Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

ව්යාපාර බංකොලොත් වෙලාද? - මෙන්න විසඳුම

1 year ago 7 Min read
Subha.lk
මන්ත්රය - “ඕං ශ්රීං ශ්රීං ශ්රීං ටිං ශ්රීං ස්ත්රී - පුරුෂ වශී කර් ශ්රීං බුවනාධිපතියේ නම: ” (ලක්ෂ වාරයක්) ක්රමය - සුබ දිනක මෙම යන්ත්රය තඹ තහඩුවේ පන්හිඳකින් ඇඳ සඳුන් තෙල් ගා යකඩ ඇණ නොගැසූ ලී පුටුවක් ගෙන කෙසෙල් කොළයක් දමා ඒ මත පුවක් මල් අතුරා, මල් වර්ග 5,රතු නෙළුම් මල් 7, විලඳ, මී පැණි, හබල පෙති, මුද්රිස් පලම්, සූකිරි, බෙලි කොළ, හඳුන් කූරු, කපුරු, සාබ්රාණි, පහන් 1 පුදට තබා යන්ත්රයේ මැද (නම) තියන තැනට ඔබගේ හෝ ව්යාපාරයේ නම ලියා තුන් නූල් පටකින් යන්ත්රය වෙළා මල් අසුනේ තබා නා පිරිසුදුවී සුදු වස්ත්රයෙන් සැරසී මස් මාංසයෙන්, ස්ත්රී සේවනයෙන් වැළකී මල් පහන් පුදා, තුනුරුවන් වැඳ විෂ්ණු, ලකෂ්මී හා සුනියම් දෙවිඳුට පහන් දල්වා අවසර ගෙන සාම්ප්රාණි දුම් දෙමින් ශ්රී රාම දිෂ්ටියෙන් 21 වර මතුරා ඉහත සඳහන් මන්ත්රයෙන් ලක්ෂ වාරයක් ජීවම් කර ප්රාණ, සිද්ධි,පුට,පලිප්පු, මන්ත්රවලින් නිම කරවා රන්, රිදී, පස්ලෝ සුරයක ගෙල පලඳිනු. නැතිනම් රාමු කර ව්යාපාරයේ එල්ලා තබා උදේ - සවස දුම් අල්ලනු. රාමු කිරීමට අඟල් 6×6ට අඳිනු ගෙල පැලඳවීමට පළල අඟල් 2ටද දිග අඟල් පිටද යන්ත්රය අඳින මෙය පලඳින අය සදහටම ගව මස් කෑම නතර කළ යුතුයි. සර්වජන ආකර්ෂණයට, ව්යාපාර දියුණුවට ඉතා සුබයි.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk