Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

උතුවන්කන්දේ සූර සරදියෙල් භාවිත කළ රාජතරංගනී යන්ත්‍ර හතෙන් එකක්..

1 year ago 7 Min read
Subha.lk
උතුවන්කන්දේ විසූ ලක්දිව රොබින්හුඩ් නමින් පතළ සූර සරදියෙල් නොහොත් සරදියෙල් අප්පු භාවිත කළ රාජතරංගනී යන්ත්ර හතෙන් ඉහළම යන්ත්රයක් මෙසේ එළි දක්වමි.” ගුප්ත විද්යාව අනුව විශ්වයේ ප්රධානම ධාතු කොටස් අතර ඇති විවිධ බලවේගයන්ගේ රශ්මි කිරණ ඒ ඒ ග්රහ ශක්ති කිරණ සමඟ කැටි කර ඒ අවශ්යතාවන් උදෙසා සරිලන පරිදි ගොනු කර ශබ්දයේ තරංග බලයද යොදා සකස් කරන මෙවලමක් වශයෙන් රාජතරංගනී යන්ත්රය යොදා ගැනේ. අටලෝ දහම අනුව දුක – සැප මිනිසාට පොදුයි. යම් අයකු ජන්ම ලාභය ලබන විට එම වේලාවේදී තමාට ග්රහ තාරකාවන්ගෙන් ලැබුණු ග්රහ කිරණ ශක්ති මත අනුවයි සියල්ල සිදුවන්නේ. ඒ අනුව යම් යම් කාලවලදී ජන්මියකුට ඇතිවන මාරක අනතුරු, නැකැත්, මර ග්‍රහවේද, හදි හූනියන් වැදීම, ග්රහ අපල මඟින් සිදුවන කරදර බාධක, දියුණුව අඩාලවීම, ප්‍රභූන්ට නින්දා අපහාස ලැබීම, පරාදයට මුහුණපෑමට සිදුවීම, ජනතා අප්‍රසාදය, දියුණුව අඩාලවීම, ව්‍යාපාර බංකොලොත් වීම වළකා තමාට ලැබිය යුතු සැප සම්පත් වර්ධනය කරගැනීම සඳහා, ලෙඩ රෝගවලින් මිදීමට, යසස, කීර්තිය, දියුණු කර සැප සම්පත් ළඟා කර ගැනීම, යන එන තැන ජය ලැබීමට ආදී ශුභ පල උදා කර ගැනීමට එකම මාර්ගය යන්ත්ර බලයයි. රාජතරංගනී යනු විශ්වයේ ගුප්ත ශක්තිය තුළ ඇති තිරණයන් ඒකරාශී කර ඇතුළු කිරීම තරංග ශක්තීන් රාජතරංග නම් වේ. මේ තරංගයෙන් මන්ත්ර, ඖෂද, තෛල බලයෙන් ජපකර අඳුුන් බස්සවා ජපකර පැලඳීමෙන් තමාගේ දහසක් අදහස් කරුණුවලට අදාළ ශක්තීන් තම ශරීරයට කිදා බැස තමාට ආරක්‍ෂාව, ජය හා දියුණුව ගෙන දෙන බව ඍෂි මතයයි මෙම යන්ත්රය අඟල් 2ක ප්‍රමාණය ඇති රිදී පිරමිඩ් ආකාරයට සාදවාගත් සුරයක බහා අඳුන හා තෛලයද යන්ත්රයද මල් යහනාවක තබා මේ මන්ත්‍රයෙන් 1008 වරක් ජප කරගන්න. “ඕ නමෝ රාමානේ විෂ්ණු රාජ ප්‍රදේහේස් ගිනි මාලා ශුර ගිනි මාලා ශුර ගිනි ජීව ජීව විභීෂණ රාජා රාජ ප්‍රදේස් මුදේස් ශාකි ලාම් ජීව ජීව ප්‍රවේශවර අම්මේ හර ගුරුලඩි ක්රම ජීව ජීව හනුමන්තා දේවතාවි ජීව ජීව ශ්‍රී ශ්‍රී ජීවන්තු ශි්‍රයාකර්ෂණී ශි්‍රයා කාන්තා කල්‍යාංගනී වාග්දේවි ගජපුත්ර රූපාජීව ජීව භවනාධිපතියේ ජීව ජීව ඖෂද ජීවම් තෛල ජීවම් යන්ත්ර ජීවම් සර්වරාජා වසඟ වසඟ සර්ව චෞර වසඟ වසඟ සර්ව මනුෂ්ය වසඟ වසඟ සර්ව ස්ත්‍රී – පුරුෂ වසඟ, සර්ව ලෝක වසඟ වසඟ සර්වදේව වසඟ වසඟ සර්ව ධන ධාන්ය වසඟ වසඟ සර්ව භූත වසඟ වසග සර්ව අභුත හර හර සර්ව ධාරිධු දෝෂ හර හර සර්ව කාර්ය සිද්ධි ජීවනේ මහා රාජතරංගනී තෛල ජීවම් ජීවක්ර්ෂණ මුඛ ප්‍රලේ මුඛ දිෂ්ටි වෛකුණ්ඨවාස වෛශ්රවණ දේවාදේව රාජා බුද්ධ බෝධි ජය ජීව නම: මේ මන්ත්‍රයෙන් ප්‍රාණ පිහිටුවන්න:- “ඕං මන්ත්‍රප්ප්‍රාණ දේවප්ප්‍රාණ ඔෟෂධ්ය ප්‍රාණගන් මහා රාජතරංගනී තෛලය ඔෟෂධම් ප්‍රාණම් ප්‍රනෝගන් හං සං ඉං ප්‍රාණා ප්‍රාණා ඒස්වාහ:” 108 වරයි. මේ මන්ත්‍රයෙන් සිද්ධි කරගන්න. “ඕම් ආමන් වන්දේ පරම්මේ සිද්ධිම් නමෝ නම:” (108) වරයි. මෙය පැලඳීමෙන් රාජ වශියට, සර්වජන වශියට, ශි්‍රයාවට, ප්‍රභූ වශියට, සතුරු ආරක්‍ෂාවට තරගයෙන් දිනන්න, ජය ලබන්න, ආරක්‍ෂාවට යන එන තැන දස බිම්බර මැද වුවත් කේශර සිංහ රජකු මෙන් ජය ලබන්ට, ව්‍යාපාර ගිනි දලු මෙන් ඉහළ නැඟී දියුණුවට, සියලු ග්රහ අපල සමනය වීම, සතුරු බල බිඳී යෑමට, භූමි ලාභ ලැබීමට විශේෂයෙන් අන් අය අභිභවා කැපී පෙනීමට, ඉතා ඉහළම ගුණ දෙන මහා බලගතු යන්ත්‍රයක් ලෙස මෙම රාජතරංගනී යන්ත්ර රාජයා හඳුන්වන්න පුළුවන්.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk