Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

විවාහය ගැන 7 වැන්නා කියන කතාව

1 year ago 7 Min read
Subha.lk
ජීවිතයේ ප්රධානම කොටසක් වන විවාහයට යහපත අයහපත උදාකරන්න විවිධ කරුණු බලපායි. එය කල් ඇතිව දැන ගැනීමට හැකි නම් එය කළමනාකරණය කර ගැනීම තුළ කෙතරම් දෙයක් කරගැනීමට හැකිවනු ඇත්ද? ජ්යොතිෂ්ය විෂය තුළ එය සිදුවන ආකාරයන් මනාවට දක්වා ඇත. විවාහයට ජ්යොතිෂයට අනුව බලපාන ප්රධාන කරුණු අතර සිකුරු ග්රහයාගේ බල දුබලතාවන්ද හත්වැන්නේ සිටින ග්රහයන්ද ප්රධාන වශයෙන් බලපානු ඇත. ඉන් ඕනෑම ජන්ම පත්රයක හත්වැන්න තුළ සිටින ග්රහයන් අනුව කුමන ප්රතිඵලයක් ළඟා කරනවාද යන්න මේ තුළින් විග්රහ කර පෙන්වයි. 1.රවි ග්රහයා හත්වැන්න තුළ නම් - තමාට හමුවන සහකරු සහකාරිය උසස් පෙළපතකින් පැවත එන්නෙක් වේ. යම් උඩඟු බවක් අහංකාර ස්වභාවයක් දක්වයි. විවාහය ප්රමාද වීමට ඇතැම් විටෙක හේතු වේ. දුරදිග දැක්මෙන් ඉවසීමෙන් කටයුතු කළ යුතුයි. 2.සඳු ග්රහයා හත්වැන්න තුළ නම් - සහකරු සහකාරිය හැඟුම්බර දැකුම්කලු ස්වභාවයක් දරයි. යහපත් සඳු විවාහය යහපත් කරවන අතර පාප පීඩිත සඳු සහකරු /සහකාරියට මානසික පීඩා ඇති කරයි. 3.අඟහරු හත්වැන්න තුළ නම් - මෙය දුර්වල පිහිටීමකි. මෙම දෝෂය බිඳෙන්නට හත්වැන්න තුළම අඟහරු සිටින දෙදෙනෙක් එක්වීම ඉතාම යහපත් වේ. එසේ නොවුණහොත් විවාහයේ කල්පැවැත්මක් නැත. සහකරු /සහකාරිය රාගාධික අයකු වේ. 4.බුධ හත්වැන්න තුළ නම් - සහකරු සහකාරිය ව්යාපාරික, පොත්පත් ලිවීම ආදී ක්ෂේත්රයක සම්බන්ධ අයකු විය හැකිය. ධනවත් උගත් අයකු වේ. ලිංගික ජීවිතය පිළිබඳ යම් ගැටලුදායක තත්ත්වයන් මතුවිය හැකිය. 5.ගුරු හත්වැන්න තුළ නම් හොඳ උගත් කරුණාවන්ත අයකු සහකරු සහකාරිය ලෙස ලැබිය හැකිය. විවාහයෙන් පසු ආදායම් තත්ත්වය ජයග්රහණය කරයි. විවාහය ප්රමාද විය හැකිය. 6.සිකුරු හත්වැන්න තුළ නම් - සුබවාදී සිකුරු නම් සහකරු සහකාරිය රූප ස්වභාවයෙන් හෙබි අයකු වේ. විවාහයෙන් පසු මූල්ය ප්රතිලාභ අත්කර ගනී. ජන්මියා ද කලාත්මක කුසලතා පෙන්නුම් කරයි. 7.සෙනසුරු හත්වැන්න තුළ නම් - සහකරු /සහකාරිය වයසින් වැඩි විය හැකිය. කාර්මික ක්ෂේත්රයන්ට අයත් අයකු විය හැකිය. අධිෂ්ඨානයෙන් සෙමින් කටයුතු කරයි. සෞඛ්යය තත්ත්වය අයහපත් වේ. ප්රමාද වී විවාහය සිදු වේ. 8.රාහු හත්වැන්න තුළ නම් - සහකරු සහකාරිය වෙන්වීම, නැති වීම, විවාහයේ ගැටලු, සම්මත චාරිත්ර වලට පටහැනි විවාහ සිදු විය හැකිය. විශ්වාසවන්ත භාවය පිළිබඳ ප්රශ්න ඇති වේ. 9.කේතු හත්වැන්න තුළ නම් - විවාහය දුක් කරදර සහිත වේ. නොගැළපෙන විවාහයන් සිදුවිය හැකිය. බිරිය රෝගී තත්ත්වයන්ට පත් වේ.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk