Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

වහලය හරියට නොගැහුවොත් සේරම ඉවරයි

1 year ago 7 Min read
Subha.lk
නිවාස ඉදිකිරීමේදී ලණු ඇදීම, අත්තිවාරම් බැඳීම, මුල්ගල තැබීම, බිත්ති බැඳීම, උළුවහු තැබීම, ගෙට ගෙවැදීම වැනි අනිකුත් නැකැත් ඉතා බලවත් වේ. මුදුන් නැකැත් විය යුතුය. එසේම නිවෙසක ප්රධාන අංගයක් වන වහලය ගැසීමද චක්රයන්ට එල්ල වන සේ නැකැත් ගත යුතු බව වාස්තු විද්යාව උගන්වයි. වහලය ගැසීම සඳහා පුර පක්ෂයේ දිනයක සුදුසු වේලාවක් ගත යුතු අතර රවි හෝරාව ගෙන යටලීය තැබිය යුතුය. සම්ප්රදායක් හැටියට දහවල් දොළහට ප්රථම වහලේ වැඩ ආරම්භ කළ යුතු යැයි සඳහන් වේ. එහෙත් බොහෝ සුබ කටයුතු සඳහා සන්ධ්යා කාලයේ උදාවන ‘ගෝධුලී මුහුර්තය' ද අනිකුත් කරුණු සුබදායක ලෙස ගැළපේ නම් මෙම මුහුර්තය ද යොදාගත හැකිය. මේ සඳහා යෙදෙන නැකැතට රවි හේරාව යටලී තැබීමටත් බුධ හෝරාව පරාල ගැසීමටත් සිකුරු හෝරාව වහලය සෙවිලි කිරීමට ද යොදා ගත හැකිය. වහලය රඳවන්නේ බාල්ක මතය. මේ නිසා මේ බාල්ක නිවෙසේ හරස් අතට දැමිය යුතු අතර දිග අතට දැමීම සුබ නැත. එසේ දමන බාල්ක නන්දා, භද්රා, ඡායා ආදී වශයෙන් බෙදෙන සුබ පාදයකට වැටෙන සේ දැමිය යුතුය. නිවෙසේ මර්මස්ථානයක් වන බ්රහ්ම පාදය මඟහරවා මෙම බාල්ක තැබිය යුතු අතර උළුවහු ජනෙල් මත බාල්ක තැබීම සුදුසු නැත. බාල්කය දමන උළුවස්ස මත යට ලී පිරිද්දමින් වුවහොත් ගෘහ මූලිකයාට මාරක විපත් ගෙන දේ. එම පිරිද්දුම මංගල උළුවස්ස වුවහොත් ගෘහ මූලිකයාගේ විනාශය සිදු වේ. ජනෙල් කණු මත හා ජනෙල් මතද බාල්ක නොතැබිය යුතු අතර යටලී පිරිද්දුම් හසුකර බාල්ක නොතැබිය යුතු වේ. බාල්කය තනි ලීයක් වීම වඩාත් සුබයි. මුදුන් යටලීය මූට්ටු 3න් සම්බන්ධ වීම අසුබ වේ. මුදුන් යටලීය මුදුන් බිත්ති තුනක් මත තැබීමද අසුබ වේ. මුදුන් යටලීය යට කුරුපා තුනක් සම්බන්ධ වීමත් මුදුන් බිත්ති දෙකක් මැදි වන සේ එක කුරුපාවක් තැබීමත් අසුබයි. මුදුන් යට ලීයේ පිරිද්දුම් අනෙකුත් යටලීවල පිරිද්දුම් එක කෙළින් තිබීමද අසුබ වේ. මුදුන් යටලීයට යෙදෙන පිරිද්දුම්ද සුබම පාදයක තිබිය යුතු වන අතර එම යටලී ඔත්තේ ගණනක් විය යුතුය. මුදුන් යටලීයට ගන්නා කොටසක් ගෘහමූලිකයාගේ උසට වඩා දිගින් වැඩි විය යුතු වේ. මුදුන් යටලීයේ හරි මැදට පරාල ගැසීම අසුබ වන අතර එසේ වුවහොත් බ්රහ්ම පාදයට එල්ල වීමෙන් වේධ දෝෂයන් හට ගනී. මුදුන් යටලීයේ හෝ අනික් යටලීවල පිරිද්දුම් මත පරාල ගැසීමද අසුබයි. මුදුන් යටලීය හරි කෙළින් බටහිරට දිසාගත කිරීමද අසුබයකි. මුදුන් යටලීය හරි කෙළින් දොරවල් සමාන්තරව තැබීමද අසුබ වේ. තවද මුදුන් දොරත්, ජනේලයත් තිබීමද ඉතා අසුබයි. මුදුන් හෝ අනිකුත් යටලී ළිඳ කෙළින් පිහිටා තිබීමද දෝෂයකි. මුදුන් යටලීය මත වදින දෙබිඩි වහලවල් එක හා සමාන නොවීමද දෝෂයකි. හරි හතරැස් වහලයද දෝෂයකි. විශාල ගෙවල්වල වැටෙන වහලවල් ඔත්තේ සංඛ්යාවක් විය යුතුය. නිවෙසේ අලංකාරය සඳහා යොදවන පියැසි අසුබ දිසාවන්ට ලක් වීමද අසුබය. වහලය යටින් සිවිලිම ගැසීමෙන් සුළු සුළු දෝෂ ඉවත් වුවත් මහා දෝෂ ඉවත් නොවේ. වහලය සඳහා ගන්නා දැව කලින් භාවිත කළ ඒවා නොවිය යුතුය. නව නිවෙසට නව දැව යොදා ගත යුතු අතර නිවෙසේ වහලය බොහෝ උස්ව තිබීමත් ඉතා අසුබයි. වහලය ගැසීමේදී වාස්තු පුරුෂයාගේ වම් ඇලයට වදින ඇණ මරු ඇණ වශයෙන් ගැනෙන නිසා එම ස්ථානයන් මඟ හරවා ඇණ ගැසිය යුතුය. පරණ වහලක් ගැලවීම හා අලුත් වහලක් ගැසීමද නිවෙසේ ගැබිනියක සිටින අවස්ථාවේ නොකළ යුතුය. වහලය ගැසීමේදී එකම ලී වර්ගයක් හෝ ලී වර්ග තුනකට වැඩි ලී වර්ගද ගැනීමද අසුබ යැයි සම්මත වේ. එම වහලයට ගන්නා දැව වර්ග තුනකට වඩා වැඩි වීමෙන් එම වහලය ගැසීමට ගන්නා තත්කාලයේ නැකැත් බලය විනාශ වන බවත් පොත පතෙහි සඳහන් වේ. තම උත්පත්ති කේන්දරයේ හතර වැන්නාධිපතියාගේ පිහිටීම අනුව සුළු සුළු දෝෂ ඉවත් වුවත් මහා දෝෂ ඉවත් නොවන බව කියවේ. වර්තමානයේ සිටින වඩුවන් වැඩි දෙනෙක් මෙම කරුණු නොදන්නා අතර තම දියුණුව පතන ඕනෑම කෙනෙක් අත්දැකීම් ඇති අවංක, හිතවත් වඩුවන් තමාගේ කුලුපග කටයුතුවලට යොදාගත යුතු බව විශ්වකර්ම ප්රකාශයේ පවා සඳහන් වේ.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk