Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

පින ගැන කියැවෙන ග්‍රහ පිහිටීම්

1 year ago 7 Min read
Subha.lk
මෙලොව දුක තේරුම් ගෙන ජීවිතයේ සැනසීම උදා කර ගැනීම වෙනුවෙන් බොහෝ දෙනා අධ්යාත්මික දියුණුවක් ඇති කර ගැනීමට බලගතු උත්සාහයක් දරන බව පෙනේ. එහෙත් ඇතම් පුද්ගලයන් ඒ සඳහා තමාට භාග්යයක් තිබීමට ඉඩ ඇතැයි සිතා අදාළ අරමුණ කරා යෑමට අධෛර්යයමත් වන බව පෙනේ. ඒ අනුව යම් පුද්ගලයකුගේ උත්පත්ති කේන්ද්ර සටහනට අනුව අධ්යාත්මික වශයෙන් ඉහළට යෑමට වාසනාව ඇත්දැයි යන්න පිළිබඳ සාකච්ඡා කිරීමට මෙම ලිපියෙන් බලාපොරොත්තු වෙමු. කිසියම් උත්පත්ති කේන්ද්ර සටහනක ශනි ග්රහයා උච්චම හෝ ස්වක්ෂේත්රව සිටිමින් "සස" නම් වූ පංච මහා පුරුෂ යෝගය නිර්මාණය වූ විට අදාළ කේන්ද්ර හිමියාට සසරෙහි අනිත්ය ස්වභාවය පහසුවෙන් වැටහෙන්නට ඉඩ තිබෙන අතර පරිත්යාගශීලී බව, අසරණයන්ට සංග්රහ කිරීම, ගිලනුන්ට උපස්ථාන කිරීම වැනි යහපත් පුරුදු ද ක්රම ක්රමයෙන් ඇති වනු ඇත. ශනි ග්රහයා 1,4,7,10 යන කොටුවලින් එකක තැන්පත්ව "සස" යෝගය නිර්මාණය නොකළ ද ශනි ග්රහයා කේන්ද්ර සටහනේ වෙනත් කොටුවක උච්චව හෝ ස්වතෝත්රව සිටීමෙන් ද අධ්යාත්මක වශයෙන් ඉහළට යෑමට යම් තරමකින් හෝ භාග්යය උදා වනු ඇත. තවද කිසියම් උත්පත්ති කේන්ද්ර සටහනක ගුරු ග්රහයා උච්චව හෝ ස්වතෝත්රව 1,4,7,10 වැනි කොටුවක තැම්පත්ව ඇති විට එවැනි කේන්ද්ර හිමියන්ට උත්පත්තියෙන් "ගුරු හංස" නම් වූ පංච මහා පුරුෂ යෝගය නිර්මාණය වන අතර ඔවුන්ට ද අධ්යාත්මික වශයෙන් ඉහළට යෑමට අන් අයට වඩා භාග්යය උදා වනු ඇත. යම් උත්පත්ති කේන්ද්ර සටහනක "ගුරු හංස" යෝගය නොමැතිව වුව ද ගුරු ග්රහයා කුමන හෝ කොටුවක උච්චව හෝ ස්වතෝත්රව ඇත්නම් ඔවුන්ට ද යම්තාක් දුරකට හෝ අධ්යාත්මික වශයෙන් ඉහළට යෑමට භාග්යය උදා වනු ඇත. මෙම පිහිටීම්වලට අමතරව යම් කේන්ද්ර සටහනක චන්ද්ර ග්රහයා උච්චම හෝ ස්වක්ෂේත්රව පිහිටා ඇත්නම් එවැනි කේන්ද්ර හිමියකුට ද අධ්යාත්මික වශයෙන් ඉහළට යෑමට සාපේක්ෂව පහසු වනු ඇත. විශේෂයෙන් ශනි, ගුරු සහ චන්ද්ර යන ග්රහයන් තිදෙනාම කිසියම් කේන්ද්ර සටහනක උච්චම හෝ ස්වතෝත්රව ඇත් නම් එවැනි කේන්ද්ර හිමියෙකුට අධ්යාත්මික වශයෙන් ඉහළට යෑම වඩාත් පහසු වනු ඇත. මීට අමතරව කිසියම් උත්පත්ති කේන්ද්ර සටහනක කුජ සහ සිකුරු යන ග්රහයන් කුමන හෝ කොටුවක සංයෝගව තිබීම අතිධාවන යෝගයක් ලෙස ජනගත වී තිබුණ ද එම පිහිටීම අධ්යාත්මික වශයෙන් ඉහළට යෑමට රුකුල් දෙන ග්රහ පිහිටීමක් බව මගේ නිරීක්ෂණයයි. අධ්යාත්මික අරමුණු ඉටු කර ගැනීම වෙනුවෙන් තම ජීවිත කාලයම කැප කළ මඩිහේ පඤ්ඤාසීහ මහ නාහිමි, පානදුරේ අරියධම්ම හිමි වැනි ස්වාමීන් වහන්සේලාගේ කේන්ද්ර සටහන්වලද මහත්මා ගාන්ධි තුමා වැනි උත්තමයන්ගේ කේන්ද්ර සටහන් තුළ ද ඉහත කී ආකාරයට කුජ, සිකුරු ග්රහයන් සංයෝගව සිටීමෙන් එම අදහස තරමක් දුරකට හෝ තහවුරු වනු ඇත. එනම්, කිසියම් උත්පත්ති කේන්ද්ර සටහනක කුමන හෝ කොටුවක කුජ - සිකුරු සංයෝගයක් තිබීමෙන් එම පුද්ගලයාගේ විවාහය අසාර්ථක වීමට හෝ විවාහ නොවී සිටීමට යම් විශේෂ ඉඩක් තිබුණ ද එම පිහිටීම එම පුද්ගලයාට අධ්යාත්මික වශයෙන් ඉහළට යෑමට විශේෂ ආශිර්වාදයක් වනු ඇත. ඉහත කී පිහිටීම්වලට අමතර ලෙස කිසියම් උත්පත්ති කේන්ද්ර සටහනක 'රුචක' යෝගය, මාලවී යෝගය, ගුරු හංස යෝගය, 'භද්රා' යෝගය, 'සස' යෝගය වැනි පංච මහා පුරුෂ යෝගවලින් කිහිපයක් තිබේ නම් එවැනි කේන්ද්ර හිමියකුට ගෘහ ජීවිතය තුළ සුළු සුළු ඌනතා ඇති වීමේ අවදානමක් තිබුණ ද අධ්යාත්මික වශයෙන් ඉහළට යෑමට එම පිහිටීම් වෙස්වලාගත් ආශිර්වාදයක් වනු ඇත. එමෙන්ම කිසියම් උත්පත්ති කේන්ද්ර සටහනක කේතු ග්රහයා පළමු වැනි කොටුව තුළ පිහිටා ඇති විට ද ගුරු, ශනි, කේතු වැනි ග්රහයන් 9 වැනි කොටුව තුළ තැන්පත්ව ඇති විට ද රවි - බුධ, බුධ - කේතු, ගුරු - කේතු, ගුරු - බුධ වැනි සංයෝගයක් කිසියම් උත්පත්ති කේන්ද්ර සටහනක ඇති විට ද එවැනි අයකුට අධ්යාත්මික වශයෙන් ඉහළ යෑම සාපේක්ෂව පහසු වනු ඇත.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk