Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

සිහිනෙන් වැඩ අවැඩ කියාදෙන කාලිදේව ස්වප්නය…..

1 year ago 7 Min read
Subha.lk
කාලි මෑණියන් වෙතින් තමාට මතුවට සිදුවන වැඩ අවැඩ සිහිනෙන් දැන ගැනීම පිණිස මෙම ක්රමය අනුගමනය කළ හැකිය. එසේ කරන අය මෙය කිලිකුණුවලට හසුනොවී ඉතා පිරිසුදුව කළ යුතුවේ. කිලිකුණු වැදීමෙන් හෝ වෙනත් අත්වැරදීමක් සිදුවුවහොත් භයානක ප්රතිඵලවලට මුහුණ දෙන්නට සිදුවේ. කාලි යනු යක්‍ෂාත්මයකි. එබැවින් කරන ගනුදෙනුව ඉතා ප්‍රවේශම්කාරී ලෙස කළ යුතුවේ. මෙම කටයුත්ත කරන්නට පෙර අවම වශයෙන් සත් දිනක කාලයක් පේවීම කළ යුතුය. ඉන්පසු සෙනසුරාදා දිනයක මෙම කටයුත්ත පටන්ගත යුතුය. මල් තටුවට අවශ්ය ද්‍රව්ය - • රතුමල් ඇතුළු මල් වර්ග හතක්, • කෙසෙල් ගෙඩි, • කිරිබත්, පොරි, කඩල, • සක්කර, • පොල් ගෙඩියක්, • රිදී පඬුරු හතක්, • රතු ලේන්සුවක්, මේ සියල්ල මැනවින් පිරිසුදු කරන ලද තම කාමරයේ මල් යහනක් තනා ඒ මත තැබූ පහනට මෙම මන්ත්‍රයෙන් 108 වරක් මතුරන්න. “ඕං නම– කාලි නම– ඒංකාලී මහා කාලී ප්‍රන්ධ ශිව ශක්‍රාම් පත්‍රකාලී වර වර නමෝ නම–” ඉන් පසුව තමාට වුවමනා කරුණ විමසා නිදා ගන්න. කාලි මෑණියෝ සිහිනෙන් දර්ශනය වී වැඩ අවැඩ කියා දේවි. බිය නොවිය යුතුය. ශාන්ත විලාසයෙන් පැමිණේ. කාලි මෑණියන්ගෙන් වැඩ අවැඩ සිදුකරගත හැකි ක්‍රමවේද රාශියක් පවතින අතර බොහෝ දෙනාගේ ඉල්ලීම පරිදි මෙම ලිපිය ඉදිරිපත් කරමු.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk