Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

සතුරු විපත් ග්‍රහ දොස්වලින් සහනය දෙන ශ්‍රී මහා භද්‍රකාලි පූජාව

1 year ago 7 Min read
Subha.lk
භද්රකාලි කිවූ පමණින් අපේ සිත් තුළ ගොඩනැඟෙන්නේ බිය මුසු භක්තියකි.සතුරන්ට දඬුවම් දෙන භයානක දෙවඟනක් ලෙස ඒ දෙවඟන දෙස බලන්නට අපි පුරුදු වී සිටින්නෙමු. "දෙවියන්ට අවශ්ය පින් බව මම නිතර අවධාරණය කරන්නක්. මහා භද්රකාලි කියන්නෙත් එහෙම පින් බලාපොරොත්තු වන දෙවඟනක්. රුදුරු සතුරු විපත් සහ ජීවිතවලට අපමණ පීඩා ගෙන දෙන ප්රේත, භූත, යක්ෂ, පිසාච, කුම්භාණ්ඩ ආදී පහත් පෙළේ බලවේගවලින් වගේම ග්රහ පීඩාවලින් සිදු වන අපල විපත් දුරු කර ගැනීමට ශ්රී මහා භද්රකාලි දෙවඟන වෙනුවෙන් පුද පූජා පවත්වා අපමණ පිහිට ලබා ගත හැකිය. දේව පුරාණවල සඳහන් වන පරිදි භද්රකාලි දෙවඟන ශ්රී මහා පත්තිණි දේව මෑණියන්ගේ අණට තෙදට යටත්ව කටයුතු කරන අතර, කිසිදු අයුරකින් කාගේ හෝ ජීවිතයකට නිරපරාදේ විපත් සිදු කිරීමට පත්තිණි මෑණියන් වරම් දී නොමැති බව අවධාරණය කළ යුතුයි. භද්රකාලි දෙවඟන වෙනුවෙන් නිවෙස හෝ ව්යාපාරික ස්ථානය තුළ පූජා පැවැත්වීම සුදුසු නැහැ. ඒ සඳහා නිවෙසින් හෝ ව්යාපාරික ස්ථානයෙන් පිටත එම භූමිය තුළ සුදුසු ස්ථානයක් තෝරා ගෙන එම ස්ථානයේ මල් පැලක් සාදා ගන්න. තමන් පදිංචි හෝ ව්යාපාරය කරගෙන යන භූමියේ පිහිටි ගසක බෙනයක් තිබෙනවා නම් එතැන ශුද්ධ පවිත්ර කරගෙන මේ පහන තැබීම සඳහා යොදාගත හැකි නම් වඩාත් හොඳයි. ඔබට යම් දුකක්, කරදරයක්, සතුරු පීඩාවක් ඇති වූ වෙලාවක ඒ දුක, කරදරය යුක්ති සහගත නම් සාධාරණ නම් ඉතා සරල මෙම පූජාව තැබීමෙන් ඔබට අපමණ පිහිට ලබා ගත හැකිය. මේ පූජාව පැවැත් වීමට පෙර බුදු පහන තබන ස්ථානයේ සුපුරුදු පරිදි බුද්ධ පූජා තබන්න. අනතුරුව සාදා ගත් මල් පැලේ පහන දල්වන්න. මේ පහන දිනපතා තැබිය යුතු නැහැ. සතියේ අඟහරුවාදා හෝ සිකුරාදා දිනෙක සතියකට එක් වතාවක් තබන්න. ඒ ආකාරයට අඟහරුවාදා හෝ සිකුරාදා දින 9ක් හෝ 21ක් පහන තබන්න. මේ පහන දැල්වීම සඳහා ඉතා පිරිසිදුව සිඳ ගත් නොඉඳුල් පොල්තෙල් පමණක් භාවිතා කරන්න. පහන දල්වා මෙහි පහත දැක්වෙන ශ්රී මහා භද්රකාලි දේවාරාධනා ස්තෝත්රය එක් වරක් කියා ඉන් අනතුරුව තමන්ගේ දුක, කරදර හෝ තමන්ට ඉෂ්ඨ කරගැනීමට තිබෙන කාරණය කියන්න. ඉන්පසු පින් අනුමෝදන් කර පංච බලය ප්රාර්ථනය කරන්න. ඔබට සිදු වූ යම් සොරකමක්, අලාභයක්, සාධාරණයක් හෝ සතුරු කරදරයක් සඳහා මේ පහන තබනවා නම් කොහොඹ තෙල් භාවිත කරන්න. පහන් වැටිය පිරිසුදු රතු රෙදි කැබැල්ලකින් සකස් කර ගන්න. එවැනි අවස්ථාවක පහන දැල්විය යුත්තේ රාත්රී 9.00න් පසුවයි. මේ ආකාරයට අඟහරුවාදා හෝ සිකුරාදා දිනයක දින 21ක් පහන දල්වා මෙම පූජාව පවත්වන අතරවාරයේදී ඔබේ කාරණය ඉටු වේවි. මෙකී දින 21 ගත වන කාලය තුළ ශ්රී මහා භද්රකාලි දෙවඟනගේ ඇල්ම බැල්ම ආකර්ෂණය ඇති, නිතර පුද පූජා පවත් වන භද්රකාලි දේවාලයකට ගොස් ජූජා වට්ටියක් පූජා කර එම ඉල්ලීම ඉටු කර දෙන මෙන් ඉල්ලා සිටීම වඩාත් ප්රතිඵලදායකයි.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk