Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

පරණ ගෙදරින් ඉවත් කරපු බඩු අලුත් ගෙදරට ගන්න හොඳ නැද්ද?.

1 year ago 7 Min read
Subha.lk
අලුතින් නිවෙසක් හදන්නේ ඉතා සතුටින් තම ජීවිත කාලය ගත කිරීමටයි. විශාල මුදලක් වැය කර තමා ඉදිකරන්නට යන නිවාසවලට අපි විසින්ම අසුබ දේ එකතු කර ගන්නා අවස්ථා ඇත. එම වැරදි අපි විසින් නොදැනුවත්වම කර ගන්නා දේවල්ය. මෙසේ කරන්නේ තම නිවෙස ඉදිකරන්නට යන වියදම අඩු කර ගන්නටය. එම වැරදි මොනවාදැයි මෙයින් පැහැදිලි කර දීමෙන් නැවත එම වැරදි නොකරනු ඇත. එසේ පරණ ගෙවල්වලින් තම නිවෙසට භාණ්ඩ ගෙන ඒමෙන් දෝෂ ඇති වෙයි. සමහර දෙනා පරණ ගෙවල්වලින් ඉවත දමන ලද ගඩොල් හා ගල්ද, තම අලුත් නිවෙස සෑදීමට යොදා ගනී. මේවායින් තම නිවෙසේ බිත්ති හා අත්තිවාරම් දමනු ලබයි. මෙය වැරදි ක්‍රියාවකි. නමුත් අලුතින් නිවාස සාදා විකුණන විට මෙම නිවෙසට මෙම කොටස් එකතු කරන්නට පුළුවන. මෙසේ නිවෙස සාදා ගත් විට පිටතින් අලංකාරව තිබුණත් එම නිවෙසේ දෝෂ පවතී. එහි දෝෂ බලපාන්නේ අලුතින් නිවෙසේ පදිංචි වන අයටය. තමා අලුතින් සාදන නිවෙසට ඉතා ප්රබල නැකැතක් යොදාගෙන තම නිවාසය ඉදිකරන විටද පරණ ගෙවල්වලින් ඉවත් කරන ලද ගොඩනැඟිලි ද්‍රව්ය රැගෙන, නව නිවෙස ගොඩනැඟීම අසුබය. එය නව නිවෙසේ පැවැත්මට බලපානු ලබයි. ඉතා අඩු කලකින් යළිත් එම නිවෙස අලුත්වැඩියා කරන්නට සිදුවනු ඇත. ඉන්පසුව ගෙහිමියා නැවතත් සාදා දුන් ජෝතිෂවේදියාට දොස් පවරනු ඇත. මෙය නොකළ යුතු දෙයකි. අලුතින් නිවෙසක් සාදන විට ගෙවල්වලින් ඉවත් කරන ලද ලී දඬු, උළුවහුද, ජනෙල්ද යොදා නව නිවෙසේ ඉදිකිරීම් නොකරන්න. ගෙවල්වලින් ඉවත් කරන ලද ලී දඬු හා උළුවහු නැවත තීන්ත ආලේප කර භාවිතයට ගැනීමද නුසුදුසුය. නව නිවෙසට අලුතින්ම ගත් දැවවලින් දොර ජනෙල් හා උළුවහු තබන්න. පරණ නවාසවලින් ඉවත් කරන ලද ගඩොල් යොදා නව නිවෙසේ බිත්ති බැඳීමද නොකළ යුතුය. එවිට එම බිත්තිවල සවි ශක්තිය අඩුවනු ඇත. පාළුවට ගිය නිවාසවල දොර ජනෙල්ද ගලවා, අලුත් නිවෙසට එකතු කරන්නේ නම් වාස්තු දෝෂද, එම ලීවලින් නව නිවෙසට ලැබෙනු ඇත. එයද අසුබය. එසේම පරණ ගෙවල්වලින් ඉවත් කරන ලද උළු හා සෙවිලි තහඩුද නව නිවෙසේ වහලයට එකතු කර නොගන්න. එසේ කළොත් වහලය ඉතා ඉකිමනින්ම නැවත අලුත්වැඩියා කරන්නට සිදුවනු ඇත. එනිසා ඔබත් අලුතින් නිවෙසක් සාදනවා නම් පරණ නිවාසවලින් ඉවත් කරන ලද කිසිම දෙයක් මිලට ගැනීමෙන් වළකින්න. නොමිලේ දුන්නත් එම පරණ දේ අලුත් නිවෙසට නොගන්න. අලුතින් සාදන නිවෙසට අලුතින්ම ගත් භාණ්ඩවලින් හා අලුත් දොර උළුවහුද, ජනෙල්ද යොදා ගැනීමෙන් ඔබට වාස්තු දෝෂ නොමැති ගෙයක් සාදා ගන්නට පුළුවන්.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk