Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

ගෙයක් හදන්න කලින් එකොළොස් පොරොන්දම බලලම ඉමු..

1 year ago 7 Min read
Subha.lk
නිවෙසක් හෝ ව්යාපාරික ස්ථානයක් ගොඩනැඟීමේදී පොරොන්දම් එකොළහකට (11) එම ස්ථානය ගොඩනැඟිය යුතු බව වාස්තු විද්යාව උගන්වයි. එම පොරොන්දම් එකොළහ (11) මෙසේය. 1.අය පොරොන්දම - නිවෙසේ හෝ එම ව්‍යාපාරික ස්ථානයේ දිග, පළල අනුව එම ස්ථානය වර්ග රියන් ගණන සොයා ගත යුතුය. එම වර්ග රියන් ගණන 8න් වැඩි කර 12න් බෙදා ලැබෙන ශේෂය අනුව අය සොයා ගත යුතුය. එය 6 හෝ 6ට වැඩියෙන් තිබිය යුතුය. 2. වැය පොරොන්දම - එම වර්ග රියන් ගණන 9න් වැඩි කර 10 බෙදීමෙන් ලැබෙන ශේෂය වැය වේ. ශේෂය 5ට අඩුවීම සුබයි. 3. යෝනි පොරොන්දම - වර්ග රියන් ගණන 3න් වැඩි කර 8න් බෙදීමෙන් ලැබෙන ශේෂය 1 වූයේ නම් ද්වජ යෝනියද, 2 වූයේ නම් ධුම්රද, 3 වූයේ නම් සිංහ, 4 නම් සුනඛ, 5 නම් වෘෂභ, 6 නම් කොටළු, 7 නම් ගජද, 8 නම් නාගද වේ. මෙහිදී සිංහ, වෘෂභ, ද්වජ, ගජ, යෝනි සුබපල උදා කරයි. 4. නැකැත් පොරොන්දම් - ක්‍ෂේත්ර ඵලය 8න් වැඩිකොට 27න් බෙදීමෙන් ලැබෙන ශේෂය අනුව ගෘහ නක්‍ෂත්රය සොයාගත යුතුය. මෙහිදී අස්විද, බෙරණ ආදී ක්රමයට නැකැත සොයාගත යුතුයි. ඇතැම් පොත්පත්වල මෙය වෙනස් ආකාරයට පෙන්නාදී ඇත. 5.දින පොරොන්දම - ක්‍ෂේත්ර ඵලය 9න් වැඩි කර 7න් බෙදීමෙන් ලැබෙන ශේෂය 1නම් සඳුද 2 නම් බුධද 3 නම් සිකුරුද 4 නම් රවිද 5 නම් කුජද 6 නම් ගුරුද 0 නම් ශනිද වේ. සඳු, බුධ, ගුරු, සිකුරු යන ග්‍රහයන් සුබ වේ. රවි, කුජ, ශනි ග්‍රහයන් අසුබ වේ. 6.අංශක පොරොන්දම - ක්‍ෂේත්ර ඵලය 4න් වැඩි කර 9න් බෙදීමෙන් ලැබෙන ශේෂය 1 නම් අර්ථද 2 නම් අර්ථහීනද 3 නම් බලද 4 නම් දුර්බලද 5 නම් භූතද 6 නම් ධාන්යද 7 නම් නනස්ද 8 නම් නාපතිද 0 නම් ප්‍රේත වේ. අර්ථ, බල, භූත හා ධාන්ය වර්ගයට අයත්වීම සුබයි. 7.රාශි පොරොන්දම - ක්‍ෂේත්ර ඵලය 5න් වැඩි කර 12 බෙදීමෙන් ලැබෙන ශේෂය 2 වෘෂභ, 3 මිථුන, 5 සිංහ, 9 ධනු, 11 කුම්භ වේ. අනෙකුත් රාශීන් අසුබ යැයි කියා ඇත. 8.තිථි පොරොන්දම - ක්‍ෂේත්ර ඵලය 9න් වැඩි කර 30න් බෙදීමෙන් ලැබෙන ශේෂය 4, 9, 14, 19, 24, 29 සිංහ තිථි වේ. 3, 8, 13, 18, 23, 28 ද්වජ නම් වේ. 2, 7, 12, 17, 22, 27 ගජ නම් වේ. 1, 6, 11, 16, 21, 26 වෘෂභ නම් වේ. 5, 10, 15, 20, 25, 30 සතුරු නොවේ සුබයි. 9.වංශ පොරොන්දම - ක්‍ෂේත්ර ඵලය 3න් වැඩි කර 4න් බෙදීමෙන් ලැබෙන ශේෂය 1 බ්‍රාහ්මණ, 2 ක්‍ෂත්‍රිය, 3. වෛශ්ය, 4 ශුද්ර වේ. මෙහිදී ශුද්ර වංශය පමණක් අසුබ වේ. 10.දේවතා පොරොන්දම - ක්‍ෂේත්ර ඵලය 5න් වැඩි කර 3න් බෙදීමෙන් ලැබෙන ශේෂය අනුව දේවතා වර්ගය සොයා ගත යුතුය. 1 බ්‍රහ්ම, 2 විෂ්ණු, 3 ශිව නම් වේ. මෙහිදී ශිව වර්ගය පමණක් අසුබ වේ. 11.ආයුෂ පොරොන්දම - ක්‍ෂේත්ර ඵලය 27න් වැඩි කර 100න් බෙදීමෙන් ලැබෙන ශේෂය අනුව ආයුෂ සොයාගත යුතුවේ. මෙහිදී 50ට වැඩි වීම ඉතා සුබයි. මේ නිසා දියුණුව පතන ඕනෑම අයකු නිවෙසක් හෝ ව්‍යාපාරයක් සඳහා ගොඩනැඟිල්ලක් හදන විට මෙම පොරොන්දම් 11න් 6කට වැඩි ප්‍රමාණයක් සුබදායක ලෙස ගළපාගෙන හැදීමෙන් තමන්ට අභිවෘද්ධිය ඇතිවන බව ඍෂීන් විසින් අපට පෙන්නාදී ඇත.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk