Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

විසකුරු සර්පයන් ගෙට එයි කියලා බයයිද? එහෙනම් මේ ගාථාව කියන්න

1 year ago 7 Min read
Subha.lk
සර්පාදී විසකුරු සතුන්ගෙන් සිදුවන උවදුරු වර්තමානයේ බහුලවම දැකගත හැකිය. වර්තමානයේ ජනතාව පීඩා විඳින මේ සර්ප උවදුරු සඳහා ඉතා වටිනා පිළියමක් අපි මේ ලිපියෙන් සාකච්ඡා කරමු. දිනක් භාග්‍යවතුන් වහන්සේ ජේතවනයේ වැඩ සිටි විටෙක එක්තරා භික්ෂුවක් නාගයකුගේ දෂ්ටනයෙන් කාලක්‍රියා කළහ. අනෙක් භික්ෂුන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට මේ පිළිබඳව සැලකොට සිටියහ. එවිට බුදුරදුන් විසින් භික්ෂුන්ට මෙසේ වදාළහ. “මහණෙනි, මේ මියගිය භික්ෂුව කිසිදා කිසිවිටක සර්පයන්ට මෛත්‍රිය නොපෙන්වූහ. මහණෙනි, මේ භික්ෂුව සර්පයන් හට මෛත්‍රිය පැතිරුවේ නම් කිසි විටෙක සර්ප දෂ්ටනයෙන් අපවත් නොවන්නාහ.” එවිට භාග්‍යවතුන් වහන්සේ සර්පරාජ කුල සතරක් ඇති බව වදාළහ. එනම්, 01 විරූ පක්ඛ නම් වූ සර්පරාජ කුලය, 02 ඒරාපථ නම් වූ සර්පරාජ කුලය, 03 ජඛ්‍යාපුත්ත නම් වූ සර්පරාජ කුලය, 04 කණ්හාගෝතමක නම් වූ සර්පරාජ කුලය, යන මේ සතර සර්පරාජ කුලයයි. ඛන්ධ පරිත්තයට (කඳ පිරිතට) අනුව ඉහත කී සර්පරාජ කුලවලට මෛත්‍රි නොකළ බැවින් පෙර කී භික්ෂුව සර්ප දෂ්ටනයෙන් කාලක්‍රියා කළහ. දැන් අප සඳහන් කරන්නේ සර්පාදී විසකුරු සත්ත්ව උවදුරුවලින් මිදීමට උපකාරී වන බුදු මුවින් වදාළ ඉතා බලගතු, මෛත්‍රිය ගැබ් වී ඇති, ප්රබල ගාථා තුනකි. ”විරූප්ක‍ෙඕහි මේ මෙත්තං, මෙත්තං ඒරාපයේහි මේ, ඡඛ්‍යා පුත්තේහි මේ මෙත්තං, මෙත්තං කණ්හා, ගෝතමකේහිච, අපාදකේහි මේ මෙත්තං, මෙත්තං දිපාදකේහි මේ, චතුප්පදේහි මේ මෙත්තං, මෙත්තං බහුප්පදේහිමේ, මා මං අපාදකෝ හිංසි, මා මං හිංසි දිපාදිකෝ, මා මං චතුප්පදෝ හිංසි, මා මං හිංසි බහුප්පදෝ ” ඉහත ගාථා රත්න තුන නිතර උදේ සවස භාවිත කරන්න. මහා වන මැදින් ගමන් කරන විට නිතර සිහියට නඟා ගන්න. ඔබේ සිතින් මුවින් පිටවෙන මෛත්‍රියේ බලයෙන්–ආනුභාවයෙන්ම ඔබ ආරක්ෂා වේවි. හැකි නම් උදේ සවස ඛන්ධ පිරිත සජ්¿ධායනා කරන්න. ලැබුවා වූ නව වසර සත්ත්ව කරදරවලින් තොරව සුබ නව වසරක් කරගැනීමට ඉහත ගාථා තුන බෙහෙවින් උපකාරී වේ.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk