Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

සිහින පලාපල 50ක්.

1 year ago 7 Min read
Subha.lk
1.බෝධීන් වහන්සේ දැකීම - වාසනාවකට මඟක් පෑදී එන ලකුණක සංකේතයක් හා එය මතු කරගැනීමට පවසන පින් බලයක වදනක්. 2.අලුත් නිවෙසක් - වාසනාවන්ත දුවක් පිළිසිඳ ගැනීම, උසස් නිලයක රැකියාවක්. 3.පාරක අතරමං වීම - මහා දෝෂාරෝපණයක්. 4.තම හිසකෙස් කැපීම - රෝග, පාඩු කරගැනීම. 5.දත් ගැලවී වැටීම - බියජනක විපත්. 6.වැසිකිළි දැකීම -ඉඩමක්, භූමි ලාභ. 7.තුවාල වීම - කලහයක් හෝ බලාපොරොත්තු සුන් වීමක්. 8.දිය ඇදීම - දියුණුවට පත්වන ලකුණු. 9.ඉදුණු පලතුරු වර්ගයක් දැකීම -ගැහැනු දරුවකු පිළිසිඳ ගැනීමක්, පැතුම් ඉටුවීමක්, වැඩිවියට පත්වීමක්. 10.රිළවුන් හිස බැලීම,උකුණන් ගැනීම - අඹු-සැමි සමඟිය. 11.මල් වට්ටියක් බිම වැටී පොඩි වීම -අකාලයේ පවුලේ කෙනකු මියගොස් ඇත්නම් පින්කමක් කර පින් දෙන්න. 12.බුලත් කොළ හා බුලත් කොටු දැකීම -උසස් අධ්‍යාපනය පිළිබඳ පෙර ලකුණක්. 13.පොල් මල් හා පොල් ගෙඩි දැකීම -මංගල අවස්ථාවකට ලකුණක්. 14.තමා නින්දෙන් වැටීම - නොසිතූ දෙයක් වීම. 15.හිස් කළ දැකීම - පාඩු පිට පාඩු සිදුවේ. පෙනි පෙනී පරාජයක් ඇතිවේ. 16.විහාරයක් දැකීම -ශුභ අනාගතයක් පිළිබඳ අනාවැකියකි. 17.කෑම මේස දැකීම -මංගල යෝග. 18.වාහන ගිනි ගැනීමක් දැකීම - සතුරු විපතක්, මහා පසුබෑමක්, විශාල පාඩුවක් පිළිබඳ පෙර දැනුම්දීමකි. 19.බොර දියේ නෑමක් හෝ පානය කිරීමක් දැකීම -ග්රහ අපල ඉවතට යෑමකි. 20.සිල් මාතාවක් දැකීම -නිවෙසේ පින්කමක් කොට සැනසීමක් ලබා ගැනීමට ග්රහ බලපැමක ආයාචනාවකි. 21.හිසකේ වර්ධනය වීම -සෞඛ්ය තත්ත්වය පිළිබඳව අවධානයෙන් සිටීමට කරන දැනුම්දීමකි. 22.අලුයම පාසල් යනු දැකීම - ඉහළ රැකියාවක් හෝ උසස්වීමක් මසක් ඇතුළත ප්‍රතිඵල. 23.කරවල ගොඩක් දැකීම -මළගිය ඥාතියකුට පින් ඉල්ලීමක් (දුටු දේ ඉටුකළ යුතුයි) 24.උක්ගස් ගෙන එනු දැකීම - වස්තු ලාභ හා කීර්ති ප්‍රශංසා ලැබේ. 25.නිරුවත් පිරිමි අවයව දැකීම - සෞඛ්ය තත්ත්වය පහත වැටේ. 26.පරවුණු මල් දැකීම - අසනීපකාරී තත්ත්වයක්. 27.හිසේ උකුණන් ගැනීම -තම දරු සම්පතට අමතරව නෑනාටද දරු සම්පතක් ඇතිවේ. 28.ඉගිළෙන පරවියන්, කුකුළන්, මොනරුන්, කොවුලන් දැකීම -ඉතාම දුර්ලභ වාසනාවන්ත යුග දිවියකට සියලු චාරිත්ර සහිතව පියවර තැබීමට අවකාශ උදාවේ. 29.කුඩා දරුවා නැළවෙමින් සිටින තොටිල්ල ගිනිගනු දැකීම - දරුවාට අපලපකාරී තත්ත්වයක්. 30.ඔටුනු දැකීම -රැකී රක්‍ෂා තනතුරු හා උසස් නිලතල ලැබීම ආදිය වේ. 31.ගැරඩියකුට ගැසීම -අනතුරක් වීම හෝ සිදු කිරීමක්. 32.අනියම් සම්බන්ධයක් දැකීම - දෙවැනි දරුවා කුසට ඒම. 33.තම ඉඩමට අත්තිකාරම් මුදල් ගැනීම - ආරවුල් විසඳෙන සුබ ලකුණකි. 34.ඉබ්බෙක් දැකීම - ආයුෂ වැඩිවීමක්, උසස් නිලයක්, පැතුම් ඉටුවීමක් වේ. 35.මිදුලේ පොල් ගසක් උඩ නයෙක් සිටීම තව එකෙක් ඇවිත් පාදයට දෂ්ට කිරීම -දෙවැනි දරුවා ඉපදීමට ඉඩ නොදීම. 36.තම මව දඹදිව යවන අයුරු දැකීම - දුටු සිහිනය ඉටු කළොත් මෙලොව භාග්ය උදාවෙයි. 37.තම මව සතුටින් සිටිනවා දැකීම - තමාට සතුට සෞභාග්ය උදාවේවි. 38.මළ මිනියක් පිරිසුදු කරනවා දැකීම - තමාගේ සිතේ ඇති අදහස ජය ලබන සලකුණකි. 39.මළ මිනියක් සමඟ එකට නිදා ගැනීම - ආයු වර්ධනය වීමක් ආයුරාරෝග්ය සම්පත්තියක් වේ. 40.මළ මිනියක හිසක් දැකීම - සිය කටයුතු අක්‍රිය වන්නේය. 41.වාහන ගිනි ගැනීමක් දැකීම -සතුරු විපතක්, මහ පසුබෑමක්, විශාල පාඩුවක් පිළිබඳ පෙර දැනුම් දීමකි. 42.දිය පිරි කළය හෝ භාජනය බිඳ වැටීම, අතහැරීම සිහිනයෙන් දැකීම - මහ විපතක් ළඟ එන සිහිනයක් වේ. 42.මයිනන් හෝ ලිහිණියන් සිහිනයෙන් දැකීම - මිහිරි වදන් සවනට ඇසීමක් පෙන්නුම් කරයි. 43.කොණ්ඩය කඩාගෙන නටනවා දැකීම, විකාර දැකීම - මළ ඥාතියකු පින් ඉල්ලීම පෙන්නුම් කරයි. 44.අලංකාර පලඳනා පැලඳීම්, සුවඳ ගැල්වීම හා නොපැලදූ මැණික් සිහිනයෙන් දැකීම - අවහිර බාධා ඉවත් වී කාගෙත් පැසසුම්වලට ලක් වී අවස්ථානුකූලව සිතූ පැතුම් ඉෂ්ට වේ. 45.කැඩපත් තුළින් සුදෝ සුදු වස්ත්ර සිහිනයෙන් දැකීම හා යම් අයට කතා කරන ආකාරය සිහිනයෙන් දැකීම - මහා ජයක් හා විශිෂ්ට සම්පතක් හිමිවේ. 46.ජලයේ පිහිනා ගොස් එගොඩ වන ආකාරය සිහිනයෙන් දැකීම - තමාගේ පවුලේ හෝ ඥාතියකුගේ බරපතළ රෝගියකු නිරෝගී සුවය ලැබීමක්, සැනසිල්ලක් සිදුවේ. 47.සැරයටියක් රැගෙන යන අයෙක් සිහිනයෙන් දැකීම - විපතක ලකුණක් පෙන්නුම් කරයි. 48.මී වදයක් උතුරා පැණි බේරීම සිහිනයෙන් දැකීම - පෙම්වතා විදේශ රටකට යෑම, සැප සම්පත් ඉතිරීමක් හෝ ඉදිරියේදී පුත් කුමරකු ලැබීමේ වාසනාවක් පෙන්නුම් කරයි. 49.වර්ණවත් වස්ත්ර නිතර දැකීම - ප්‍රසිද්ධ කතුවරයකු වීමට වාසනාව පෑදේ. 50.වැසිකිළියට මුල්වර තිදෙනෙක් එකට ඇතුළු වනු සිහිනයෙන් දැකීම - ළඟම හිතවත් තිදෙනෙක් පිටරට යෑම හෝ ඔවුන්ට රැකියාවල් ලැබීම හෝ තමාගේ පැතුම්ද ඉක්මනින් ඉටුවන ලකුණකි.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk