Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

පිරිමි කේන්දරේ කුජ දෝෂය තිබුණොත් මොකද වෙන්නේ ?

1 year ago 7 Min read
Subha.lk
තදබල විවාහ දෝෂ ඇති කේන්දර හිමි අයට එය විවාහ දෝෂ නැති කේන්දරයක් හා සම්බන්ධ නොවුවහොත් එයින් ඇතිවන ප්රතිඵල ඉතාමත් අහිතකරවනු ඇත. විවාහ දෝෂවලින් ප්රධානම විවාහ දෝෂය කුජ 7 වැන්නේ 8 වැන්නේ යෙදීමයි. හත් වැන්නේ විවාහයද අට වැන්නේ විවාහයෙන් පසු ජීවිතයද පෙන්නුම් කරයි. පෙර භවයක කරන ලද අකුසල කර්මයක ප්‍රතිඵල ලෙස කුජ හත, අට යන ස්ථානයක පිහිටයි. එම මතය බොහෝදෙනා පිළිනොගනියි. එයට හේතුව ඔවුන් මෙම ආත්මභවය තුළ එවන් පාපකර්මවලට නොපෙලඹීම ජීවිතය ගත කිරීමයි. එහෙත් අප කළ පාපකර්ම ගොනා පිටුපස එන කරත්තය මෙන් පසුපසින් ගමන් කරයි. එය අවස්ථාව පැමිණෙන කල පල දෙනු ඇත. එයට නිදසුනක් ලෙස මෙම ලග්න දෙකින් ඇති කේන්දර දෙක දක්වමි. මෙම කේන්දර දෙක හිමි දෙදෙනාගේ විවාහය සිදුවී ඇත්තේ හරියාකාර කේන්දර බැලීමකින් තොරවය. අද වනවිට මෙම බිරිය මානසික දුර්වලතාවකට පත්වී ඇත. (ඔවුන්ට කරන ගෞරවයක් පිණිස නම් ගම් හෝ උපන්දිනය පල නොකරමි) එයට හේතුව වී ඇත්තේ පුරුෂ කේන්දරයේ ඇති කුජ දෝෂයයි. එය 8 වැන්නේ යෙදී ඇත. එයට ස්ත්‍රී කේන්දරයේ 12 වැන්නේ ඇති කුජ දෝෂය නොගැළපේ. පුරුෂ කේන්දරයේ ගුරු නීච වීමත් ස්ත්‍රී කේන්දරයේ ගුරු ග්‍රහයා බලවත්ව යෙදීමත් එයට ඉවහල් වනු ඇත. දරුවන් දෙදෙනකු ඇති මෙම යුවළ අද වනවිට ජීවත්වන්නේ එක ගෙදරක වෙසෙන පිටස්තරයන් ලෙසය. ආර්ථික තත්ත්වයෙන්ද ඉතාමත් අඩු මට්ටමකට වැටී ඇති මෙම දෙදෙනා එයින්ද පීඩාවිඳී. මානසික වෛද්‍යවරයකු වෙත ගොස් ඔෟෂධ ගැනීම පවා ඇය ප්‍රතික්ෂේප කරයි. මේ සියලු දෙයටම මූලික වී ඇත්තේ තදබල විවාහ දෝෂයක් වන කුජ දෝෂය පුරුෂ කේන්දරයේ යෙදීමයි. කුජ 7 වැන්නේ 8 වැන්නෙන් ඇති අය එම ගැළපීම ගළපා විවාහ වන්නේ නම් මෙවන් අසීරුතාවකට ලක්නොවනු ඇත. පොරොන්දම් ගැළපීමට වඩා කේන්දරයේ ඇති ග්රහ පිහිටීම් බලා විවාහ වීම ඉතාමත් අගනේය.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk