Blogs - Subha.lk
Subha.lk

L o a d i n g . . .

Subha.lk Menu
Log in Register

උපතින් පිහිටන ධන යෝග හඳුනා ගනිමු සැඟවුණු වාසනාවන්ද මතුකර ගත හැකිය.

1 year ago 7 Min read
Subha.lk
ධනවත් වීමට මෙන්ම සැපවත් ජීවිතයක් ගත කිරීමට අකැමැති අයකු සමාජයේ නොමැත. ධනවත් වීමේදී ජේයාතිෂය අනුව උදාවන වාසනාව පිළිබඳ සලකා බලමු. ලග්නාධිපතිපළමුවැනි,දෙවැනි,පස්වැනි,නවවැනි,දහවැනි,එකොළොස්වැනි, ෙදාළොස්වැනි භාවයන්හි උපතේදී තැන්පත්ව තිබීම ධන ලාභ හිමිවීම, ව්යාපාර දියුණුව, යාන වාහන, භූමි ලාභ ලැබීමට හේතුවේ. රවිගේ රාහු අතුරු දශා කාලය, කුජගේ රාහු අතුරු දශා කාලය, රාහුගේ රාහු අතුරු දශා කාලය ලොතරැයි- සූදු යනාදී ක්‍රමවලින් ධනවත් වීමට මඟ පෑදෙයි. සඳුගේ රාහු අතුරු දශා කාලය, කුජගේ ගුරු අතුරු දශා කාලය, රාහුගේ සිකුරු අතුරු දශා කාලය, ගුරුගේ රවි අතුරු දශා කාලය, සිකුරුගේ සිකුරු සහ සඳු අතුරු දශා කාලයත් හදිසි ධන ලාභ ලැබීමට හේතුවන වාසනාවන්ත කාලවකවානුය. රවිගේ ගුරු අතුරු දශා කාලය, රවිගේ සිකුරු අතුරු දශා කාලය හිමිවීමට ඇති ධනය හිමිවන අතර සඳුගේ සිකුරු, ගුරුගේ ගුරු, බුධගේ සිකුරු, සිකුරුගේ බුධ අතුරු දශා කාලයත් අධික ධන ලාභ ලැබීමට හේතුවෙයි. සඳු මහ දශාවේ සඳු අතුරු දශාව, ගුරු අතුරු දශාව, රාහුගේ කුජ අතුරු දශාව, ශනිගේ බුධ අතුරු දශාව, බුධගේ ගුරු අතුරු දශාව, සිකුරුගේ ගුරු අතුරු දශාව ඉඩම්, වස්තු, යාන වාහන, නව ආදායම් මාර්ගවලින් ඉමහත් ලෙස ධනය ගලා එන අතුරු දශාවන් වේ. කුජගේ කුජ අතුරු දශා කාලය, ගුරුගේ ශනි අතුරු දශා කාලය, ශනිගේ ගුරු අතුරු දශා කාලය මැණික් ලැබීම, පරම්පරා ධනය ලැබීම, තැන්පත් ධනය වර්ධනය වීම මඟින් ධනවත් ජීවිතයකට උරුමකම හිමිවෙයි. කුජගේ මහ දශාවෙහි රවි අතුරු දශා කාලයේදී විවිධ අයථා ක්රම මඟින් ධනය උපයා ගැනීමේ අවස්ථාව හිමිවෙයි. සෙනසුරු ඒරාෂ්ටක කාලයේදී 3, 6, 10, 11 භාවයන්හි සෙනසුරු යහපත් ලෙස යෙදෙයි. තුලා, ධනු, මකර, කුම්භ ලග්න විශේෂ වන අතර ඉතිරි ලග්නවලටද අයහපතක් නැත. ධනය ලැබීමද යහපත්ය. අධියෝගය, සුනඛ යෝගය, උභයාචාරී යෝගයද, ධන මාලිකා යෝගය, ශුභ මාලිකා යෝගය, කලත්ර මාලිකා යෝගය ආදී මාලිකා යෝගයන්ද ධනය හිමිවන යෝගයන්ය. ඔබේ පක්‍ෂියා රජවන පංච පක්ෂි සූක්‍ෂ්ම හෝරාවන්ද, උපන් දිනය, ලග්නය, උපන් නැකැත භාවිතයෙන් මෙන්ම, යන්ත්ර හා ග්රහ පූජාවන් මඟින්ද සැඟවුණු වාසනාව උරගා බැලීමට හැකියාව ඇත.

Advertisements

subha.lk subha.lk subha.lk
Privacy Policy, Terms & Conditions
© Copyright 2023 Subha.lk