Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

නිවැසියන් ලෙඩ කරන නාන කාමරයේ වාස්තු

1 year ago 7 Min read
Subha.lk
නිවෙස්වල වාස්තු පිළිබඳ අධ්යයනය කිරීමේදී ගෘහාංගවල විවිධ වෙනස්වීම් සිදුව ඇති බව පෙනේ. අතීතයේ නිවෙසින් ඈත ස්ථානයක පිහිටුවා තැබූ වැසිකිළියත් ස්නානය සඳහා භාවිත කළ පොදු ස්ථාන (ළිං, පොකුණු ආදියත්) එක්කොට වර්තමාන නාන කාමර නිර්මාණය කර ඇති බවක් පැහැදිලි වේ. එබැවින් නාන කාමර පිළිබඳ වාස්තු සිද්ධාන්ත ගැන විමසීමේදී ස්නානයට මෙන්ම වැසිකිළියකට අදාළ වාස්තු එකවිට සලකා බැලීම අත්යවශ්ය වේ. ඒ අනුව ඊට බද්ධවම පිහිටුවා ඇති බැවින් අප ජලය රැස් වන ටැංකියක්, අසුචි තැන්පත් වන ස්ථානයත් පිළිබඳ ද අපගේ අවධානය යොමු කළ යුතුව ඇත. එහිදී ද අප විසින් නිවැරදි ලෙස සොයා ගත් මධ්යයේ (බ්රහ්ම බින්දුවේ) සිට දිශාවන් අට සලකමින් මෙකී නව මාදිලියේ ගෘහාංගය පිහිටු වීම පිළිබඳ සිතා බැලිය යුතුවේ. ඒ අනුව වත්මන් නාන කාමරය පිහිටු වීමට ඉතා උචිත ස්ථානය වන්නේ වයඹ දිශාවයි. වයඹ දිශාව යොදා ගැනීමේදී සැලකිය යුතු කරුණු වන්නේ එය කිසිසේත් උතුරු දිශාවට බර නොවන සේ පිහිටුවිය යුතු වීමයි. එහිදී අප විසින් මේ සඳහා යොදා ගත යුතු විකල්ප දිශා වන්නේ බස්නාහිර හෝ දකුණු දිශාවන් බව ද සිහිපත් කර ගත යුතුවේ. එහිදී ද පරෙස්සම් විය යුතු වැදගත්ම කරුණ වන්නේ නිරත දිශාවට බර නොවන පරිදි බස්නාහිර හෝ දකුණු දිශාවට මේ ගෘහාංගය ස්ථානගත කිරීමයි. එසේම නාන කාමරයක් හැකි සෑම අවස්ථාවකදීම වියළිව පිහිටුවා ගැනීම අත්යවශ්ය වේ. මේ සඳහා ඉදිකිරීම් සිදු කිරීමේදී ම විධිමත්ව සකසන බෑවුමක් අවශ්ය වන අතර, එසේ සකස් කොට නැත්නම් යම් මෙවලමක් උපයෝගි කොටගෙන හෝ විටින් විට වතුර ඉවත් කිරීම හෝ සිදු කළ යුතු වේ. එයට අමතරව වැසිකිළියක් ලෙස භාවිතයේදී යොදා ගන්නා කොමඩ් එකේ පියන නිරන්තරයෙන් වසා තැබීමට පුරුදු විය යුතුව ඇත. එසේම නාන කාමරයේ දොර ද හොඳින් වසා තිබීම අතිශයින් වැදගත් වේ. මේ සඳහා ස්වයංක්රීයව දොර වැසීමේ මෙවලමක් භාවිත කිරීම වඩාත් උචිත ක්රමයයි. අවසාන වශයෙන් අවධාරණය කළ යුතු දෙයක් වන්නේ ඕනෑම දිශාවක පිහිටු වනු ලබන නිදන කාමරයක මධ්යයේ සිට ඊශාන දිශාවට බරව බද්ධ වැසිකිළියක් (නාන කාමරයක්) කිසිදු හේතුවක් මත ඉදි කිරීම සිදු නොකළ යුතු බවයි. එසේ ඉදි කොට ඇත්තේ නම් කල් නොයවා වියළි ලුණු කැට භාජනයක් එහි ඇතුළත තබා හැකි ඉක්මනින් ඉදිකිරීම් වෙනසක් සඳහා කටයුතු කළ යුතු වන්නේ පිළිකා ආදී බියකරු රෝග තත්ත්වයක් උද්ගත වීමට මේ හේතුව බලපෑ හැකි බව පර්යේෂණාත්මකව තහවුරු වී තිබීම නිසයි. අන් ගෘහාංගවලට වඩා වැසිකිළියක් සහිත නාන කාමරයක් ස්ථානගත කිරීමේදී විශේෂ අවධානයක් යොමු කිරීම අත්යවශ්ය වන්නේ ඉහත කී කරුණ නිසාය.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk