Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

බිඳ වැටුණු ව්‍යාපාර නඟා සිටුවන බලගතු සබ්බපාපස්ස යන්ත්‍රය

1 year ago 7 Min read
Subha.lk
“සියලු දෙනාම දඬුවමට තැති ගනිති. සියල්ලන්ටම ජීවිතය ප්රියය. ඒ නිසා තමා උපමා කොට සිතා අනුන් නොනැසිය යුතුය” යනුවෙන් බුදුන් වහන්සේ දේශනා කළහ. සූත්ර දේශනාවල බ්රහ්මණ යාගය ප්රතික්ෂේප කොට තිබේ. යාගය වෙනුවට බුදු දහම ආදේශ කරන්නේ දානයයි. එමඟින් ජීව – අජීව පරිසරයට හානි වන්නේ නැත. ප්රචණ්ඩත්වය නොමැත. හිංසනය, පීඩනය වෙනුවට එහි ඇත්තේ දයාව, කරුණාව, අනුකම්පාව වැනි මානව ගුණ ධර්මයන්ය. බුදුන් වහන්සේගේ අනුශාසනය ලෝකයේ ඕනෑම රටක ඕනෑම වැසියකුට පිළිපැදිය හැක්කකි. උන්වහන්සේ සතුරු – මිතුරු, ලොකු – කුඩා, අඳුනන – නානඳුන, දුටු – නොදුටු, හැම සතකුගේම ජීවිතය, ප්‍රාණය ඒ සතාට ප්‍රිය බව ඉගැන්වූහ. මෛත්‍රී කිරීමේදී හැම තරාතිරකම, හැම සතකුම, අඩංගු වනු සඳහා, -මාගේ මෛත්‍රිය පා නැති, නයි – පිඹුරු – පොළොං ආදී දීර්ඝ ජාතීන් හටය. මාගේ මෛත්‍රිය දෙපා ඇත්තන්හටය. මාගේ මෛත්‍රිය සිවුපා ඇත්තන්හටය. මාගේ මෛත්‍රිය පත්තෑ ආදී බොහෝ පා ඇත්තන්හටය. හැම සත්වයෝද, හැම ප්‍රාණීහුද, හැම භූතයෝද යන මේ හැම දෙනම යහපතක් දකිත්වා. මොවුන් කෙරෙන් කිසිවෙක් කරාත් දුකක් නොපැමිණෙත්වා. මෙසේ සිය සතුන්ගේම ජීවත් වීමේ අයිතිය පිළිගනිමින් හිතමිතුරු ආකල්පයකින් ක්‍රියා කිරීම මෛත්‍රි පිළිවෙතයි. සමාජය තුළ ජීවත් වන සෑම පෘථග්ජන ජන්මියකුටම තම ජීවිතය සැලකීමේදී ඒකාකාරීව පවත්වාගෙන යා නොහැකිය. එය එසේ සිදු වන්නේ ද නැත. ගැටලු කරදර වගේම දුක් සන්තාපවලටත්, සතුට – සොම්නස විඳින්නටත් අවස්ථාව නිසැකයෙන්ම උදා වනු ඇත. නමුත් සතුට දිවියට උදාවන තැනේදී මෛත්‍රි සහගත සිතිවිලි ජනිත වනවාත් වගේම, දුක්ඛ ෙදා්මනස්සයේදීත් මානසික ඒකාග්‍රතාවකින් යුතුව මෛත්‍රි සිතම උදා විය යුතුය. ජන්මීය ජීවිතවලට ජේ‍යාතිෂය සහ සම්බන්ධ වන කල්හි, රවි – චන්ද්ර ආදී නව ග්‍රහයන්ගේ ගෝචර කාල සීමාවන් අනුව සහ මහ දශා – අන්තර් දශා කාල සීමාවන් අනුවද, පැමිණෙන බලපෑම් අඩු හෝ වැඩි වශයෙන් බව ඔබටම පසක් වනවා ඇත. නමුත් ඕනෑම කෙනකු කැමැති ජීවිත කාලය පුරාවටම අශුභතා ඇති නොවී ශුභතා තුළින් ජීවිත සාර්ථක කර ගැනීමටයි. නමුත් ජේ‍යාතිෂය හා ශාස්ත්‍රීය ක්‍රමවේදයන් තුළට ගැඹුරින් එබී බැලීම තුළින් එසේ කර ගත හැකි අවස්ථාද නැත්තා නොවන බව ඔබට පසක් වනවා ඇත. එවන් අන්දමින් ඔබ නොසිතන තරම් පරාසයක් දක්වා ශක්තිය විහිදී – පැතිරී ගොස් ජන්මීය ජීවිත සුවපත් කරනු ලබන බලවත් ක්‍රමවේදයක් පිළිබඳව අද මා ඔබ වෙත රැගෙන එන්නෙමි. මෙම බලවත් ක්‍රමවේදය ආගමික මතභේදයන්ගෙන් බැහැරව අවශ්‍යතාව පවතිනා ඕනෑම අයකු නිසි ලෙසින් යොදා ගත්තාට වරදක් නොවන්නේය. මූලිකව මෙය නිවැරදිව සහ බලවත් අයුරින් සිදු කිරීමෙන් දහසකුත් පල ගෙන දෙන බවද සිහි තබා ගත යුතුය. නමුත් කවුරු වුවත් මෙම කටයුතුවලට යොමු වන්නට පෙරාතුව පස් පවින් අෑත්ව දුසිරිතෙන් වැළකී සිටීමට වගබලා ගත යුතුය. කල්වේලා ඇතිව ස්ථානීය පවිත්‍රභාවයත් ආරක්ෂා කරගන්නට සිතට ගත යුතුය. අන්‍යයන්ටත් මෛත්‍රි සිත් පැතිර විය යුතුය. ජීවම් ගාථා රත්නය - “සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උප සම්පදා සචිත්ත පරියෝ දපනං එතං බුද්ධාන සාසනං.” මෙම මන්ත්රය ලෙසින් දක්වන ගාථා රත්නය ඔබ නිතර භාවිතයට ගන්නා එකක් බැවින් ඔබට යොදා ගැනීමට අපහසු නොවන්නේය. තමාගේ අභිමතාර්ථ කාරණය මුදුන් පමුණුවා ගැනීමේ අරමුණින් මෙය දහස් වර ජීවම් කිරීමට හැකි නම් ඉතා ගුණ දෙන්නේය. එසේම පිරිසුදු තෙල්, කපු නූල්, පිරිසුදු ජලය යනාදී ඕනෑම දෙයක් හෝ කිහිපයක් හෝ ජීවම සඳහා යොදා ගත්තාට වරදක් නොවන්නේය. පිරිසුදුවට තනා ගත් මල් යහනාවක් මත තබා පළමුව දී ඇති යන්ත්රය ඇඳ ගැනීමෙන් අනතුරුව, මල් යහන මත තබාම වුවද ජීවම් කිරීම සිදුකළ හැකි අතරම, විහාරස්ථානයක හෝ වෙනත් බුද්ධ මන්දිරයක වුවත් සිදු කළාට කම් නැත. අවශ්ය වන්නේ නිවැරදි උච්චාරණයෙන් යුක්තව ගාථාවෙන් ජීවම් කිරීමයි. 1008 වාරයක් ජීවම් කිරීම සිදු කරන්න. එසේම යම් හෙයකින් ජීවම් කිරීමේදී වැරැද්දක් සිදු වූයේ නම් නැවත අලුත් වාරයකින් පටන්ගෙන ජීවම ආරම්භ කිරීමටද වගබලා ගන්න. වෙනත් කිසිදු දෙයක් පිළිබඳ අවධානය ඉවත් කොට මේ පිළිබඳව පමණක් ඔබගේ අවධානය යොමු කොට කටයුතු සිදු කිරීමෙන් නිවැරදිව කටයුත්ත සිදු කිරීමට පිටිවහලක් වන්නේය. ඉදිරි දිනවල විභාග ආදී කටයුතු බහුල වන කාල සීමාවන් තුළදී තම දරුවන් වෙනුවෙන්ද යොදා ගැනීමට හැකි බලවත් ක්‍රමවේදයකි. මානසික පීඩාවන් දුරුව යන්නටත්, සතුට සෞභාග්ය නිතරගයෙන්ම ජීවිත තුළට ළං කර ගන්නටද මෙම යන්ත්රය බලවත්ව පිහිට වනු ඇත. අවශ්ය මොහොතේදී හැකි ආකාරයට ජීවම් කර ගත් තෙල් – කපු නූල් – පැන් ආදිය භාවිතයට ගන්න. සකසා ගත් යන්ත්රය නිසි ලෙසින් කටයුතු අවසානයේ නිවෙසේ, ව්‍යාපාරික ස්ථානයේ තැන්පත් කිරීමට හෝ නැකැත් සීහුම් ගළපා ජන්මියාගේ ගෙල පැලඳීමටත් හැකියාව පවතින්නේය. නිවෙසේ හෝ ඔබගේ ව්‍යාපාරික ස්ථානයේද පවතින ගැටලුකාරී තත්ත්වයන්වලින් මිදීමටද මෙය ප්‍රත්‍යක්ෂ වන්නේය. බිඳවැටුණු ව්‍යාපාර තේජසින් විකසිත කරවන්නටත්, පාරිභෝගික ආකර්ෂණය මතු කර ගන්නටත් මහැඟි පිහිටක් වනු ඇත. නිවෙස්වල, පවුලේ පවතිනා අඬදබර දුරුව සුවපත් පවුල් ඒකක බිහිවන්නටත් මෙම යන්ත්රය මහෝපකාරී වනු ඇත. ඔබට උතුම් තුන් රුවනේ ආරක්ෂාව ආශීර්වාදය ලැබේවා!

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk