Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

ආලය පණ වගේ රැකගන්න සුදු නිලක් පලඳින්න

1 year ago 7 Min read
Subha.lk
ජේයාතිෂය හා මැණික් අතර ඇත්තේ ස්ථිරසාර බැඳීමකි. අනාදිමත් කාලයක සිට මිනිසා ආභරණයක් ලෙසින් මෙන්ම විවිධාකාර දෝෂයන් සමනය කරගැනීම උදෙසා විශ්ව ශක්තිය ආකර්ෂණය කරගැනීමට විවිධ මැණික් වර්ග එබ්බවූ පලඳනාවන් සඳහා යොමු වී ඇත. ලංකාවේ රාවණායුගයටත් එහා ඊජිප්තුවේ පාරාවෝ යුගයටත් එහා අතීතයක් මැණික් පලඳනාවලට හිමිවේ. මැණික් එබ්බවූ ඔටුනු, හස්ත පලඳනා, චක්ර, නවරත්න මුදු, අනුරාගී මුදු, පේරැස් මුදු නිදසුන්ය. ඇමෙරිකාව, බි්‍රතාන්ය, චීනය, ජපානය, ඉන්දියාව, අරාබිකරය මැණික් බහුලව භාවිත කරයි.සෞභාග්‍යයේ සංකේතයක් සේ සලකා ධනවතුන්, ව්‍යාපාරිකයන්, ප්‍රභූන්, දේශපාලකයන්, කලාකරුවන් වැනි අය මැණික් පලඳනා බහුලව භාවිත කරයි.ගරුඬ පුරාණයේ නාරද සංහිතාවේ රත්න පරීක්ෂාව යන ජේ‍යාතිෂ මූල ග්‍රන්ථයන්හී පැහැදිලි කරන අන්දමට රන්, රිදී, මුතු, මැණික් පැලඳීමෙන් එම රසායනික සංයුතීන් රුධිරයට එක්වී රුධිරය පිරිසුදු වී රූප සම්පත්තිය ඇති වී තුන්‍ෙදාස් මර්දනය වී වාසනාව, සෞභාග්යය, ආකර්ෂණය හා දීර්ඝායුෂ සම්පත්තිය වර්ධනය වේ. මැණික් පැලඳීම ආවට ගියාට නොකරන්න. ප්‍රවීණ විශ්වසනීය ජේ‍යාතිෂඥයකුගේ සහාය ලබාගෙන තම ජන්ම ලග්නයට, නැකැතට, නවාංශකයට සීහුම් වන පරිදි බලාපොරොත්තු වන කාරණා බලවත් කරගැනීමට ජේ‍යාතිෂ ගුප්ත විද්‍යානුකූලව මැණික් පලඳින්න. මැණික් පැලඳීමේදී දෝෂ රහිත පලුදු නොවූ ඒවාම භාවිත කරන්න. ලාභයට අඩුවට ප්‍රමිතියෙන් තොර මැණික් පැලඳීම තමාම රවටා ගැනීමකි. කැඩී බිඳී ගිය කණ්ණාඩියකින් තම මුහුණ බලන විට විකෘති වී පෙනෙන්නාක් මෙන් පලුදු මැණික් පැලඳීමෙන් විකෘති අයහපත් කිරණ ශරීරයට ඇතුළු වීමෙන් විශ්වීය චිත්ත තරංග විකෘති වී අයහපතම ඇති කරයි. මැණික් විද්‍යාවට අනුව මැණික් දෝෂ අටකි. (1) ලාසන පටල දෝෂය _ මැණික් ගල තුළ ලුණුකැට සේ පිපුරුම් තිබීම. (2) ත්‍රාෂය දෝෂය _ ගල මධ්‍යයේ පැළී ගිය ඉරක් දිස්වේ. (3) භීෂණ දෝෂය _ ගල මධ්‍යයේ රක්ත වර්ණ ලේ බිඳුවක් වැටී ඇති සේ දිස්වීම. (4) ප්‍රකෘති පටල දෝෂය _ ගලේ එක් පැතිකඩක් සුදුපැහැ ගැන්වී තිබීම. (5) නීල මංචලී දෝෂය _ නිල් හා රතු කවලම් වී විරූපී ස්වභාවයක් ගැනීම. (6) තරාසම් දෝෂය _ කුරුලු පිහාටුවකට සමාන අපද්‍රව්‍යයන් සමන්විත වී තිබීම. (7) කෝවංගු දෝෂය _ ගලක් පුරා වලාකුළක් මෙන් පැතිරී මැණික් ගලේ පැහැදිලි බව අඩුවීම. (8) සුළං බුබුළු දෝෂය _ මැණික් ගල පුරා සුළං බුබුළු පවතී. මැණික් යනු ස්වාභාවික ඛනිජයකි. මහී කාන්තාවගේ උත්කෘෂ්ට දායාදයකි. අතීත රණකාමීන් සතුරාගේ දෘෂ්ටිය වික්ෂිප්ත කිරීමට තම යුද පළිහට,යගදාවට, හිස් පලඳනාවට, යුද හැට්ටයට, කඩුවට, අත් පලඳනා ඇතුළු සියලු යුද ආයුධවලට මැණික් එබ්බ වූයේ ඒ තුළ පවතින ශක්ති ප්‍රභවයන් මනාව අවබෝධ කරගත් හෙයිනි. ව්‍යාපාර කටයුතු දියුණුවට, ස්ථානගත ආකර්ෂණයට, නිරෝගීභාවයට ආදී සුගතිගාමී කටයුතු බොහෝමයක් උදෙසා මැණික්වල ශක්තිය ඉවහල් කරගත හැකිය. ඉදිරි ලිපිවලින් මැණික් ශාස්ත්රය පිළිබඳව සවිස්තරාත්මක ලිපි පෙළක් පළකිරීමට අදහස් කරන අතර මෙම ලිපි පෙළින් මැණික් නව වර්ගය පිළිබඳව මූලික සටහනක් තබමි. මැණික් පැලඳීමේදී ජේ‍යාතිර්වේදියකු ලවා තම ජන්ම පත්රය පරීක්ෂා කරවාගෙන වර්තමානයේ පීඩා දෙන කරුණට අදාළව (උදා: රෝග, අධ්‍යාපනය, විවාහ බාධක, රැකියා, ආදායම් මාර්ගය ආදිය) ජන්ම ලග්නාධිපතියාට සීහුම් වන, ජන්ම කේන්දරයේ යෝග කාරක ග්රහයට බලගතු එමෙන්ම එම පීඩා දෙන බාධකය සමනය කරවන මැණික් නිවැරදි ශාස්ත්‍රානුකූලව පැලඳගත යුතුය. ඒ පිළිබඳව ඉදිරි ලිපි පෙළින් සවිස්තරාත්මකව දක්වමි. මැණික් නව වර්ගය ප්‍රධාන සියලු මැණික් වර්ගයන් පහත පරිදිය. මැණික්වල පරසිඳු මිණිපුරය හෙවත් රත්නපුරයයි. කෙතරම් වටිනා මිණිකැට හමුවුවත් රටේ පවතින ආර්ථික දරිද්‍රතාව කරණකොටගෙන ඒවා පිටරටට විකුණා මුදල් ලබා ගනී. එකී වටිනා මාණික්‍යයන් පැලඳීමට භාවිත කිරීමට තරම් පෙරදිග මුතු ඇටයේ මිනිසුන් පොහොසත් නැත. පැලඳුවොත් ඒ ධනකුවේරයෙකි. ධනකුවේරයන් බිහි කිරීමට තරම් අති ප්රබල තරංග ශක්තියක් ආකර්ෂණයක් හා විශ්ව කිරණ බලවේගවල බලපෑම තමා වෙත ඇඳ බැඳ තබාගැනීමට මිණිකැටවල අති ප්රබල බලයක් තිබේ. ඒ නිසයි ඒවා ඩොලර් මිලියන ගණන් වටින්නේ. අපි හොඳ දේ පිටරටට විකුණා කන ජාතියකි. ඉතුරුවන රොඩුබොඩු භාවිත කරන ජාතියක් වී ඇත. තේ කුඩු වුණත් එහෙමයි. හොඳම තේ කොළ පිටරටට විකුණා ඒ ලැබෙන ඩොලර්වලින් යැපෙන ජාතියකි. ජාතියක් වැනසෙන්නේ එහෙයිනි. හොඳ දේ පිටරටට විකුණා ඉතුරුවන කුණු අපි පරිභෝජනය කරන්නෙමු. අපිට ස්වයංපෝෂිත අර්ථ ක්‍රමයක් සඳහා අවශ්ය සියලු වටිනා ද්‍රව්‍යයන් ස්වභාවධර්මය අපිට උරුම කර දී තිබෙනවා. අපි ඒවා සුද්දන්ට විකුණනවා. පිළිකාවක් මෙන් දීර්ඝකාලීනව වර්ධනය වූ මෙම ඩොලර් පිළිලය අද අපේ රට ආක්රමණ කර තිබේ. ස්වභාවධර්මය අපිට මිණිකැට දුන්නේ හේතුවක් ඇතිවයි. ඒවා එතරම් වටිනා නිසයි. ඒවා භාවිතයෙන් යහපත් ප්‍රතිඵල ඇතිවන නිසයි. දිවයිනේ විවිධ ප්‍රදේශවලින් මැණික් වාර්තා වුවද වැඩි ප්‍රමාණයක් දායාද කොට ඇත්තේ රත්නපුරයටය. රත්නපුරය පතල් කර්මාන්තයේ බිහි‍ෙදාරයි. කුඩා කල සිටම පතල් කර්මාන්තය, මැණික්, විනිල් මැණික්, ගුරුගේ මැණික් යන වචන ඇසීමි. අද ඒ නගරයේ රාජ්ය ආයතනයක රජයේ නිලධාරියෙක් ලෙස බොහෝ දුර බැහැර සිට වසර 4ක් පමණ රාජකාරි කරමින් මැණික් පිළිබඳව, මැණික් ශාස්ත්රය පිළිබඳ, රත්නපුර සංස්කෘතිය පිළිබඳව මනා අත්දැකීම් සම්භාරය ලබමින් සිටිමු. නව රත්නයන් මෙසේය. (1) වෛරෝඩි (2) රතු මැණික් (3) නිල් මැණික් (4) පුෂ්පරාග (5) පසිංගල් (6) පත්මරාග (7) කාකනිල් (8) සුදුනිල් (9) ගෝ මේද යන ඒවාය. ඊට අමතරව (1) මුතු (2) කහට රබහා (3) රතු රබහා (4) නිල් කිරිංචි (5) රතු කිරිංචි (6) පච්චතෝර (7) ජාගුන් තෝර (8) අඹ තෙස් (9) කොළ නිල් (10) මරකත පච්ච (11) කොරල් (12) අගස්ති (13) බෙරලියන්තු (14) පුනක්කන් (15) පච්ච පඩියන් (16) දිය තරිප්පු ලෙසද මැණික් වර්ග කොට ඇත. මේ අතරින් නවරත්නයන්ට අයත් සුදු නිල පිළිබඳව මෙම ලිපියෙන් සටහන් කරමි. කොරන්ඩම් කුලයට අයත් සුදු නිලෙහි දෘඨතාව 9.0කි. ගුරුත්වාකර්ෂණ බලය 3.9 _ 4.05 අතර වේ. වර්තනාංකය 1.575 _ 1.779ක් වේ. අන්තර්ගත රසායනික සංයුතිය පිරිසුදු ඇළුමිනියම් ඔක්සයිඩ් වේ. පිරිසුදු ජල පැහැතිය. හඳුනාගන්නේ මැණික වතුර භාජනයකට දැමූ විට එය ළා නිල් පැහැගැන්වේ. කාමය, රාගය, ලෞකිකත්වයට අධිගෘහිත සිකුරු ග්‍රහයාගෙන් හටගන්නා වූ සියලු අපල උපද්‍රවයන් දූරින්භූත කරවයි. සුදු නිලක් ශාස්ත්‍රානුතකූලව පැලඳීමෙන් සියලු ස්ත්‍රී පුරුෂ කාම රෝග, ලිංගික රහස් රෝග, ලිංගික දුර්වලතා සමනය කරයි. දත් දිරායෑම ඇතුළු දන්ත රෝග නිවාරණය කරයි. නින්ද නොයෑමට, නින්දෙන් බියවීම වැනි තත්ත්වයන්ට ප්‍රත්‍යක්ෂ මැණිකකි. උදරාබාධ සමනය කරවයි. බාලපක්ෂ රෝග, ලේ කැටි ගැසීම, ගලනාලය ආශ්‍රිත ආබාධ, වා පිත් සෙම් රෝග ආපෝ භූතාත්මකව ඇතිවන ලෙඩ රෝග තත්ත්වයන් සමනය කරවයි. පියයුරු ආශ්රිත රෝගා බාධක වැනි කාන්තා රහස් රෝගවලට සුදු නිල පැලදීම යෝග්ය වේ. සිකුරුගේ අසුබ කිරණ ශරීරයට ඇතුළුවීම වළක්වයි. සුදු නිලක් පැලඳීමෙන් ධාතු ශක්තිය ප්රබල කරවයි. ස්ත්‍රීන්ට දරුපල ප්‍රමාද වීම, ගර්භාශ ගත දෝෂවලට, වේදනාවකින් තොරව පහසුවෙන් දරුවන් බිහි කිරීමට මෙම මැණික් පැලඳවීමෙන් හැකියාව ලැබේ. එකී දෝෂ තත්ත්වයන් අවම කරවයි. ගායක ගායිකාවන්ට තම සුමිහිරි මධුර කටහඬ නොනැසී එලෙසම පවත්වාගෙන යෑමට ඉවහල් වේ. එම නිසයි බොහෝමයක් සංගීතවේදීන් මෙම සුදු නිලක් එබ්බවූ ආභරණයක් පලඳින්නේ. සුව පහසු දිවි පෙවෙතකට මඟ පාදයි. යානවාහන භාග්යය ලැබේ. ආකර්ෂණීය ඇඳුම් විලාසිතා, මිහිරි ආහාර නිතර භාවිතයට වාසනාව පෑදෙයි. විශේෂයෙන්ම සිකුරු ග්‍රහයාගේ හිතකර බලපෑම නිසා ආදරවන්තයන්ගේ ආලය, ආදරය ස්ථීරසාරව පවතී. පවුල් ආරවුල් අවම කර සාමකාමී යුගදිවියක් ඇති කරයි. විවාහකයන්ගේ ලිංගික ශක්තිය උද්දීපනය කරවයි. ස්ත්‍රී පුරුෂ ආකර්ෂණය ඇති කරවයි. සර්වජන වශ්‍යකාරකය. පාරම්පරික මැණික් ශාස්ත්‍රයේ එන මැණික් පිළිබඳ මූල ග්‍රන්ථයන්හි මැණික් පැලඳවීමේ ගුණ එලෙස දක්වා තිබේ.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk