Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

කාන්තා කේන්දරේ සඳු සිටින තැන අනුව පලාපල මෙන්න…

1 year ago 7 Min read
Subha.lk
චන්ද්රයා කන්යා රාශියේ තැන්පත් වන්නේ නම් ඇය පණ්ඩිත නුවණක් ඇත්තියකි. කථාව ඉතා යහපත්ය. ධෛර්යවන්තියකි. සත්යවාදීයි. උත්සහාය නිසා යහපත් ජීවිතයක් ගතකළ හැකි අතර ජීවිතය ජයගනී. පිනවන්තයි. ගැහැණු දරුවන් වැඩියෙන් ලැබේ. සුරතල් සතුනට ආදරය කරයි. චන්ද්රයා නොහොත් සඳු ග්රහලොව මව බවත් මිහිපිට උපතලත් කාන්තාවන් කෙරෙහි චන්ද්රයාගේ බලපෑම් අධිකවේ. එනිසා කාන්තාවන්ට සඳු ග්රහයා විශේෂත්වයක් වන අතර කාන්තා කේන්ද්රයක සඳුගේ පිහිටීම අවපස සඳු සහ පුර පස සඳු යනුවෙන් වර්ග කර ඇත. පුරසඳු සුබ බවත් අව සඳු අසුබ බවත් ජ්යොතිෂ ශාස්ත්රයේ පෙන්වා ඇත. රාත්රි කාලයේ උපත ලත් කාන්තාවන්ට චන්ද්රයාගේ බලපෑම වැඩිය. ඒ අනුව කාන්තා කේන්ද්රයක චන්ද්රයා තැන්පත් රාශිය අනුව ඇයට කිවහැකි පලාපල විස්තර මෙසේය. චන්ද්රයා මේෂ රාශියේ පිහිටි කාන්තාවන්ට රාජ්ය හෝ කුමන හෝ රැකියා භාග්ය හිමිවේ. උසස්වීම් ලැබේ. ආත්ම ගෞරව හිමිවීමේ වාසනාව ඇත. සමාජයේ කරුණාව ගෞරවය ලැබේ. කාටත් ප්රිය මනාපවේ. එහෙත් පවුලේ ඥාතීන් සමග ඇසුර අඩුවේ. මාන්නාධිකයි. චංචල හිතකි. චන්ද්රයා වෘෂභ රාශියේ තැන්පත්ව ඇති කාන්තාවන්ගේ මුහුණ පළල් හැඩයකින් යුක්තයි සරාගී හැඟුම් පාලනය කරගත නොහැකිව කාමාධික ගතියෙන් යුක්තයි. ඉවසිලිවන්තයි. සැපවත්ව ජීවත්වන්නට හැකිවන්නේ තරුණ වියට වඩා මැදි වයසේදීය. නැතහොත් සැඳෑ සමයේදීය. චන්ද්රයා මිථුන රාශියේ පිහිටියේ නම් එම කාන්තාවේ අධික කාමුකත්වයෙන් රාගාධිකව හැසිරේ. කොයිකාගේත් හිත් දිනා ගතහැකි කථා විලාසයක් ඇත්තියෝය. නිතරම පිරිමි වශී කරගත හැකි සිනාවක් ඇත. සැප සම්පත් ලැබීමේ භාග්ය ඇත. චන්ද්රයා කටක රාශියේ තැන්පත් කාන්තාවෝ එඩිතරයි. ධෛර්යවන්තයි. යාන වාහන ගෙවල් දොරවල් ලැබීමේ වාසනාව ඇත. සිල්වත්ය. ගුප්ත ශාස්ත්ර ඉගෙනීමට දක්ෂවේ. විනෝදය හා ගමන් බිමන් යෑමට ආශාව ඇත. කළ්යාණ මිත්ර සම්පත්තිය මේ කාන්තාවන්ට හිමි වන අතර කලගුණ සැළකීම් ගුණයන් ඇත. මල් වැවීමට ආශා කරයි. වවයි. චන්ද්රයා සිංහ රාශි ගතව ඇත්නම් මුඛ රෝග දන්තාබාධ ආහාර දිරවීමේ අපහසුව ආමාශගත රෝග, යටිබඩ ආශ්රිත රෝග, ලිංගික නිල අප්රාණිකවීම, දරු පල අඩුවීම, නැතිවීම ආදී රෝග පීඩාවන්ට ලක්වේ. අන් අයට ඊර්ෂියාව, වෛර කිරීමේ පළිගැනීමේ චේතනාව ඇත්තියක් වේ. එහෙත් වැදූ මවට ආදරෙයි. චන්ද්රයා කන්යා රාශියේ තැන්පත් වන්නේ නම් ඇය පණ්ඩිත නුවණක් ඇත්තියකි. කථාව ඉතා යහපත්ය. ධෛර්යවන්තියකි. සත්යවාදීයි. උත්සහාය නිසා යහපත් ජීවිතයක් ගතකළ හැකි අතර ජීවිතය ජයගනී. පිනවන්තයි. ගැහැණු දරුවන් වැඩියෙන් ලැබේ. සුරතල් සතුනට ආදරය කරයි. චන්ද්රයා තුලා රාශියේ සිටින කාන්තාව විනෝදකාමී කෙලිලොල් ය. ඥාති සබඳතා හොඳින් පවත්වාගෙන යන්නියකි. හිතවතුන්ට ලැදිය. අන් අයට උදව් උපකාර කරන්නියකි. ආගම දහමට ලැදියාව ඇත. චන්ද්රයා වෘශ්චික රාශිගත කාන්තාව ඉතා ලෝභයි. කෙනෙකුට යම් දෙයක් දෙන්නේ ඉතාම මසුරු ගතියෙනි. විවාහයෙන් පසු අනියම් සබඳතාවලට පෙළැඹේ. එක් අයකුගෙන් සෑහීමකට පත් නොවන්නෙකි. කාමාධිකයි. දරුණු හිතක් ඇත්තියක් වුවත් වස්තුව ලැබීමේ භාග්ය ඇත. චන්ද්රයා ධනු රාශි ගතව ඇති කාන්තාව කෙළෙහිගුණ හොඳින් දන්නා ඇත්තියකි. මධ්යස්ථ හිතක් හා ජීවන රටාවක් ඇයට හිමිය. විවිධ ක්ෂේත්රවලට දක්ෂතා ඇත. රහස්යභාවය ඥාතීන් සමග පවතින හිතවත් කම් අඩුය. එසේ වුවද කොයිකාටත් එකසේ හිතවත්කම් දක්වයි. චන්ද්රයා මකර රාශිය ගත ඇත්තී කලාවට නැටුම් ගීත ගායනයට දක්ෂතාව ඇත. කාමාධිකයි. සරාගී හැඟුම් තුළින් වයස් නොබලා ලිංගිකව හැසිරේ. වයස් ගත පුරුෂයින් සමග සහවාසයට රුචියි. ස්ත්රී සංවාසයට ලැදියි. සෑහීමකට පත් නොවේ. උත්සාහය අඩුයි. ලෝභයි. ඉක්මන් කෝපය ඇතත් කුමන හෝ ආකාරයකින් ප්රසිද්ධියට පත්වන්නියකි. චන්ද්රයා කුම්භ රාශියේ නම් ආගම දහම ගැන තැකීමක් නැති අතර නපුරු කෲර ගති ඇත්තියකි. ගති පැවතුම් හොඳ නැත. ගුණධර්ම නොහඳුනයි. කාන්තාවකට නොපිහිටිය යුතු ග්රහස්ථනා ගතවීමකි. මත්පැන් වලට ලැදිය. වර්තමානයේ කුඩු උරයි. ඒවාට ගිජු බව ඇතිවේ. දුස්සීලවේ. ඇඟ විකුණා සතුට ලැබීම මෙන්ම අකල් මරණයටද ගොදුරුවී ජීවිතය විනාශ කරගනී. එය ලොකු පොඩි කියා නැත. නිශාචර වේ. චන්ද්රයා මීන රාශි ගතනම් නාට්ය, කලාවට සාහිත්යයට ලැදියාවක් දක්වයි. ඒ පිළිබඳ දක්ෂතාවයද ඇතිවේ. දරුවන්ට පණසේ ආදරය කරන මවක් වේ. සැප සම්පත් ලබන්නියකි. මෙය පෙර ආත්මයේදී රැස්කර ගත් කුසල් අකුසල් කර්මයන් අනුව මෙම කාන්තාවගේ ජන්ම කේන්ද්රයේ විග්රහයන් අනුව ප්රකාශ කළ හැකිය.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk