Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

සිකුරුට ආසන්න වන ලෙනාඩ් වල්ගා තරුව අපට කියන කතාව කුමක්ද ?

1 year ago 7 Min read
Subha.lk

මිනිසා ජීවත්වෙන පෘථිවියෙහි එක් එක් කාලයන්හිදී සූර්යග්‍රහණ, චන්ද්‍රග්‍රහණ සහ ධූමකේතු හෙවත් වල්ගා තරුවල බලපෑම විවිධාකාර අන්දමින් සිදුවේ.  මේවා අතරින් ධූමකේතුවක් හෙවත් වල්ගා තරුවක් පෘථිවියට දර්ශනය වීම අවාසනාවන්ත සිද්ධියක් ලෙස සමාජගත වී තිබේ. එය අතීතයේ පටන් පැවත එන සාම්ප්‍රදායක සිතුවිල්ලකි. අෑත අහසේ දර්ශනය වන මෙම ධූමකේතු අතරින් හේලිගේ වල්ගා තරුව සෑම වසර හැත්තෑහයකට වරක් පෘථිවියට දර්ශනය වන බව හේලි විසින් ප්‍රකාශ කර තිබේ. මේ පිළිබඳව අදහස් දැක්වූ කැල්ටස් නම් තුන්වැනි පාප් වහන්සේ මෙසේ පවසා ඇත්තේ හේලිගේ වල්ගා තරුව  “යක්ෂයාගේ ආයුධයකි” එනිසා එය සමාජයෙන් ඉවත් කළයුතු වස්තුවක් යනුවෙනි.

 

 හේලිගේ වල්ගා තරුව අහසෙහි පෑයීමෙන් පසුව එවකට පැවති ස්පාඤ්ඤ අධිරාජයාගේ පාලනය බිඳවැටීම ආරම්භ වී තිබේ. 1835 - 1836 කාලසීමාව තුළදී හේලිගේ වල්ගා තරුව යළිත් වරක් පෘථිවියට දිස්වී තිබේ. එම කාලසීමාව තුළ නිව්යෝර්ක් නගරය ගිනිගැනීම, දකුණු අප්‍රිකාවේ සුළු ජාතිකයන් සමූලඝාතනය වීම සිදුව ඇති අතර අල්මෝ ටෙක්ෂාන්හි ජීවත් වූ මිනිසුන් බහුල වශයෙන් ආහාර සඳහා සත්ත්ව ඝාතනයට පෙලඹී තිබේ.

 

1910 දී මෙම තරුව නැවතත් දිස්වීමෙන් සිදුවිය හැකි විපත්වලින් මිනිසා ආරක්‍ෂා කර ගැනීමට ඇමෙරිකාව බෙහෙත් පෙත්තක් හ¾දුන්වා දුන් අතර, ඊට අමතරව රක්‍ෂණයක්ද ලබා දී තිබේ. හේලිගේ වල්ගා තරුව දිස්වීමේ අනිසි ප්‍රතිඵල ලෙස පළමුවැනි ලෝක යුද්ධයත්, දෙවැනි ලෝක යුද්ධයත් ඇතිවීම නිසා විශාල මිනිස් සංහාරයක් සිදුවූ බව අතීත වාර්තාවලින් පැහැදිලි වේ. මේ නිසා විසිඑක්වැනි ශත වර්ෂය මනෝචිකිත්සකයන්ගේ වර්ෂය වශයෙන් හ¾දුන්වා තිබේ. එයට හේතුවී ඇත්තේ බොහෝ පිරිසක් විෂාදයෙන් පෙළීමයි. කාර්ඩන් නම් දෛවඥයා පවසන්නේ වල්ගා තරුවක් නැඟෙනහිරෙන් උදා වුවහොත් නීතිය දන්නා අය විපතට පත්වීමත්, අහසමැද උදා වුවහොත් තේජවන්ත පාලකයෙක් බිහිවීමත්, බටහිරෙන් උදා වුවහොත් මහජනතාව දැඩි පීඩනයට හසුවී විනාශවීමත් වශයෙනි. 

 

මෙවැනි ස්වාභාවික වෙනස්වීම්වලට අනුව පෙනී යන්නේ ලෝකය කොතරම් විද්‍යාත්මකව දියුණුවූවත්, මිනිසාගේ සාම්ප්‍රදායකව පවතින විශ්වාසයන් වෙනස් නොවන බවයි. මෙසේ ස්වභාව ධර්මය තුළින් සිදුවන විපර්යාස අහසේ වැඩ වාසය කරන දෙවියන්ගේ බලපෑමෙන් සිදුවන බව මිනිසා විසින් විශ්වාස කරයි. මෙම හේතුව මත අහසෙහි දර්ශනය වන සෑම වල්ගා තරුවකින්ම  කිසියම් බලපෑමක් පෘථිවිය කෙරෙහි පවතින බවට මිනිසා විසින් විශ්වාස කරනු ලබන්නකි. එවැනි බලපෑම් යහපත් මෙන්ම අයහපත් ඒවා විය හැකි බවද ඔවුහු පිළිගනිති. 

 

 

මේ අනුව 2021 දෙසැම්බර් ‍ෙදාළොස්වැනි දින පටන් පෘථිවියට කිලෝමීටර් මිලියන 34,000 අෑතින් පායා ඇති ලෙනාඩ් වල්ගා තරුව (ජධථඥබ තඥධදචපඤ)හේලිගේ වල්ගා තරුව මෙන් ග්‍රහ මණ්ඩලයට අයත් නොවන බව විද්‍යාඥයන්ගේ මතයයි. එහෙත් මෙම ධූමකේතුව හෙවත් වල්ගා තරුව දෙසැම්බර් දහඅට වැනිදා පටන් සිකුරු ග්‍රහයාට ආසන්නයෙන් ගමන් කරයි. ලෝකායත ජේ‍යාතිෂයට අනුව රවි ග්‍රහයා සහ සිකුරු ග්‍රහයා මේ අවස්ථාවේදී ගමන් කර ඇත්තේ අංශක දෙකක් පමණි. එමෙන්ම මෙදින කාලසර්ප යෝගයක්ද උදාවී තිබේ. 2022 ජනවාරි තුන්වැනිදා වනවිට රවි, ස¾දු සහ සිකුරු යන ග්‍රහයන් සමාන අංශකවල ගමන් කරමින් ධනු රාශියේ ගෝචරවේ. මේ අවස්ථාවේදී ලෙනාඩ්  වල්ගා තරුව මෙම ග්‍රහයන් තිදෙනාටම සමීපව ගමන් කරන ආකාරයක් පෙන්නුම් කරයි.

 

මෙම ග්‍රහ බලපෑම් සමඟ වල්ගා තරුව පෘථිවියට දිස්වීමට සමගාමීව ලෝක ආර්ථිකය බිඳවැටීම, ඉන්ධන මිල පහළයෑම ආසියාකරයට අයත් රටවල් අතර යුදමය තත්ත්වයන් නිර්මාණය වීමට පසුතලය සකස්වේ.

ලෙනාඩ්  වල්ගා තරුව පෘථිවියට දර්ශනය වන අවස්ථාවේ ලංකා කේන්දරයේ රැකියා කටයුතු නිවේදනය කරන දහවැනි භාවයේ කුජ ග්‍රහයා සමඟ කේතු යෝගවී සිටී. මහජනතාව, මහජන නියෝජිතයන් මෙන්ම විදේශ සබඳතා පිළිබඳ තොරතුරු හ¾දුන්වාදෙන ‍ෙදාළොස්වැනි භාවයේ සෙනසුරු, බුධ සහ ප්ලූටෝ යෝගවීමත් පෙන්නුම් කරයි. 2022 ජනවාරි තුන්වැනි දින උභය රාශියක් වූ ධනු රාශියේ රවි, ස¾දු සහ සිකුරු යෝගවීම සහ වල්ගා තරුව එම රාශියට ආසන්නව ගමන් කරන ආකාරයක් විද්‍යමානවේ.

 

මෙවැනි ග්‍රහ පිහිටීමක් පවතින අවස්ථාවකදී වල්ගා තරුවක් පෘථිවියට දර්ශනය වීමේ බලපෑම මෙසේ පැහැදිලි කළ හැකිය. රාජ්‍ය ආදායම් අඩුවීම, මහජන නියෝජිතයන් කෙරෙහි මහජනතාවගේ අප්‍රසාදය වැඩිවීම, රෝගපීඩා සහ මරණ බිය ඇතිවීම සිදුවේ.

 

සංහිතාඵල සංග්‍රහයට අනුව උභය රාශියක හෝ ඒ ආසන්නයේ සිතිජයෙහි දිස්වෙන වල්ගා තරුවේ බලපෑම මත ප්‍රභූන්ට, රාජ්‍ය පාලකයන්ට මාරක අපල උපද්‍රවවලට මුහුණදීමට සිදුවේ. ස්වාභාවික විපත්, නියඟ හේතුවෙන් කෘෂිකර්මාන්තයට හානිවේ. ආහාර හිඟය ඇතිවීමටත්, මහජනතාව කෝපයට පත්වීමෙන් රට තුළ අරගල මතුවීමටත් ඉඩ තිබේ. මෙවැනි පසුබිමක් තුළ රටත්, ජනතාවත් ආරක්ෂා කර ගැනීම රාජ්‍ය පාලකයන්ගේ මෙන්ම මහජනතාවගේද වගකීමවේ. ඒ සඳහා කළ යුත්තේ කුමක්ද?

 

අංශක තුන්සිය හැටක් ඇතුළත පවතින රාශි චක්‍රයේ සහ නැකැත් පන්තියට අනුව විවිධ අවස්ථාවලදී ධුමකේතු දර්ශනයවීම, චන්ද්‍රග්‍රහණ, සූර්යග්‍රහණ සිදුවීමෙන් සහ ග්‍රහ යුද්ධ ඇතිවීමෙන් විශ්වය තුළින් ලෝකයට නිකුත් කරන සංඥාවන් ප්‍රථමයෙන් මිනිසා විසින් අවබෝධ කරගත යුතුය. ඒවායින් සිදුවිය හැකි අයහපත් විපාක කල් ඇතිව තේරුම් ගැනීමට වල්ගා තරු, ග්‍රහණ, ග්‍රහ යුද්ධ හේතුවන බවත්, එම තත්ත්වන්ට මුහුණ දිය හැකි මානසික ශක්තිය මිනිසා විසින්ම සකස් කරගතයුතු බවත් තම සිතෙහි ආධ්‍යාත්මික ප්‍රබෝධය අවදි කරගත යුතුය. බල තණ්හාවෙන් ඉවත් වී වෛරය, ද්වේශය අත්හැරිය යුතුය. සමානාත්මතාව අගයන පරාර්ථකාමී මෙහෙවරක යෙදීමට හැකි මානුෂීය ගුණයන් වර්ධනය කර ගැනීමෙන් මෙවැනි ආපදාවන්ගෙන්  සිදුවන හානි අවම කිරීමට විපත්වලින් වැළකී තම ආරක්‍ෂාව තමා තුළ පවතින ධාර්මික ගුණයෙන් ලබා ගැනීමට ස්වභාවධර්මයෙන් බාධාවන් ඇති නොවේ.

 

කිවිපති

කල්‍යාණි හේරත් මැණිකේ (19/12/2021 මව්බිම පුවත්පතේ තරුපති විශේෂාංගය)

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk