Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

කුජ විසි දෙවැනි දෙර්කාණාධිපති නම් වඩාත් දැහැමි වෙන්න

1 year ago 7 Min read
Subha.lk
කුජ ග්රහයා ග්රහලොව සෙන්පතියා ලෙස සැලකෙන අතර දරුණුම ග්රහයා ලෙසද හැඳින්වේ. අඟහරු යන නාමයෙන්ද කුජ ග්රහයා හඳුන්වයි. කුජ ග්රහයා මෙම නාමවලින්ද හඳුන්වයි. අංගාර, අවනිජ, ආරණ, ලෝහිත, මිහිපුත්, රක්තා, භෞම, භූමි සූක, භූමිපේ මෙම නම් භාවිතයේ නැති වුවද කුජ ග්රහයාට මෙම නම්ද යොදා ගැනේ. රුධිරය නියෝජනය කරන ග්රහයාද කුජය. කුජ ග්‍රහයාගේ බලපෑම නිසා විවාහ වීමට හා විවාහ කඩා බිඳ වැටීම්ද, දරුණු අනතුරු හා මරණද බොහෝ විට සිදුවේ. කුජ ග්‍රහයා 22 වැනි දෙර්කාණාධිපති ලෙස සිටින අය ඉතා ප්‍රවේශමෙන් කටයුතු කළ යුතුයි. එලෙස හදිසි අනතුරුවලට ලක්වූ කුඩා දරුවකුගේ සහ තරුණ කාන්තාවකගේ කේන්දර සටහන් මෙහි පහත දක්වා ඇත. මෙම දරුවාගේ 22 දෙර්කාණාධිපති ග්‍රහයා කුජය. මහ මාර්ගයේ ගමන් කරමින් සිටින විට රථයක හැපී දැඩි සත්කාර ඒකකයේ සිට හිසෙහි සැත්කමක් කර දැනට සුවය ලබා සිටී. එහෙත් තවමත් වෛද්ය ප්‍රතිකාර ලබාගනිමින් ජීවිතය ගෙන යනු ලබයි. මෙම දරුවාගේ කේන්දර සටහනේ ග්‍රහයන් පස්දෙනකුම බලවත්ව ඇත. විශේෂයෙන් සෙනසුරු බලවත් වීම අනතුරක් වුවත් ජීවිතය රැකගැනීමට හේතුවක් වී ඇත. කුජ 22 දෙර්කාණාධිපති වීම හදිසි අනතුරක් සිදුවීමට හේතු වී ඇත. මෙම තැනැත්තියද පාරේ ගමන් කරන විට තුන් වතාවක්ම වාහනවල හැපී ඇත. තුන්වැනි වතාවේ දැඩි සත්කාර ඒකකයේ සිට සුවය ලබා ඇත. අද වන විටත් සුළු ආබාධවලින් පෙළෙමින් ජීවත් වේ. විශේෂයෙන් අධික හිසරදය, නිතර කේන්තියෑම ආදී රෝග තත්ත්වයන් අදද පවතී. මෙවන් රෝග තත්ත්වයන් ඇති වන්නේ මොළය සම්බන්ධ අනතුරුවලදීය. කොතරම් අයින් වී පාරේ ගමන් කළත් මෙවන් අනතුරුවලට බොහෝ දෙනා ලක්වන්නේ කුජ 22 වැනි දෙර්කාණාධිපති වීමෙන්ය. මේෂ ලග්නයෙන් උපත ලබා මේෂ, වෘෂභ, මිථුන නවාංශකයෙන් උපන් අය, වෘෂභ ලග්නයෙන් උපත ලබා මේෂ, වෘෂභ, මිථුන නවාංශකයෙන් උපන් අය, සිංහ ලග්නයෙන් උපත ලබා තුලා, වෘශ්චික, ධනු නවාංශකයෙන් උපන් අය, කන්‍යා ලග්නයෙන් උපත ලබා මකර, කුම්භ, මීන නවාංශකය හිමි අය, ධනු ලග්නයෙන් උපත ලබා කටක, සිංහ, කන්‍යා නවාංශක ලබා ඇති අය, මකර ලග්නයෙන් උපත ලබා කටක, සිංහ, කන්‍යා නවාංශක හිමි වූ අය මෙම ලග්නය හා නවාංශක හිමි අය රිය පැදවීම්, පාරේ ගමන් කිරීම ආදී කටයුතුවලදීද උස් ගොඩනැඟිලිවලට නැඟීමෙන්ද ප්‍රවේශම් විය යුතුයි. අඟහරුවාදා දිනවල උදේ 6.00-7.00 අතර හෝ රාත්‍රි 8.00-9.00 අතර දින 7 හෝ 21 බෝධි පූජා පැවැත්වීම, අභිසම්භිදාන යන්ත්රය හෝ අන්තරාය නිවාරණ යන්ත්රය 1008 වර ජීවම් කර පැලඳීම, රතු නෙලුම් මල් පූජා කිරීම, කතරගම දෙවියන්ට බාරවීම, පුද පූජා පැවැත්වීම ආදිය සුබ වේ. පන්සිල් සුරැකිය යුතුය. සතුන් ඝාතනය නොකළ යුතුය. සතුන්ට අභය දානය දීමද සුබ වේ. පෙර කරන ලද අකුසල කර්ම සියලුම දෙයට මුල් වන බව දැන දැහැමි ජීවිතයක් ගත කරන්න අදිටන් කරගන්න.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk