෂ්ණු දෙවියන් - වර්ණය : නිල්, දිනය : සෙනසුරාදා, ප්‍රධාන දෙවොල : දෙවි නුවර උපුල්වන් දෙවොල, ආයුධය : සුදර්ශන චක්රය, වාහනය: ගුරුළා (උකුස්සා), ශ්‍රේෂ්ඨ නාග් රාජ් දෙවියන් මතද වැඩ සිටියි, ඵල : ශුභ කටයුතු සඳහා, පූජාවට සුදුසු ද්විශේෂ පූජා ද්‍රව්යය: - සුදු හා නිල් පැහැති මල් (සමන් පිච්ච, නිල් කටරොළු,), මදුරුතලා පත්ර (තුල්සි), තුල්සි කොළ මාලාවන් ගිතෙල් පහන්, පූජාසනය ආකර්ෂණය කර ගැනීම සඳහා: - වාලම්පූරි, හක්ගෙඩි, ගධායුධයන් තබන්න. කතරගම දෙවියන් - වර්ණය : රතු, දිනය : අඟහරුවාදා, ප්‍රධාන දෙවොල : කතරගම මහා දේවාලය, ආයුධය : වේලායුධය, වාහනය : මොනරා, ඵල : ශුභ, සෙත්, යුක්ති, ජයග්රහණ, පූජාවට සුදුසු ද්විශේෂ පූජා ද්‍රව්ය:- රතු පැහැති මල් වර්ග, අඹ පත්ර, තල තෙල් පහන්, පූජාසනය ආකර්ෂණය කර ගැනීම සඳහා: - වේලායුධ, මොනර පිහාටු තබන්න. සුමන සමන් දෙවියන් - වර්ණය : සුදු, දිනය : සදුදා, ප්‍රධාන දෙවොල : සබරගමුව මහා දේවාලය, ආයුධය : ආයුධ නැත, සුදු නෙලුම් මලක්දරයි, වාහනය : ශ්වේත වර්ණ හස්ති රාජයා, ඵල : ආශීර්වාද, ආරක්ෂාව, පූජාවට සුදුසු ද්විශේෂ පූජා ද්‍රව්ය: - සුදු, කහ පැහැති මල් වර්ග, බුලත් පත්ර, තැඹිලි තෙල් පහන්, පූජාසනය ආකර්ෂණය කර ගැනීම සඳහා: - සුදු, රතු නෙලුම් මල් පූජාව, පත්තිනි මෑණියන් - වර්ණය : කහ, දිනය : බදාදා, ප්‍රධාන දෙවොල : නවගමුව මහා දේවාලය, ආයුධය : සලඹ , වාහනය : නැත, ඵල : සෙත් ශාන්ති, දරු සම්පත්, පූජාවට සුදුසු ද්විශේෂ පූජා ද්‍රව්ය: - කහ පැහැති මල් වර්ග, අඹ පත්ර, එළඟි තෙල් පහන්, පූජාසනය ආකර්ෂණය කර ගැනීම සඳහා: - සළඹ තබන්න. දැඩිමුණ්ඩ බණ්ඩාර දෙවියන් - වර්ණය : රතු , දිනය : සෙනසුරාදා , ප්‍රධාන දෙවොල : අලුත් නුවර මහා දේවාලය , ආයුධය : වේවැල , වාහනය : කුකුළා , ඵල : දඬුවම්, යුක්ති, වරම් , පූජාවට සුදුසු ද්විශේෂ පූජා ද්‍රව්යය– රතු, සුදු, නිල් පැහැති මල් වර්ග , කොහොඹ පත්ර, තල තෙල් පහන්, පූජාසනය ආකර්ෂණය කර ගැනීම සඳහා: - වේවැල තබන්න. ගම්භාර සිද්ධ සූනියන් දෙවියන් - වර්ණය : සුදු, දිනය : බදාදා / සෙනසුරාදා, ප්‍රධාන දෙවොල : කැබැල්ලෑව මහා දෙවොල, ආයුධය : ත්‍රිශූලය, වාහනය : සුදු අශ්වයා, ඵල : දඬුවම්, යුක්ති, ආරක්ෂාව, පූජාවට සුදුසු ද්විශේෂ පූජා ද්‍රව්ය: - සුදු පැහැති මල් වර්ග (සමන් පිච්ච මල්), කොහොඹ පත්ර, පස්තෙල් පහන්, විළඳ මී පැණි සහ එළකිරි පූජාව, පූජාසනය ආකර්ෂණය කර ගැනීම සඳහා: - ත්‍රිශූල, නාග රූප, වේවැල, කඩුව තබන්න. මහා කාලි මෑණියන් - වර්ණය: තද රතු, දිනය: අඟහරුවාදා, ප්‍රධාන දෙවොල : මුන්නේශ්වරම් දෙවොල, ආයුධය : ඛන්ඝය, වාහනය : නැත, ශිව දෙවියන් මත වැඩහීදී, ඵල — දඬුවම්, යුක්ති, ආරක්ෂාව, වරම්, පූජාවට සුදුසු ද්විශේෂ පූජා ද්‍රව්යය: - රතු පැහැති මල් වර්ග (සපත්තු, වද මල්), කොහොඹ පත්ර, කොහොඹ කොළ මාලා, දෙහි මාලා, වඩේ මාලා, අබ තෙල් පහන්, කැඳ, උලුදු වඩේ, සයිවර් කෑම, පූජාසනය ආකර්ෂණය කර ගැනීම සඳහා: - ත්‍රිශූල, කඩුව තබන්න. ශ්‍රී මහා ලක්ෂ්මි මෑණියන් - වර්ණය : රෝස, දිනය : සිකුරාදා, ප්‍රධාන දෙවොල : සෙල්ල කතරගම, ආයුධය : රන් කාසි පිරි පුන්කලස , වාහනය : බකමූණා, රතු නෙලුම් මල , ඵල : සෞභාග්යය, දියුණුව, ආශීර්වාදය, පූජාවට සුදුසු ද්විශේෂ පූජා ද්‍රව්ය: - රතු, රෝස පැහැති මල් (රෝස, නෙලුම් මල්), බෙලි පත්ර, බෙලි කොළ මාලා, එළඟි තෙල්, සඳුන් තෙල් පහන්, හොඳින් ඉදුණු බෙලි, පූජාසනය ආකර්ෂණය කර ගැනීම සඳහා: - වාලම්පුරි, රන් රිදී කාසි පඬුරු, පුන්කලස් තබන්න. මහා සරස්වතී මෑණියන් - වර්ණය: සුදු, දිනය: බදාදා, ප්‍රධාන දෙවොල: යාපනය, ආයුධය: වීණාව , වාහනය: හංසයා, සුදු නෙලුම, ඵල : කලාව, අධ්‍යාපනය, ධාරණ ශක්තිය, පූජාවට සුදුසු ද්විශේෂ පූජා ද්‍රව්යය: - සුදු පැහැති මල් වර්ග (ගැට පිච්ච මල්), බෝ පත්ර, සඳුන් තෙල් පහන්, පූජාසනය ආකර්ෂණය කර ගැනීම සඳහා: - සංගීත භාණ්ඩ, නව ගුණ වැල තබන්න. ඔබ සැමට සියලු දෙවියන්ගේ පිහිටයි!

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk