Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

ආරක්ෂක අංශයේ ඉහළ තනතුරක් ලැබෙයිද? අත බලා දැනගන්න

1 year ago 7 Min read
Subha.lk
මාගේ ලිපිවලින් විවිධ රැකියා සඳහා කරන අතර මෙවර ලිපියෙන් ආරක්ෂක බලපාන හස්ත රේඛා සලකුණු ඉදිරිපත් සේවාවන් කෙරෙහි බලපාන හස්ත රේඛා සලකුණු ඉදිරිපත් කරමි. ඕනෑම රැකියාවක් කිරීම පිළිබඳව තම තමන් තුළ රුචිකත්වයක් තිබිය යුතුය. ඒ සඳහා යොමු කරවන සලකුණු හස්ත රේඛා ශාස්ත්රයේ ගැබ් වී ඇත. එම සලකුණු බොහෝ වන අතර එයින් කිහිපයක් මෙසේ සඳහන් කළ හැකිය. ඒ සඳහා බලපාන රේඛා සලකුණු අතර කුජ මණ්ඩලයන් කුජ රේඛාවන් හා රවි, බුධ, ගුරු යන මණ්ඩලයන්හි බලපෑමද තදින් බලපානු ඇත. මෙහි කුජ මණ්ඩලයන් පූර්ණ බලයෙන් යුක්ත විය යුතුය. කුජ මණ්ඩලයන් දුර්වල අය තමයි ටික කාලයක් ආරක්ෂක සේවාවන්හි නිරතව සිට වෙනත් රැකියා හා යොමුවන්නේ. කුජ පළමු මණ්ඩලයන්, සඳු මණ්ඩලයන් ප්රබල වූ අය නාවික වෘත්තියේ යෙදේ. බුධ මණ්ඩලය හා කුජ දෙවැනි මණ්ඩලයන් බලවත්ව උපන් අය ගුවන් හමුදාවට ප්රිය කරයි. ආයුෂ හෙවත් ජීවන රේඛාව දිගින් වැඩිම පැහැදිලිව වැටී කුජ රේඛාවන් දෙකක් වැටී තිබීමෙන් එවැනි අය දිගුකාලයක් තම ආරක්ෂක සේවාවන්හි යෙදෙන අතර රැකියාවේ ඉහළ දියුණුවක් ලබයි. කුජ පළමු හා දෙවැනි මණ්ඩලයන් හොඳින් වැටී ඇති අය ආරක්ෂක සේවාවන්ට කැමැති අතර ඔවුන් දක්ෂ ක්රීඩකයන් වන අතර විවිධ සටන් ක්රමයන් කෙරෙහි ඇලුම් කරයි. මෙවැනි සලකුණු පිහිටා කුජ මණ්ඩලය තුළ වැටෙන බාධක රේඛා හා කැපී තිබීමෙන් එම අත්ල හිමියා රාජකාරී ව් මට්ටමේදී විවිධ අනතුරු, මාරක, විපත්වලට ලක්වන බව පෙනේ. ගුරු, බුධ, රව් යන මණ්ඩල සමඟ කුජ මණ්ඩලයන් බලවත් වූ අය න් ආරක්ෂක අංශයේ ඉහළ තනතුරු තාන්නමාන්නවලට ලක් කරවයි. ඇඟිලි දික්වීම රවුම් වෘත්තාකාර සුලු සලකුණු වීම හා බලවත් දෛවය හා රවී රේඛාවක් පිහිටීමෙන් එවැනි රැකියාවල ඉහළම තනතුරුවලට ලක් කරවන යෝගයන්ය.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk