Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

ජීවිතය දිනන හැටි අත්ලේ ලියැවෙන්නේ මෙහෙමයි

1 year ago 7 Min read
Subha.lk
අද මෙම ලිපියෙන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්නේ ඔබගේ ජීවිතයේ විවිධ කාල පරාසයන්හි හිමිවන උසස්වීම් පිළිබඳවයි. ජීවන රේඛාවෙන් ඉහළට නැඟෙන ආරෝහණ රේඛාවලින් මෙම ජයග්රහණ පිළිබඳව කියැවේ. තවද මෙම අදාළ කාලසීමාවන් හෝ දත්ත හස්ත රේඛා විද්යාඥයන්ගෙන් අසා හෙළි කරගත හැකිය. උදාහරණයක් වශයෙන් ජීවන රේඛාවේ විසිපස් වැනි විය පසු කරද්දී ලැබෙන ජයග්රහණ ගැන එම රේඛාවෙන් නැඟෙන ආරෝහණ රේඛාවලින් හෙළි කරගත හැකිය. විවිධ රැකියා ලැබීම්, උසස්වීම්, ලොතරැයි දිනුම්, මැණික් වාසනා ගැනද තවත් ජීවිතයේ විවිධ ජයග්රහණ ගැනද මෙම රේඛාවලින් හෙළි කරගත හැකිය. පහතට ඇඳෙන රේඛාවලින් කියැවෙන්නේ ජීවිතයේ කඩා වැටීම්, පරාජයන්, ලෙඩදුක්, විවිධ අනතුරුවලට භාජන වීම පිළිබඳවයි. ඒ පිළිබඳව ඉදිරි ලිපියකින් කරුණු හෙළි කරමු. ලංකාවේ විවිධ ක්‍ෂේත්රවල පුද්ගලයන්ගේ අත් පරීක්ෂා කිරීම්වලදී මෙම රේඛාවන් හඳුනා ගැනීමට මා හට හැකි විය. තවද සාමාන්ය තත්ත්වයේ සිටි අද ධන කුවේර ජීවිත ගත කරන අය පිළිබඳවද ඒ අයගේ ජීවිත ජයග්රහණ පිළිබඳවද මෙම පර්යේෂණවලදී හෙළි කරගත හැකි විය.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk