Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

ටක්කෙටම හරියන පුරාණ කෙම් ක්‍රම.

1 year ago 7 Min read
Subha.lk
පිළිවෙත් කරන්නේ දුබල බව දුරු කිරීමටයි. අසුබ ග්රහයන් වෙනුවෙන් ග්රහයන්ට බලවත් වන දෙවිවරුන්ට පිළිවෙත් කරන්නේ අසුබය පීඩාවක් කර නොගැනීමටය. බුධ ග්‍රහයා ජන්මියකුට අසුබ වීම යනු එම ජන්මියා වා පිත් සෙම් ආදී තුන් දෝසින්ම පීඩාවට පත් වීමකි. සෙනසුරු ග්‍රහයා අසුබ වීම යනු ජන්මියාගේ ශරීරයේ වාතය කුපිත වීමකි. පාදයේ ආබාධ සෙනසුරුගේ අයහපත මත ජන්මියාට උදාවෙයි. දණහිස – පාදය එසවීමට නොහැකි වූවෝ සෙනසුරුගේ සරදමට ලක්වූවෝ වෙති. පිළිවෙතින් ග්‍රහයකු යහපත් කර ගැනීමට නොහැකි නම් කෙම් පිළිවෙතින් හෝ පිහිටක් පැතිය යුතුවෙයි. සියල්ල නිෂ්ඵල වූ තැන අවසානයේ කෙම් පිළිවෙත්හි සහනයක් පතන්නන්ද ඇත. අතීතයේ කෙම් පිළිවෙත් කරන ලද්දේ බැරිම තැන නොවේ. බැරි වීම ආරම්භ වූ විටමය. එය බැරි වීම දුරු වීම හෙවත් හරියෑමේ මාර්ගය උදාවීමයි. රාත්‍රියේ නිදාගන්නා විට උදේ අවදි විය යුතු වේලාවට සමානව ටොකු කිහිපයක් හිසට ගසාගෙන නිදාගැනීම ටොකු ප්‍රමාණයෙන් හැඟවෙන වේලාවට අවදිවෙන කෙම් පිළිවෙතකි. සෑම ජන සමාජයකටම ආවේණික ඇදහීම් _ විශ්වාස කෙම් පිළිවෛත් ගුප්ත කටයුතු ආදිය රැසකි. එය ආගම _ ජාතිය – සංස්කෘතිය වෙදහෙදකමටද එක සෙයින්ම වැදගත් වෙයි. අනාදිමත් කාලයක සිට ලාංකික ගැමි ජනතාව අතර පැවත එන කෙම් පිළිවෙත් ජනතාවගේ නිරෝගීතාව වර්ධනය කිරීමටද නිරෝගීතාව රැක ගැනීමටද මහෝපකාරී විය. ජේ‍යාතිෂය අනුව සෙනසුරු අසුබ වීම වාතරෝග වර්ධනය වීමක් නම් සෙනසුරු අයහපත්ව මකර රාශිගත වීම දණහිස සම්බන්ධ පීඩාව ඇතිවීමකි. ජන්ම පත්රයක දසවැන්නෙන් නිවේදනය වන දණහිස පීඩාව බටහිර සහ හෙළ වෙදකමේදී විවිධ අර්ථකථන සපයයි. අතීතයේ හේන _ කුඹුර පිය ජීවිතය කරගත් ගැමියා හටද දණහිසේ නොයෙකුත් ආබාධ ඇතිවිය. සිත කීරි ගස්සන සන්ධිගත වාතරෝග මේ අතර ප්‍රධාන වෙයි. අත පය වේදනාව ඉවසා දරා ගැනීමට නොහැකිවීම හතර හන්දි කඩාබිඳ දැමීමක් ලෙස රෝගියාට හැඟීයන්නේ අත් පා ඉදිමීමත් සමඟය. නැවීමට දිග හැරීමට හැකියාවක් නොමැති වීම මත වේදනාව විඳදරා ගැනීමට නොහැකි වූ විට ඇතැමුන් පවසන්නේ සෙනසුරා නියම ආකාරයටම තමන් හට පහරදුන් බවය. වාතය සෑම ශරීරයකටම ප්‍රධාන වෙයි. එය සෙමෙන් නිපදවා පිතෙන් ග්රහණය කොටගත් පදාර්ථයක් ශරීරයේ සෑම ඉන්ද්‍රියක් වෙතම ගෙනයනු ලබයි. වාතයේ විෂමතාව මත සියල්ල සිදුවෙයි. ශීත කළ ආහාරජීර්ණ නොවන ආහාර ආදී ආහාර පාන පරිසරය ජීවන රටාව නොගැළපීම් මත මෙම ආබාධය වර්තමානයට සැපත් වී ඇත. තෙල් සහිත කෙඳි රහිත ආහාර _ එකෙනෙකට නොගැළපෙන ආහාර – නොදිරවන ආහාර තුළින් ආහාර රසය පල්වී ආමය බවට පත්ව සන්ධිගත වීම ආමවාතයට හේතුවෙයි. රැකියාව මතද සන්ධි රෝග සෑදීමට ඉඩ ඇත. බර ඔසවන උදවියට දණහිස – වළලුකර සන්ධි රෝගද පාපන්දු ක්‍රීඩකයන්ට වළලුකරෙහිද අත්පන්දු ක්‍රීඩකයන්ට මැණික් කටුවෙහිද සන්ධි රෝග ඇති විය හැකිය. පැරැණියනට මෙම රෝග අවම වීමට හේතුව කුමක්ද? හීල් හැළිය දන් කුඩ බත්, හීන් පලා ලනු ලුනුත්, පොල් ද යොදා එයට දියත්, බොනුව රක්ත වාත නසත්, පැරැණියත් දිය බතේ ඔෟෂධීය අගය දුටුවේ එලෙසය. එදා ගැමි ජනයා රක්ත වාත පීඩාවෙන් තොරව තම දෛනික කටයුතු සාර්ථක කරගත්තේ මුළුතැන්ගෙය ඇසුරින්මය. බුදු රජාණන් වහන්සේද අනුදැන වදාළ එක්තරා සරල ආහාරමය ඔෟෂධයක්ද විය. ආයුෂය – ශරීර වර්ණය – සැපය _ බලය _ නුවණ යන පස්වැදෑරුම් සම්පත් ද ශරීරයේ වාතය සමනය වීම, ආමාශය පිරිසුදු වීම ආදී ශරීරයට අත්‍යවශ්ය ගුණයන්ද හිමිවන මෙම ඔෟෂධීය ආහාරමය පානය ලුණු කැඳය. ලුණු කැඳ සෑහෙන ප්‍රමාණයක් දිනපතා පානය වාත කුපිත වීම් ශරීරයෙන් දුරුවීමට ඉවහල් වෙයි. වාත රෝගවලදී දණහිස ඉදිමීම සහ වේදනාව වැඩි වශයෙන් පැවැතියේ මෙයට දශක දෙකකට පමණ පෙරය. මැදිවියේ කාන්තා පක්ෂය මුළුතැන්ගෙය ළිප අසල හිඳ ආහාර පිසීම ආදී කරුණු මත මෙම රෝග බහුල විය. කෙම් පිළිවෙත්වලදී කතාබහෙන් තොරව එඬරු ඇට මද, මී ඇට මද වෙන වෙනම කබලේ බැඳ එළඟිතෙලින් අඹරා ගෑම දණහිස වේදනාව දුරු වීමට මඟකි. විවිධ වූ ආලේපතැවිලි තෙල් ගෑමද යෝග්ය වේ. කොපමණ ප්‍රතිකාර කළද අත් ගුණය ඇත්තාගේ බලමහිමය මත රෝග දුරු වීම සිදුවෙයි. ප්‍රතිකාර සාර්ථක වීම සිදුවෙයි. කෙම් පිළිවෙතටද එය අවැසිම අංගයකි. හඳහනෙන් උපතේදී බලපාන ග්රහ ශක්තිය තීරණය කළ හැකිය. අත්ගුණය ඇත්තෝ සරු ලෙස අස්වැන්න ලබති. කෙසෙල් කැනක් කැපීමේදී අත් ගුණය මත කැනෙහි ඉදීම වටහා ගැනීමට හැකිවෙයි. වෙදකමට මෙන්ම හෙදකමටද අත්ගුණය මූලික වෙයි. ඉපැරැණි කෙම් පිළිවෙතින් පාරම්පරික ඥානයෙන් සහ අත්ගුණයේ බලමහිමයෙන් වර්තමානිකයන්ට ගැටලුවක් වූ සන්ධි ප්‍රදාහයට සරල ප්‍රතිකර්මවලින් නිසැක සුවය ලද හැකිය. එවැනි වෙදැදුරන් රිසිව සොයාගත නොහැකිය. නිසිව හඳුනාගත නොහැක්කේද නොවේ.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk