Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

අනවින-කොඩිවින-හදි හූනියම් කර ඇත්දැයි ඔබටම බලාගත හැකි ක්‍රම මෙන්න…

1 year ago 7 Min read
Subha.lk
කෙනකුගේ දියුණුව බලා සිටීමට බැරි ඊර්ෂ්යාකාර අධමයන්ද සදාකාලිකව ජීවත් වන්නේ යැයි සිතා ඉඩම්වලට, ගෙවල්වලට, වැටමායිමට ආරවුල් හදාගෙන නිතර කෝපයෙන් දැවෙමින් සිටින මෝඩයන්ද අනුන්ගේ විපත්තිය, විනාශය දැක සතුටු වන අමනයන්ද විවිධ අවස්ථාවල තම තමන්ගේ අරමුණු ඉටුකර ගැනීමට අනවින, කොඩිවින, හදිහූනියම් භාවිත කරයි. තවද කවුරුන් හෝ අනවින, කොඩිවින නොකර තිබුණත් ලංකාවේ පේන කියන්නන්, අඳුන් බලන්නන්, දේව ආරූඪයෙන් ශාස්ත්ර කියන්නන්, අනාවැකි පවසන්නත් ආදීන් තම තමන්ට ආර්ථික වාසි ලබා ගැනීමේ අරමුණෙන් තමන්ගේ සේවය ලබා ගැනීමට පැමිණෙන්නන්ට කිසිවකු අනවින, කොඩිවින, හූනියම කර ඇතැයි පවසා ඔවුන් බිය ගන්වා මුළාවේ හෙළන අවස්ථාද වෙයි. ඉන් භීතියට පත්වන අසරණ මිනිසුන් තම සේසතම උකස් කර හෝ එකී අනවින, කොඩිවින, හූනියම් ඉවත් කිරීමට පෙලඹෙයි. එයින්ම එම අසරණ මිනිසුන්ගේ විනාශය ආරම්භ වෙයි. 1. ගෙදරට විනකර ඇද්ද? මන්ත්රය: “විස්වල්ලා රහිං – මාරහිං මං ඩංයං දේශියා සුබ හංවෙද අනුග වන්නේ බ්‍රාං ප්‍රාං පදාර පුදර පසුපුලි අක හං කාන පුරක්කක් අල්ලා හු මාහු බිසිල්ලා විස්වල්ලා ලිහිං ලසං අංගං සූනියන් ඕලා රාක්ෂ බහිරේ වලවල්ලාහූස් “ ක්රමය: දෙහි ගෙඩි 7ක්, දෙහි කොළ 7ක් ඇති අත්තක් ගෙන ඉහත මන්ත්‍රයෙන් 108 වරක් මතුරා දුම්මල අල්ලා ගෙදර හතර කොනට ගොස් නැවත එක දෙහි ගෙඩියකට 7 වර බැගින් මතුරා කපා අලුත් කහ දියර හට්ටියකට දමන්න. දෙහිපළු උඩට මතුවේ නම් දෙහි අත්තෙන් කහදියර හට්ටියට 7 වර මතුරා කලතන්න. එවිටද කැපූ දෙහි හට්ටියේ අඩිය බදා නොගන්නේ නම් උඩට ඒ නම් විනයක්, හූනියමක් නැති බව දැනගත යුතුය. (මෙය අති ප්රබල අරාබි මන්ත්‍රයකි) 2. ගෙදර අයට විනයක් කර තිබේදැයි බැලීම, මන්ත්රය: - “ශ්‍රී වින රාජා ශක්ර දිවාකර ශ්‍රී මුඛ මණ්ඩල ජේජේ තොංගු තඩක කා හරි වින පත්මේ ගිනි ගිනි සෙල්ලුම් වාරුම් මේ වන වාරුම්” ක්රමය: අලුත් බිත්තරයක් ගෙන ලෙඩා අතට දී තුන්වරක් ශරීරයේ උඩ පහළට පිස දම්මවාගෙන ඉල්ලා තම අතේ තබාගෙන ඉහත මන්ත්‍රයෙන් 108 වර මතුරා බිත්තරය සොලවා බලන්න. බිත්තරය සෙලවෙනවා නම් විනයක් හෝ තුන්‍ෙදාස් බන්ධනයක් සිදුවී ඇත. නැතිනම් ග්රහ අපලයකි. 3. කොඩිවිනයක් කර තිබේදැයි බැලීමට -, දෙහිගෙඩි තුනක් ගෙන පහත මන්ත්‍රයෙන් මතුරා කපනු. කොඩිවිනයක් නම් ලේ පාට වෙයි. මන්ත්රය: - “ ඕං රාජං තාලේ බිස්කි ක්‍රීස් ශ්‍රී ලංකා ක්‍රීස් අල්ලා ගිනි බුද දී ජෝගිනී” 4. කෑමකට ඉනාවක් දමා දෙයි කියා සැක නම් - “ඕං හීං ආලෝකා ලංධනී වර මන්ත්ර කාලී දහාර දහාර ඉං ඉං ඉං සිරි කාලී නල්ලා මෙන් දිෂ්ටිකර මුන්තිත්ක වාවා එං එං එං හුං හුං සිවායම් “ 21 වර මෙම මන්ත්‍රයෙන් අතට මතුරා කෑම අතගානු. විනයක් කර ආහාර දී ඇත්නම් එම ආහාර ලේ පාටට පෙනෙයි. ආහාරයේ පණුවන් දඟලන්නා සේ පෙනෙයි. 5. ආහාරවලට වින කරදී ඇද්දැයි, බලන ක්රමය: මන්ත්රය: “ ඕං ක්‍රීං කන්කාලි නා එළු හරිකාලී අම්මාවා පෙරියමා දේවිවා ඔඩ්ඩි වා දිෂ්ටිවා “ ක්රමය: පුපුල පොතු, කහට පොතු, හික්පොතු මේවා කුඩුකර සමව ගෙන ඉහත මන්ත්‍රයෙන් 108 වර මතුරා කන්නට දෙනු. එය තිත්ත රසයි නම් බත්වලට වින කර දී ඇත. එයින් පැණි රසක් දැනෙන්නේ නම් පැණි ජාතියකට වින කර දී ඇත. කහට රසක් එයින් දැනෙන්නේ නම් බුලත්වලට වින කර දී ඇත. ඇඹුල් රසයක් දැනෙන්නේ නම් යක්ෂ අෑලියවකටයි. කිරි රසයක් දැනෙන්නේ නම් මාළුවකුට විනකරදී ඇත. පිටි රසයක් දැනෙන්නේ නම් කැවිලි වර්ගයකට වින කර දී ඇත. තෙල් රසයක් දැනෙන්නේ නම් කැවිලි වර්ගයකට වින කර දී ඇත. තෙල් රසයක් දැනෙන්නේ බැදුමකට වින කර දී ඇත. 06. තවත් හූනියම් කොඩිවින පරීක්‍ෂණයක් - ලුණුකැට ටිකක් අඹ ටිකක් ලෙඩාගෙ අතට දී නැවත තමන්ගේ අතට ගෙන පහත මන්ත්‍රයෙන් 108 වරක් මතුරා කබලක් ළිප තබා හොඳට රත්කර ලුණු සහ අඹ ලෙඩා අතින්ම කබලට දැමීමට සලස්වනු. බන්ධනයක් තිබුණොත් ඒවා පිපිරෙන්නේ නැත. නොතිබුණොත් පිපිරෙයි. සාර්ථක කොඩිවින පරීක්‍ෂණයකි. 07. ඉඩමට කොඩිවින කරලාද? - සවස් වරුවක දෙහි ගෙඩි 4ක් ගෙන සෝදා මල් බුලත් තට්ටුවක් තනා දෙහි එහි තැන්පත් කර පහත මන්ත්‍රයෙන් 108 වරක් මතුරා ප්‍රාණකර රාත්‍රි 9.00ට පමණ වත්තේ 4 කොන දෙහිගෙඩි වළලා උදේට එම දෙහි ගොඩට ගෙන බලනු. දෙහි තැම්බී කුණුවී ඇත්නම් විනයක් කර ඇත.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk