Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

සෙනසුරුගෙන් පිහිටක් ගන්න අපිට වාසනාවක් නැද්ද?

1 year ago 7 Min read
Subha.lk
සෙනසුරු හෙවත් ශනි ග්රහයාගේ නම ඇසූ පමණින්ම බොහෝ අය කලබල වෙති. එයට හේතුව වන්නේ දුකට අධිපති සෙනසුරුගේ මහ දශාව හෝ අතුරු දශා කාල අපල කාලයන් බවය. සෙනසුරු විසින් ඇති කරන අපල තත්ත්වය ජන්මියාට දැනෙන්නටම සිදු කිරීම සෙනසුරුගේ නෛසර්ගික ගතියයි. එබැවින් හැම දෙනෙක්ම සෙනසුරුට බියක් දක්වති. විෂ්ණු දෙවියන්ට පවා බටකොළ කෑමට සැලැස්සූ බව ව්යවහාරයේ එන ප්රසිද්ධ කියමන් වේ. ඒ අනුව මකර රාශිගත වූ සෙනසුරුගේ ස්වභාවය හා ගති ලක්ෂණ මකර ලග්නකරුගෙන් විද්යා මාන වේ. තමාගේ පෞද්ගලික දියුණුව සදහා වැඩ කරයි. කරන හැම වැඩකින්ම යමක් ලබා ගැනීමට උනන්දු වන බවයි. මේෂ ලග්න හිමියන් ගැන බැලූ විටද පෙනී යන්නේ වැඩපලවලම නිරත වන බවයි. වැටි වැටී නැඟිිටිමින් වැඩම කරයි. මේ අනුව ශනි මහ දශාව අතුරු දශා ලැබූ විට ජන්මියා වැඩපළවල නිරත කරවමින් දුකම අත්කර දීමට කටයුතු කරන බවයි. ශනි ග්රහයා වැඩි වශයෙන්ම දුක උරුම කරදී ඇති ග්රහයා වුවත් යහපත්ව (උච්චව, ස්වක්ෂේත්රව, මිත්රව) සිටි විට සුබ පල ලබාදීමටද අමතක නොකරයි. එවැනි සුබ පල ලබාදෙන ග්රහ යෝග කිහිපයක් ගැන අපගේ අවධානය යොමු කිරීම වටී. ජේ‍යාතිෂයේ දැක්වෙන පංච මහා පුරුෂ යෝගවලින් එකක් වන සස යෝගය උදා කරන්නේ ශනි හෙවත් සෙනසුරු ග්‍රහයා බවයි. ජන්ම කේන්දරයේ ශනි ග්‍රහයා උච්ච රාශි ගත වීමෙන් හෝ ස්වක්‍ෂේත්ර වීමෙන් 1,4,7,10 යන කේන්ද්ර ස්ථානවලින් එකක පිහිටීමෙන් මෙම යෝගය යෙදේ. සෙනසුරු තුලා රාශියේ උච්ච වේ. කුම්භ රාශියට ස්වක්‍ෂේත්ර මූල ත්‍රිකෝණ වේ. මකරයට ස්වක්‍ෂේත්ර වේ. වැඩිම කාලයක් (වසර 2 / 1 වැඩි) ගත කරන ග්‍රහයාද සෙනසුරු වේ. මිථුන, කන්‍යා, ධනු, මීන ලග්නවලින් උපත ලබා ඇති ජන්මීන්ට සස යෝගය නොයෙදේ. මෙම යෝගයෙන් ඇති කෙරෙන ප්‍රතිඵල මෙසේ සාරාංශ කර දැක්වීමට පුළුවන. ජන්මියා එඩිතර අයකු වේ. ක්‍රියාශූර පුද්ගලයකු වේ. පිරිස් බලය ඇත්තකු වේ. බුද්ධිමත්ව කටයුතු කරයි. අන් අය සුමඟට යොමු කරවයි. නායකත්වයට පත්වේ. ස්වාභාවික සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ලබන අයකු බිහි කරයි. යාන වාහන හොඳ නිවාස ලබා ගැනීමට සමතකු වෙයි. උදාහරණ කිහිපයක් පරීක්ෂා කිරීමෙන් මෙය වඩාත් තහවුරු වේ. මේෂ ලග්නයෙන් උපත ලද විට 7 වැන්නේ ශනි ග්‍රහයා තැන්පත්වී නම් තුලා රාශිය වූ එහි සෙනසුරු උච්ච වේ. එවිට ජන්මියාට එඩිතරකම අප්‍රතිහත ධෛර්ය ලබාදීමට සෙනසුරු සමත් වේ. එවිට හොඳ නිවාස හා යානවාහන ලැබීමෙන් ජන්මියා වාසනාවන්තයකු වෙයි. තවත් උදාහරණයක් වශයෙන් වෘෂභ ලග්නයෙන් උපත ලද ජන්මියාගේ 10 වැන්නේ ශනි තැන්පත් වී සිටීම කුම්භ රාශියේ මූලත්‍රිකෝණ හා ස්වක්‍ෂේත්ර බලයෙන් යුක්ත වීමයි. දක්ෂ කථිකයෙක් මෙන්ම නමගිය නීතිඥ මහතකු බවට පත්වීමට වාසනාව මතුකරදී ඇති බවයි. මේ අනුව ජේ‍යාතිෂයේ එන පංචමහා පුරුෂ යෝගවලින් එකක් වූ ‘සස’ යෝගය මහත් පල ලබාදීමට සමත් වන බවයි. ශනි හෙවත් සෙනසුරු ග්‍රහයා විසින් ජන්මියා වෙත වාසනාව උදා කර දෙන තවත් ප්රබල ග්රහ යෝග ජේ‍යාතිෂයෙන් පෙන්වා ඇති බවයි. එබඳු සුබ පල ලබාදෙන ශ්‍රී කාන්ත යෝගය සහ ජය යෝගය ඉන් ප්‍රධාන වේ. ශ්‍රී කාන්ත යෝගය යෙදෙන්නේ ශනි ග්‍රහයා 1,4,7,10 යන කේන්ද්ර ස්ථාන හැර මකර රාශියේ අන්ය ස්ථානයක තැන්පත් වීමෙනි. මෙම යෝගයෙන් උපත ලබා ඇති ජන්මීන්ගේ ගති ලක්ෂණ මෙසේය. 1. ඕනෑම දුකක්, කරදරයක් ඉවසා දරාගෙන සිටීමට හැකි පුද්ගලයකු වීම, 2. බාධක බිඳ දමමින් ඉදිරියටම යෑමට ශක්තිය ලැබීම, 3. දැඩි අධිෂ්ඨානය හා කැපවීමෙන් කටයුතු කළ හැකි අයකු වීම, 4. ඕනෑම දෙයකට ඔරොත්තු දීමේ වීර්යය සම්පන්න අයකු වීම, 5. නායකත්වය ලබාගැනීමට උනන්දු වීම සහ එය ලැබෙන තෙක් ඉවසීමෙන් කටයුතු කිරීම උදාහරණයක් වශයෙන් ධනු ලග්නයෙන් ඉපිද ඇති මොහුගේ ජන්ම පත්රය පරීක්‍ෂා කිරීමේදී 2 වැන්න වූ මකරයේ ශනි තැන්පත් වී ඇති බවයි. එමෙන්ම 11 වැනි රාශිය වූ තුලාවේ සිකුරු ස්වක්‍ෂේත්ර බලයෙන් ස්ථානගත වී සිටීමයි. 2 වැන්න වූ මකරය ස්වක්‍ෂේත්ර බලයෙන් යුත් බැවින් මෙම ජන්මියා උත්සාහයෙන් දියුණු වන පුද්ගලයකු බවයි. මෙමඟින් පුද්ගලයාගේ ධෛර්ය සම්පන්න භාවය වැඩි වීමෙන් ජන්මියා උසස් තත්ත්වයට පත්වී ඇති බවයි. ශනි හෙවත් සෙනසුරු කුම්භ රාශි ගතවීමෙන් තවත් සුබ පල ලබාදෙන ජය යෝගය උදා කර දෙයි. මෙම යෝගයේ බලයට කේන්ද්ර ස්ථානවල හා ත්‍රිකෝණස්ථානවල යෙදීම මහත් සුබ පල හිමිකර දෙන බවයි. ජය යෝගයෙන් උපන් අයගේ ගති ලක්ෂණ මෙසේය. 1. තමා කරන රැකියාවේ ඉහළ තලය දක්වා උසස් වීමට වාසනාව මතුවෙයි. 2. පිරිස් පාලනය කිරීමේ හැකියාව ලබයි. 3 .භූමියෙන් ලබන පලප්‍රයෝජන ඉතාමත් ඉහළ මට්ටමකට ළඟා වෙයි. 4. නොපසුබස්නා උත්සාහය, දැඩි ආත්ම විශ්වාසය ජන්මියා ඉදිරියටම පමුණුවයි. උදාහරණයක් වශයෙන්, මේෂ ලග්නයෙන් උපත ලබා ඇති මෙම ජන්ම පත්‍රයේ 11 වැන්න වූ කුම්භ රාශියේ ශනි තැන්පත්ව සිටී. එමෙන්ම සිංහ රාශියේ අධිපති රවි 9 වැන්න වූ භාග්ය ස්ථානයේ තැන්පත් වී සිටීම බලවත් ග්රහ පිහිටීමකි. ඒ අනුව ජන්මියාට පිරිස් පාලනය කිරීමේ ශක්තිය හිමිකර දෙයි. එමෙන්ම කීර්ති ප්‍රශංසා ලබාදීමටද එම ග්රහ බලය බෙහෙවින්ම ඉවහල් වේ. මේ අනුව දුකම උරුම වී සිටින සෙනසුරු හෙවත් ශනි ග්‍රහයා ජන්මියා ප්රබල ස්ථානවලට පත්වන ආකාරය ජේ‍යාතිෂයේ මතුකර පෙන්වයි. දැනට මකර රාශි ගත වී සිටින සෙනසුරුගෙන් ඔබටත් බොහෝ සුබ පල උදා වීමට 2020ට වඩා නව වර්ෂය වූ 2021 හැකි වනු බව අපගේ විශ්වාසයයි.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk